ව්‍යාජ වීසා භාවිතා කරමින් තුර්කිය හරහා ඉතාලියට යාමට උත්සහ කළ උතුරේ තරුණයෙකු කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොෙළේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු යාපනයේ කල්අඩි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.
ඔහුගේ ගුවන් ගමන් බලපතේ අට වතාවක් තුර්කිය හරහා ඉතාලියට ගිය බවට ආගමන විගමන ම්‍රද්‍රා තබා තිබූ බවත් ඒ සියල්ල ව්‍යාජ ම්‍රද්‍රා බව පොලීසිය කියයි.
මීගමුව ප්‍රදේශයේ පදිංචි තැරැව්කරුවෙකු විසින් සැකකරුට මෙලෙස ඉතාලි යාම සඳහා ලියකියවිලි සකස් කර ඇති බව කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සැකකරු තුර්කි ගුවන් සේවයට අයත් ටී.කේ 731 දරණ ගුවන් යානයෙන් තුර්කිය හරහා ඉතාලියට යාමට කටුනායකට පැමිණ ඇතත් ගුවන් කාර්යමණ්ඩලය විසින් සැකකරු පිලිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැන්වීමෙන් අනතුරුව ඔහු අත් අඩංගුවට ගෙන තිබේ.
මීගමුවේ තැරැව්කරු සැකකරුට ඉතාලි යාම සඳහා ව්‍යාජ ලියිකියවිලි සති දෙකක කාලයක් තුල සකස් කර දී ඇත්තේ ඉතාලියට ගිය පසු රුපියල් ලක්ෂ තුනක් එහිදී හමුවන තවත් පුද්ගලයෙකුට ලබා දීමේ පොරොන්දුව මත බවත් අනාවරණය වී ඇත.
සැකකරු මේ සඳහා ඔහුගේ සැබෑ ගුවන් ගමන් බලපතට ව්‍යාජ තුර්කි වීසා ස්ටිකරයක් අලවා තුර්කියට ගොස් තවත් ව්‍යාජ වීසා ස්ටිකරයක් අලවා එහි සිට ඉතාලි යාමට උත්සහ කර ඇති බව හෙළි වී තිබේ.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව සිදු කරන මුලික විමර්ශණ වලින් අනතුරුව සැකකරු මීගමුව අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
හේෂාන් මානවඩු කියලා තියනවා වගේ බහුදින යාත්‍රාවකින් හෝ හොර ලියකියවිලි පෙන්වලා විදේශ රටකට වීසා එකක් හදාගෙන හෝ, මැදපෙරදිග රටකට ගොස් ටොකු කමින්, එහෙම නැත්නම්, ලංකාවේ දේශපාලකයින්ට පන්දමක් අල්ල රැකියාවක් ලබාගෙන ඉන්න අය තමයි මේ රටේ වැඩිපුර ඉන්නේ. ඉතාම සුළු දෙනෙක් තමයි තමන්ගේ සුදුසුකම් වලට ලංකාවේ රැකියාවක් කරන්නේ හෝ සුදුසුකම් මත පිටරට යන්නේ. එහෙම තියෙද්දී මානවඩුලා මෙතන පොර ටෝක් ලියනවා මොකක්ද ඉතාලියේ කරන රස්සාව? (ර)
මමත් ඉතාලියට ආවේ බොහෝ කලකට කලින් බහුදින ධීවර යාත්‍රාවකින්. ඉතාලියට විත් බොහෝ දුක්විඳලා, කලකට පසු ඉතාලියේ නේවාසික විසා ලබා ගත්තා. කෙසේ හෝ කවුරු හෝ කොහොමහරි ඉතාලියට ආවොත් වරදින්නේ නැහැ. කොහොමහරි ජීවත්වන්න මාර්ග තියෙනවා. මේ කට්ටිය ගැන දුකක් සිතෙනවා (නි)
අපේ අයට කොච්චර කිවුවත් කරන්නේ එපා කියන එකමනේ (නි)