(සුජිත් හේවාජුලිගේ)
ව්‍යාජ කැදවීමේ ලිපි පෙන්වමින් කොළඹ නගරය ඇතුළු නගරවලට පැමිණෙන පුද්ගලයන්ට නිරෝධායන නීති කඩකිරීමේ චෝදනාව යටතේ වසර පහක් දක්වා සිර දඬුවම් ලබාදීමේ නීති ප්‍රතිපාදන පවතින බව පොලිස් ප්‍රධානීහු පවසති .
මෙයට අමතරව එලෙස නිරෝධාන නීති කඩකරන පුද්ගලයන් සම්බන්ධයෙන් රුපියල් පනස්දාහක දඩ මුදලක්ද ලබා දිය හැකි බව එම ප්‍රධානීහු සඳහන් කරති.
නිරෝධාන නීති කඩකරන්නන්ට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
ව්‍යාජ සේවා කැදවීමේ ලිපි යොදා ගනිමින් විශාල පිරිසක් කොළඹ නගරයට පෙරේදා (31) දිනයේදී ඇතුළුවී ඇති බවට පොලිසියට තොරතුරු හෙළි වී ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයතන මට්ටමින් විනය පරීක්ෂණ තියන්න සේවය අතිහිටුවලා ප්රශ්නය දවසින් ඉවරයි.
කොරෝනා වලට දුන්නු තැන, රටම නැතිකරන්න එපා. දේශපාලන නියෝගවලට වැඩකරලා මතකද ගොඩක් තරුණ ළමයි මැරුවා. මොලයක් තියෙන්නේ හිතලා වැඩ කරන්න..
පොඩි මිනිහාට නඩු දායි... තෝරු, මෝරු රිංගලා යයි.
හැමදාම මොනවාහරි කියනවා..
ඔය නීතියම කුරුණෑගල නගරාධිපතිතුමාගේ උපන්දින සාදයටත් තිබ්බා නම් නියමයි 'සර්'
ඒ අය කෝටි දෙකක ජනගහනයෙන් ටික දෙනෙක් විතරයි. එයාලා දිහා විතරක් නෙවෙයි ගෙවල්වලට වෙලා ඉන්න අනෙක් ජනතාව දිහාත් බලන්න.