IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බොරු වයසෙන් වසර 12 ක් කොරියාවේ වැඩ

වසර 11 ක් වයස වැඩි කොට සාදන ලද ව්‍යාජ ගුවන් ගමන් බලපත‍්‍රයක් භාවිතා කරමින් කොරියාවට ගිය ශ‍්‍රී ලාංකික තරුණයෙකු වසර 12 කට පසු යළි තම සැබෑ ගුවන් ගමන්  බලපත භාවිතා කරමින් මෙරටට පැමිණ සිටියදී  අද  කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

ඔහුට වයස 19 දී  එනම් 2003 වසරේදී මෙරටින් පිටව ගොස් ඇත.

මාස තුනක ව්‍යාපාරික වීසාවක් ලබාගෙන ව්‍යාපාරිකයෙකු ලෙස ගිය මෙම තරුණයා  මේ දක්වා වසර 12 ක් කොරියාවේ නීති විරෝධී ලෙස රැදී සිටිමින්  රැකියා කිහිපයක් කර ඇති බව අනාවරණය වී තිබේ.

කෙසේ නමුත් මීට ආසන්න දිනකදී එරට රජය මගින් කළ සෝදිසියකදී සැකකරු නීති විරෝධී ලෙස රැදී සිටින්නෙකු  බව හෙළි වී ඇත.

පසුව ඔහු තම සැබෑ වයස ඇතලත් කොට තවත් ගුවන්ගමන් බලපත‍්‍රයක් සාදාවාගෙන මෙරටට පැමිණ ඇත.

ඔහු සිංග්ප්පුරු ගුවන්සේවයට අයත් එස්.කිව් 468 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබිණ.

අපරාධ පරීක්ෂණ දෙපරේතමේන්තුව විසින් කරන ලද මුලික විමර්ශණ වලින් අනතුරුව සැකකරු මීගමුව අධිකරණයට ඉදිිපත් කිරීමට නියමිතව තිබිණි.


 

     

 



අදහස් (0)

බොරු වයසෙන් වසර 12 ක් කොරියාවේ වැඩ

කුමාර් Monday, 13 April 2015 03:35 AM

වරදක් තමයි එ්ත් නිදහස් කරන්න (බ)

:       0       0

සත්‍යපාල Sunday, 12 April 2015 11:50 AM

මොහුට ලංකාවේදී දියයුතු උපරිම දඩුවම දියයුතුය.මරණ දඩුවම ක්‍රියාත්මක වනතුරු සිට පළමුවෙන්ම එල්ලා දැමිය යුත්තේ මොහුය.රටේ රැකියා නොමැති නිසා සල්ලි සොයා මෙරටට ගෙනෙන්නට කළ මේ මහා අපරාධය ඇග ලොමු කෙලින්කරයි.අප රටේ සියලුම නීති අංශවල උදවිය මේ අපරාදයට කල් ගත නොකර අද හෙටම දඩුවම් කරන බව නියතයි. බන්ධනාගාරයේ ඉඩ මදිනම් අර පොඩි වරදක් කළ අහිංසක වෙලේ සුදා නිදහස්කර එම කුටියට මොහු වහා දමන්න.දිනක්වත් එළියේ නොතබන්න.කිසි විටකත් ඇප ලබා නොදෙන්න.රට වෙනුවෙන් සියලු දෙනා පෙරට එනු (බ)

:       0       0

ශ්‍රියානි Sunday, 12 April 2015 11:59 AM

වැරැද්ද කරපු රටින් දඬුවම් ලබලා ලංකාවට ආවානම් තවත් දඬුවම් ඇයි? මහ ලොකු වංචාවක් කළා නෙමෙයිනේ. අඩු වයසින් රට යන්න බැරි නිසා වයස වැඩි කරලා දාන්න ඇති (බ)

:       0       0

සුසන්ත Monday, 13 April 2015 03:42 AM

විමල්ගේ නෝනගේ ඥාතියෙක්ද මෙයා..(බ)

:       0       0

පහන් Sunday, 12 April 2015 01:02 PM

අවුරුදු දොළහක් විසා නැතුව වෛදය පහසුකම් නැතුව රටට විදේශ විනිමය උපාය දුන් මේ තරුණයට රතුපලස එලන්න ඕනේ (නදී)

:       0       0

රොහාන් - ඩුබායි Sunday, 12 April 2015 02:05 PM

සත්‍යපාල ඔබ හරියටම හරි. (නදී)

:       0       0

සුනිල් සාජා Sunday, 12 April 2015 03:15 PM

මල්ලි උඹ වැනි පොඩි උන්ට තමයි අපේ ලංකාවේ නිතිය අකුරට කරන්නේ. ''ලොකු එකෙක් ඔහොම කලා නම් එක විනාඩියෙන් එ්කාව ගෙදරටම ගිහින් දානවා. ලොකු අයට ලංකාවේ නිතිය තහනම් (නදී)

:       0       0

පාරා Sunday, 12 April 2015 03:25 PM

ලංකාවේ ලොකුම අපරාද කරුවන් වන්නේ විදේශ රැකියා කරන දරුණු නමක් දරපු රටවිරුවන් කියන අපරාද කාරයන්ට. දෙන දඩුවම මරණ දඩුවමනම්, එ්කත් අපිට ලොකු දෙයක් නෙවෙයි. (නදී)

:       0       0

නිමල් Sunday, 12 April 2015 03:42 PM

අල්ලන්න ඕන අනිවාර්යෙන්ම. වෙලේ සුදයි දුමින්ද සිල්වයි නම් නිදහස් කරන්න අනේ (බ)

:       0       0

හේෂාන් මානවඩු වෙරෝනා Sunday, 12 April 2015 03:59 PM

මමත් ඉතාලියට එන්නට පෙර අවුරුදු කීපයක් දකුණු කොරියාවේ රැකියාවක් කරා , නවතින්න තිබුනේ නැව් වල බඩු ගෙනියන කන්ටේනර් වල , එ්ක ඇතුලේ තමා උයන්නේ කන්නේ බොන්නේ නවතින්නේ , හොඳ දුකක් විඳලා සල්ලි ටිකක් සොයන් ඉතාලියට ආවේ , දැන්නම් සුර පුරක් වගේ , මෙහෙ (බ)

:       0       0

දිල් Sunday, 12 April 2015 04:00 PM

සත්‍යපාල හරියටම හරි (බ)

:       0       0

නාවින්න Sunday, 12 April 2015 04:19 PM

ලංකාවේ යුද්ධය පැවති සමයේ වර්ගවාදී ත්‍රස්තයන්ගේ උදව්වෙන් ලංකාවට පැමිණ ලංකාවේ පාස්පෝට් හදාගෙන යුරෝපයට ගිය ඉන්දියානු ජාතිකයෝ දහස් ගණන් එහෙ ඉන්නව. මගේ දැනුමේ හැටියට ඉන බොහෝ දෙනෙක් ජර්මනියේ ඉන්න අතර උන් ඒ පාස්පෝට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් අලුත් කරව ගන්නවා. මේ වැනි ජාත්ත්‍යන්තර නීති විරෝධී ක්‍රියා පිළිබඳව සොයා බලන්නට තිබියදී මෙවන් අහිංසකයින් අල්ල ගන්න ක්‍රියා කිරීම නින්දිතයි. ඔය කොල්ල කීයක් හරි සොයා ගන්නට රට හැරලා ගියේ ඌ එක රැයකට සමාජ ශාලාවලට ලක්ෂ ගණන් වියදම් කරන කාලකන්නි දේසපාලුවකුගේ හෝ කුඩු පාපතරයෙකුගේ පුතෙකු නොවූ නිසයි.හිටපු කුණු සුප් දේසපාලුවන්ටත් ඉන්න පිළුණු කැඳ දේසපාලුවන්ටත් සාපවේවා ! (බ)

:       0       0

හඳුන්නෙත්ති Sunday, 12 April 2015 04:25 PM

සත්‍යපාල කවුද? (බ)

:       0       0

බෙනට් Sunday, 12 April 2015 04:26 PM

ඔය මිනිස්සුන්ගේ පාස්පෝට් නෙමෙයි ඔය වීඅයිපී පාස්පෝට් අයව චෙක් කරන්න .. විශේෂයෙන්ම එයාලගේ ගමන් මලු .. එහෙම කළොත් ඒ ඔක්කෝම මිගමු උසාවි ගෙනියන්න තමයි වෙන්නේ ...(බ)

:       0       0

සාලිය ප්‍රභාත් Sunday, 12 April 2015 04:30 PM

මේක තමයි පුදුම නීතිය මේ රටේ තියෙන නීතිය සතකුටවත් ගැලපෙන්නේ නෑ (බ)

:       0       0

බෙනට් Sunday, 12 April 2015 04:32 PM

අප්පට සිරි මාර අපරාධ කාරයෙක්වනේ අල්ලාගෙන උසාවි ගෙනිහින් තියෙන්නේ .. ඒ ළමය එහෙම හරි ගිහින් රටට බරක් නොවී කියක් හරි හොයාගත්ත ..රටේ ජනතාවගේ බදු සල්ලි වලින් යැපෙන උන්ට නෙමෙයි මේ ළමයින්වයි මල් මාල දාල පිළිගන්න ඕන ..(බ)

:       0       0

සුනිල් Sunday, 12 April 2015 04:56 PM

ඔන්න අපි මල්ලි ලොකුම ලොකු වරදක් කරළා (බ)

:       0       0

ද සිල්වා Sunday, 12 April 2015 08:04 PM

අවුරුදු 12 දුක්විඳලා කීයක්හරි විදේශ විනිමය හොයලා ලංකාවට එවපු මේ කොල්ලා අල්ලලා හිරේ දමලා? ඒත් බිලියන ගණනින් වංචාකළ ලොකු ලොක්කෝ?? (නි)

:       0       0

නවාංජන Sunday, 12 April 2015 08:47 PM

මේ වගේ දේවල් අපේ ලංකාවේ අයට හොඳට පුරුදුනේ! (නි)

:       0       0

නෙත් Sunday, 12 April 2015 09:57 PM

දැන් එතකොට අර ලොක්කෙකුගේ නෝනා කළ වැඩේද හරි? (නි)

:       0       0

සත්‍යයා Sunday, 12 April 2015 11:47 PM

අර අහවල් ඇමතිගේ "නෝනා" බොරු වයස් සඳහන් කරලා පාස්පෝර්ට් හදාගත්තා. ඒවා අල්ලනවා වෙනුවට පසුගිය කාලයේ ඔවුන් ඇමතිකම් වලින් පුදනු ලැබුවා. මහින්දව ගෙදර ඇරියේ සැබෑ යහපාලනයකට නම් බිලියන ගණන් ගිලපු මෝරුන් අල්ලා දඬුවම් කරලා තමයි හාල්මැස්සන්ට අතගහන්න ඕනෑ. (නි)

:       0       0

නිහාල් Sunday, 12 April 2015 10:41 AM

හරි පාස්පෝර්ට් එකෙන් ලංකාවට කුඩු ගේන අය එළියේ. මොන පාස්පෝර්ට් එකෙන් හරි කීයක් හරි හම්බ කරපු කෙනා ඇතුලේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 801 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site