(ශිරාන් රණසිංහ)
කොළඹ නගරයේ ගොඩනැගිලි, නිවාස හා පැල්පත්වලින් ඉවත්කෙරෙන මළ අපජලය බේරේ වැවට මුදා හැරීමෙන් කොළඹ අසූචි වළ බවට පත්ව ඇතැයි ඉඩම් ගොඩකිරීම් හා සංවර්ධන සංස්ථාව සිදු කළ පරීක්ෂණයක දී තහවුරු වී ඇත.
මේ වන විට බේරේ වැව තුළ ගොඩ ගැසී ඇති රොන් මඩ ඇතුළු ඝන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ නියමු ව්‍යාපෘතියක් එම සංස්ථාව මගින් ආරම්භ කර තිබුණ ද කොළඹ නගර සභාව මෙම මළ අපද්‍රව්‍ය බේරේ වැවට නොඒම සඳහා විකල්ප නළ පද්ධතියක් ඉදිකර නැත.
එම නිසා බේරේ වැව ශුද්ධ කිරීම අභියෝගයක්ව ඇතැයි ඉඩම් ගොඩකිරීම් හා සංවර්ධන සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
කොළඹ මහනගර සභාව වාර්ෂිකව රුපියල් මිලියන 20,000ක පමණ ආදායම් උපයන ආයතනයක්ව තිබියදී වුවද බේරේ වැව බේරාගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම අවාසනාවක් යැයි ඔහු පැවසීය.
ඉංග්‍රීසීන්ගේ පාලන සමයේ දී කොළඹ මළ අපද්‍රව්‍ය බේරේ වැවට මුදා හැරියේ මුහුදට ගෙන යන මළ අපද්‍රව්‍ය නළය යම් කිසි දෝෂයකට ලක්වීමේ අවස්ථාවක දී පමණ කැයි ද මේ වන විට එය සම්පූර්ණයෙන්ම වෙනස් වී අසූචි වළ බවට බේරේ වැව පත් වී ඇතැයි ද මේ පිළිබඳව කිසිවෙකු මෙතෙක් කලක් සොයා නොබැලූයේ යැයි ද හෙතෙම කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අපේ මෙගා ඇමති චම්පික මහත්තයා? ඔහුට නේද කොළඹ අයිති.. ඇයි මේවා හොයන්නේ නැත්තේ? කොළඹ නිව්යෝර්ක් පැරිස් වගේ කරන්න අමාරුද?
මේ වැව පිරිසිදුවට තියනවා නම් කොච්චර ලස්සනද?
ඔන්න වැඩ. ඉංග්රීසින්ගේ කාලේ ඉඳලා තිබුණු කසල නල පද්ධතිය නඩත්තු නොකිරීමේ වරද. දැනට අවුරුදු කීපයකට කලින් ලෝක බැංකුවෙන් හෝ ආසියා බැංකුවෙන් ණය අරගෙන කසල නල වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා වගේ මතකයි. කොමිස් ගහලම සල්ලි ටික වියදම් වෙන්න ඇති. සමහර මළ ප්‍රවාහන නල අවුරුදු 100 කට වැඩිය පරණලු. දැනට අවුරුදු දෙක තුනකටත් ඉස්සෙල්ල ව්‍යාපෘතියක් තිබුනා මළ නල පද්දතිය ප්‍රතිසංස්කරණය සඳහා. ඔය එක ව්යපෘතියකටවත් අහු වුනේ නැද්ද මේ කියන ප්රශ්නය?
සංචාරකයෝ කියන්නෙම හරිම අපිරිසිදුකම ගැන, ජපන්නු එන්නේ බොහොම සුළු පිරිසක්, එහෙන් පොලිතින් මිශ්‍ර කුණු ගොඩවල් හතර වටේ. නගර විතරක්ද ?පන්සල් ? කන්දේ විහාරේ තියෙන පොලිතින් කන්ද ??
සංචාරකයෝ කියන්නෙම හරිම අපිරිසිදුකම ගැන, ජපන්නු එන්නේ බොහොම සුළු පිරිසක්... එහෙන් පොලිතීන් මිශ්‍ර කුණු ගොඩවල් හතර වටේ.... නගර විතරක්ද ?
2020 වෙනකොට මුළුරටම අශූචි වළක් වෙනවා.