මතට තිත තබමින් මත්ද්‍රව්‍ය ආශ්‍රිත දුම්වැටි,ගංජා, මත්කුඩු නිවාරණය කිරිමට රජය මහත් වෑයමක් දරද්දි "රා" වලට ලබාදි ඇති වපසරිය පුළුල් කිරිමට කොළඹ ප්‍රාදේශිය ලේකම් ගෙන ඇති ක්‍රියා කලාපය තදින්ම හෙළා දකින බව ඖෂධ හා අන්තරාදායක පාලන මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පැවසුවේය.
මධ්‍යසාර භාවිතයට වඩා ප්‍රබල ප්‍රතිවිපාක කෘත්‍රිම රා වලින් ලැබෙන බවත් මෙය සෘජුවම වකුගඩු වලට සහ ආමාශයට බලපාන සමරසිංහ මහතා කිවේය.
2025 දෙසැම්බර් මස 18
374
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බොරු රා බිව්වොත් ඉවරයි
කින් බෙනට් Monday, 05 October 2015 02:03 PM
මතට තිත තියන්නම ඕනෑම නම් කරන්න කොච්චර ක්‍රම තිබෙනවද? මතට තිත කිය කියා අරක්කු සිගරැට් ටැක්ස් වැඩි කර කර ඉඳලා විතරක් හරියන්නේ නැහැ (නි)
සංජය Tuesday, 06 October 2015 06:03 AM
රා වල එතිල් ඇල්කොහොල් වගේම මෙතිල් ඇල්කොහොල් දෙකම තියෙනවා එයට අමතරව සල්ෆර් වගේ රසායනිකයන් තියෙනවා .. මෙතිල් අැල්කොහෝල බොන්න සුදුසු නැහැ ඉස්කගාරයෙන් කරන්නේ මේ විස වර්ග පුළුවන් තරම් ඉවත් කිරීමයි (බ)
බමුණු Tuesday, 06 October 2015 06:07 AM
ඇත්තටම දේශීය නිෂ්පාදනයක් හැටියට රා අපේ රට තුළ ප්‍රචලිත කරන්න බැරිද?]කරනවානම් බොහොම හොඳයි කියල වැඩක් නැහැ නමුත් කෝ පොල් ගස් කව්ද රා මදින්නේ (බ)
නාත් Monday, 05 October 2015 03:17 PM
මතට තිත තියන එක නම් හොඳ දෙයක් (නි)
බමුණු Tuesday, 06 October 2015 06:27 AM
රූපවතී ලෝකේ මත්පැන් බොන එකම රට ලංකාව නොවෙයි. මත්පැන් තහනම් කටාර් රටෙත් මත්පැන් තිබෙන විශාල සුපෙර් මාර්කට් එකක් තිබෙනවා මට තිබුන බලපත්‍රයට මට මාසෙකට ලංකා මුදලින් රුපිය 45000 මත පැන් ගන්න පුළුවන්. එම ස්ථානයට ගැහැණු පිරිමි දෙගොල්ලම මත්පැන් ගෙනියන්න එනවා. එම නිසා ඔය විෂය ගැන ඔබල කතා නොකර ඉන්න එක හොඳයි. (බ)
රූපවතී Monday, 05 October 2015 04:10 PM
පත්වන සෑම රජයයන්ගෙන්ම රට තුලට එතනෝල් ගෙන්වීමට අවසර ලබාදෙනවානම් ව්‍යාපාරිකයන්න්ට..? ඒ රජය මතට තිත් තියන්නේ කොහොමද ? ඒක පාලකයින් විසින්ම නැවතුවොත්.. රටේ මිනිසුන්ට මද්‍යසාර හිගයකට නිකම්ම මුහුණ පෑමට සිදුවේවි ..?ඉතිරි හරිය පොලිසියට බාර කළානම් කප්පන් රෙදිවලින් යුනිෆෝර්ම් මහල නැති අවංක නිලධාරීන්ට සේවය බාර කළානම් නිකම්ම රට හැදෙයි ..?එවිට නිරෝගී පරපුරක් වසර 10කින් වත් අපිට හමුවේවි ..? වසර 30 කින් අපිට යුධ බියෙන් තොර නිදහස් රටක් ලැබුනා වගේ ..? (බ)
ටෝනි Tuesday, 06 October 2015 07:22 AM
මතට තිත සදහටම තබන්නට හැකි නම්... (නි)
ෆර්සාන් Monday, 05 October 2015 08:36 PM
මතට තිත නම් මත තහනම් කරන්න.මිල ඉහළ ගියත් පරිභෝජනය අඩුවෙන්නේ නැහැ. පවුලේ වියදමට වෙන්කරන මුදල තමා අඩුවෙන්නේ (නි)
චන්ද්‍ර වීරසිංහ Monday, 05 October 2015 09:27 PM
රා පෙරන්නේ බොන්නම නෙමෙයිනේ. රා වලින් විනාකිරි හදනවා.රා වලට තහනම් නීති දැම්මොත් කූඨ ව්‍යාපාරිකයෝ ඇසිටික් ඇසිඩ් , ෆොර්මික් ඇසිඩ් වලට වතුර දාලා විනාකිරි කියලා විකුණයි. රා පෙරීමෙන් අතුරේ යාමෙන් මොනතරම් අහිංසක ජනතාවක් ජීවත්වෙනවද ?එතනොල් කියන්නේ කර්මාන්ත බොහොමයකට අවශ්‍යවෙන රසායනයක්. (නි)
ට්‍රිෂාන් Monday, 05 October 2015 09:33 PM
ඔබතුමාගේ යහපත් අරමුණ ඉෂ්ටවේවා! (නි)
කැනඩා දිසා Tuesday, 06 October 2015 01:05 AM
බලනකොට කලින් රජයේ සමහරු එයාලටම එයාලම විහින් තිත තියාගෙන. මතක් වෙනකොටත් දුකයි..... (නි)
සිරිනිමල් කරුණාරත්න Tuesday, 06 October 2015 02:50 AM
ඔහොම ගියොත් මොකද වෙන්නේ? අනේ මට නම් හිතාගන්න බැහැ (නි)
පිටිගල Tuesday, 06 October 2015 04:04 AM
ඉතින් නිත්‍යනුකුලයි කියා කියා මේ ආණ්ඩුවත් එතනෝල් ගෙන්න අවසර දෙනවා නේ. කාවද ඔය රවටන්නේ? ආණ්ඩුව පත් වුණාට පස්සේ කොච්චර එතනෝල් ප්‍රමාණයක් ආනයනය කළාද? මේකත් තිතට මත මිසක් වෙන මොනවද?කරන දෙයක් කෙලින් කරන්න ඕන . (ම)
ධම්ම Monday, 05 October 2015 12:32 PM
අයියෝ! කිසි දෙයක් කරන්න බැහැනේ. අපරාදේ! (නි)
ඉසුරන්දි Tuesday, 06 October 2015 04:38 AM
ඇත්තටම දේශීය නිෂ්පාදනයක් හැටියට රා අපේ රට තුළ ප්‍රචලිත කරන්න බැරිද? (බ)
දුමින්ද Monday, 05 October 2015 12:54 PM
මතට එරෙහිව තිත තියන්නට සැරසෙන හිත හොඳ දොස්තර (නි)
ලක්ෂ්මන් Tuesday, 06 October 2015 05:20 AM
දින 100 ක් මේ රටේ කිසිම මත් ද්‍රව්‍යක් කිසිම තැනක අලෙවිය හා පාවිච්චිය නතර කරලා බලමු. නිකන් බලන්නත් එක්ක. මේ සඳහා හැමදෙනාම අවංකව උපරිම සහයෝගය දීල බලමු ඇත්තටම. අපි රෙඩි රජය රෙඩිද? (බ)