වසර 11 ක් වයස වැඩි කොට සාදන ලද ව්‍යාජ ගුවන් ගමන් බලපත‍්‍රයක් භාවිතා කරමින් කොරියාවට ගිය ශ‍්‍රී ලාංකික තරුණයෙකු වසර 12 කට පසු යළි තම සැබෑ ගුවන් ගමන් බලපත භාවිතා කරමින් මෙරටට පැමිණ සිටියදී අද කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
ඔහුට වයස 19 දී එනම් 2003 වසරේදී මෙරටින් පිටව ගොස් ඇත.
මාස තුනක ව්‍යාපාරික වීසාවක් ලබාගෙන ව්‍යාපාරිකයෙකු ලෙස ගිය මෙම තරුණයා මේ දක්වා වසර 12 ක් කොරියාවේ නීති විරෝධී ලෙස රැදී සිටිමින් රැකියා කිහිපයක් කර ඇති බව අනාවරණය වී තිබේ.
කෙසේ නමුත් මීට ආසන්න දිනකදී එරට රජය මගින් කළ සෝදිසියකදී සැකකරු නීති විරෝධී ලෙස රැදී සිටින්නෙකු බව හෙළි වී ඇත.
පසුව ඔහු තම සැබෑ වයස ඇතලත් කොට තවත් ගුවන්ගමන් බලපත‍්‍රයක් සාදාවාගෙන මෙරටට පැමිණ ඇත.
ඔහු සිංග්ප්පුරු ගුවන්සේවයට අයත් එස්.කිව් 468 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබිණ.
අපරාධ පරීක්ෂණ දෙපරේතමේන්තුව විසින් කරන ලද මුලික විමර්ශණ වලින් අනතුරුව සැකකරු මීගමුව අධිකරණයට ඉදිිපත් කිරීමට නියමිතව තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදක් තමයි එ්ත් නිදහස් කරන්න (බ)
මොහුට ලංකාවේදී දියයුතු උපරිම දඩුවම දියයුතුය.මරණ දඩුවම ක්‍රියාත්මක වනතුරු සිට පළමුවෙන්ම එල්ලා දැමිය යුත්තේ මොහුය.රටේ රැකියා නොමැති නිසා සල්ලි සොයා මෙරටට ගෙනෙන්නට කළ මේ මහා අපරාධය ඇග ලොමු කෙලින්කරයි.අප රටේ සියලුම නීති අංශවල උදවිය මේ අපරාදයට කල් ගත නොකර අද හෙටම දඩුවම් කරන බව නියතයි. බන්ධනාගාරයේ ඉඩ මදිනම් අර පොඩි වරදක් කළ අහිංසක වෙලේ සුදා නිදහස්කර එම කුටියට මොහු වහා දමන්න.දිනක්වත් එළියේ නොතබන්න.කිසි විටකත් ඇප ලබා නොදෙන්න.රට වෙනුවෙන් සියලු දෙනා පෙරට එනු (බ)
වැරැද්ද කරපු රටින් දඬුවම් ලබලා ලංකාවට ආවානම් තවත් දඬුවම් ඇයි? මහ ලොකු වංචාවක් කළා නෙමෙයිනේ. අඩු වයසින් රට යන්න බැරි නිසා වයස වැඩි කරලා දාන්න ඇති (බ)
විමල්ගේ නෝනගේ ඥාතියෙක්ද මෙයා..(බ)
අවුරුදු දොළහක් විසා නැතුව වෛදය පහසුකම් නැතුව රටට විදේශ විනිමය උපාය දුන් මේ තරුණයට රතුපලස එලන්න ඕනේ (නදී)
සත්‍යපාල ඔබ හරියටම හරි. (නදී)
මල්ලි උඹ වැනි පොඩි උන්ට තමයි අපේ ලංකාවේ නිතිය අකුරට කරන්නේ. ''ලොකු එකෙක් ඔහොම කලා නම් එක විනාඩියෙන් එ්කාව ගෙදරටම ගිහින් දානවා. ලොකු අයට ලංකාවේ නිතිය තහනම් (නදී)
ලංකාවේ ලොකුම අපරාද කරුවන් වන්නේ විදේශ රැකියා කරන දරුණු නමක් දරපු රටවිරුවන් කියන අපරාද කාරයන්ට. දෙන දඩුවම මරණ දඩුවමනම්, එ්කත් අපිට ලොකු දෙයක් නෙවෙයි. (නදී)
අල්ලන්න ඕන අනිවාර්යෙන්ම. වෙලේ සුදයි දුමින්ද සිල්වයි නම් නිදහස් කරන්න අනේ (බ)
මමත් ඉතාලියට එන්නට පෙර අවුරුදු කීපයක් දකුණු කොරියාවේ රැකියාවක් කරා , නවතින්න තිබුනේ නැව් වල බඩු ගෙනියන කන්ටේනර් වල , එ්ක ඇතුලේ තමා උයන්නේ කන්නේ බොන්නේ නවතින්නේ , හොඳ දුකක් විඳලා සල්ලි ටිකක් සොයන් ඉතාලියට ආවේ , දැන්නම් සුර පුරක් වගේ , මෙහෙ (බ)
සත්‍යපාල හරියටම හරි (බ)
ලංකාවේ යුද්ධය පැවති සමයේ වර්ගවාදී ත්‍රස්තයන්ගේ උදව්වෙන් ලංකාවට පැමිණ ලංකාවේ පාස්පෝට් හදාගෙන යුරෝපයට ගිය ඉන්දියානු ජාතිකයෝ දහස් ගණන් එහෙ ඉන්නව. මගේ දැනුමේ හැටියට ඉන බොහෝ දෙනෙක් ජර්මනියේ ඉන්න අතර උන් ඒ පාස්පෝට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් අලුත් කරව ගන්නවා. මේ වැනි ජාත්ත්‍යන්තර නීති විරෝධී ක්‍රියා පිළිබඳව සොයා බලන්නට තිබියදී මෙවන් අහිංසකයින් අල්ල ගන්න ක්‍රියා කිරීම නින්දිතයි. ඔය කොල්ල කීයක් හරි සොයා ගන්නට රට හැරලා ගියේ ඌ එක රැයකට සමාජ ශාලාවලට ලක්ෂ ගණන් වියදම් කරන කාලකන්නි දේසපාලුවකුගේ හෝ කුඩු පාපතරයෙකුගේ පුතෙකු නොවූ නිසයි.හිටපු කුණු සුප් දේසපාලුවන්ටත් ඉන්න පිළුණු කැඳ දේසපාලුවන්ටත් සාපවේවා ! (බ)
සත්‍යපාල කවුද? (බ)
ඔය මිනිස්සුන්ගේ පාස්පෝට් නෙමෙයි ඔය වීඅයිපී පාස්පෝට් අයව චෙක් කරන්න .. විශේෂයෙන්ම එයාලගේ ගමන් මලු .. එහෙම කළොත් ඒ ඔක්කෝම මිගමු උසාවි ගෙනියන්න තමයි වෙන්නේ ...(බ)
මේක තමයි පුදුම නීතිය මේ රටේ තියෙන නීතිය සතකුටවත් ගැලපෙන්නේ නෑ (බ)
අප්පට සිරි මාර අපරාධ කාරයෙක්වනේ අල්ලාගෙන උසාවි ගෙනිහින් තියෙන්නේ .. ඒ ළමය එහෙම හරි ගිහින් රටට බරක් නොවී කියක් හරි හොයාගත්ත ..රටේ ජනතාවගේ බදු සල්ලි වලින් යැපෙන උන්ට නෙමෙයි මේ ළමයින්වයි මල් මාල දාල පිළිගන්න ඕන ..(බ)
ඔන්න අපි මල්ලි ලොකුම ලොකු වරදක් කරළා (බ)
අවුරුදු 12 දුක්විඳලා කීයක්හරි විදේශ විනිමය හොයලා ලංකාවට එවපු මේ කොල්ලා අල්ලලා හිරේ දමලා? ඒත් බිලියන ගණනින් වංචාකළ ලොකු ලොක්කෝ?? (නි)
මේ වගේ දේවල් අපේ ලංකාවේ අයට හොඳට පුරුදුනේ! (නි)
දැන් එතකොට අර ලොක්කෙකුගේ නෝනා කළ වැඩේද හරි? (නි)
අර අහවල් ඇමතිගේ "නෝනා" බොරු වයස් සඳහන් කරලා පාස්පෝර්ට් හදාගත්තා. ඒවා අල්ලනවා වෙනුවට පසුගිය කාලයේ ඔවුන් ඇමතිකම් වලින් පුදනු ලැබුවා. මහින්දව ගෙදර ඇරියේ සැබෑ යහපාලනයකට නම් බිලියන ගණන් ගිලපු මෝරුන් අල්ලා දඬුවම් කරලා තමයි හාල්මැස්සන්ට අතගහන්න ඕනෑ. (නි)
හරි පාස්පෝර්ට් එකෙන් ලංකාවට කුඩු ගේන අය එළියේ. මොන පාස්පෝර්ට් එකෙන් හරි කීයක් හරි හම්බ කරපු කෙනා ඇතුලේ. (නදී)