මතට තිත තබමින් මත්ද්‍රව්‍ය ආශ්‍රිත දුම්වැටි,ගංජා, මත්කුඩු නිවාරණය කිරිමට රජය මහත් වෑයමක් දරද්දි "රා" වලට ලබාදි ඇති වපසරිය පුළුල් කිරිමට කොළඹ ප්‍රාදේශිය ලේකම් ගෙන ඇති ක්‍රියා කලාපය තදින්ම හෙළා දකින බව ඖෂධ හා අන්තරාදායක පාලන මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පැවසුවේය.
මධ්‍යසාර භාවිතයට වඩා ප්‍රබල ප්‍රතිවිපාක කෘත්‍රිම රා වලින් ලැබෙන බවත් මෙය සෘජුවම වකුගඩු වලට සහ ආමාශයට බලපාන සමරසිංහ මහතා කිවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතට තිත තියන්නම ඕනෑම නම් කරන්න කොච්චර ක්‍රම තිබෙනවද? මතට තිත කිය කියා අරක්කු සිගරැට් ටැක්ස් වැඩි කර කර ඉඳලා විතරක් හරියන්නේ නැහැ (නි)
රා වල එතිල් ඇල්කොහොල් වගේම මෙතිල් ඇල්කොහොල් දෙකම තියෙනවා එයට අමතරව සල්ෆර් වගේ රසායනිකයන් තියෙනවා .. මෙතිල් අැල්කොහෝල බොන්න සුදුසු නැහැ ඉස්කගාරයෙන් කරන්නේ මේ විස වර්ග පුළුවන් තරම් ඉවත් කිරීමයි (බ)
ඇත්තටම දේශීය නිෂ්පාදනයක් හැටියට රා අපේ රට තුළ ප්‍රචලිත කරන්න බැරිද?]කරනවානම් බොහොම හොඳයි කියල වැඩක් නැහැ නමුත් කෝ පොල් ගස් කව්ද රා මදින්නේ (බ)
මතට තිත තියන එක නම් හොඳ දෙයක් (නි)
රූපවතී ලෝකේ මත්පැන් බොන එකම රට ලංකාව නොවෙයි. මත්පැන් තහනම් කටාර් රටෙත් මත්පැන් තිබෙන විශාල සුපෙර් මාර්කට් එකක් තිබෙනවා මට තිබුන බලපත්‍රයට මට මාසෙකට ලංකා මුදලින් රුපිය 45000 මත පැන් ගන්න පුළුවන්. එම ස්ථානයට ගැහැණු පිරිමි දෙගොල්ලම මත්පැන් ගෙනියන්න එනවා. එම නිසා ඔය විෂය ගැන ඔබල කතා නොකර ඉන්න එක හොඳයි. (බ)
පත්වන සෑම රජයයන්ගෙන්ම රට තුලට එතනෝල් ගෙන්වීමට අවසර ලබාදෙනවානම් ව්‍යාපාරිකයන්න්ට..? ඒ රජය මතට තිත් තියන්නේ කොහොමද ? ඒක පාලකයින් විසින්ම නැවතුවොත්.. රටේ මිනිසුන්ට මද්‍යසාර හිගයකට නිකම්ම මුහුණ පෑමට සිදුවේවි ..?ඉතිරි හරිය පොලිසියට බාර කළානම් කප්පන් රෙදිවලින් යුනිෆෝර්ම් මහල නැති අවංක නිලධාරීන්ට සේවය බාර කළානම් නිකම්ම රට හැදෙයි ..?එවිට නිරෝගී පරපුරක් වසර 10කින් වත් අපිට හමුවේවි ..? වසර 30 කින් අපිට යුධ බියෙන් තොර නිදහස් රටක් ලැබුනා වගේ ..? (බ)
මතට තිත සදහටම තබන්නට හැකි නම්... (නි)
මතට තිත නම් මත තහනම් කරන්න.මිල ඉහළ ගියත් පරිභෝජනය අඩුවෙන්නේ නැහැ. පවුලේ වියදමට වෙන්කරන මුදල තමා අඩුවෙන්නේ (නි)
රා පෙරන්නේ බොන්නම නෙමෙයිනේ. රා වලින් විනාකිරි හදනවා.රා වලට තහනම් නීති දැම්මොත් කූඨ ව්‍යාපාරිකයෝ ඇසිටික් ඇසිඩ් , ෆොර්මික් ඇසිඩ් වලට වතුර දාලා විනාකිරි කියලා විකුණයි. රා පෙරීමෙන් අතුරේ යාමෙන් මොනතරම් අහිංසක ජනතාවක් ජීවත්වෙනවද ?එතනොල් කියන්නේ කර්මාන්ත බොහොමයකට අවශ්‍යවෙන රසායනයක්. (නි)
ඔබතුමාගේ යහපත් අරමුණ ඉෂ්ටවේවා! (නි)
බලනකොට කලින් රජයේ සමහරු එයාලටම එයාලම විහින් තිත තියාගෙන. මතක් වෙනකොටත් දුකයි..... (නි)
ඔහොම ගියොත් මොකද වෙන්නේ? අනේ මට නම් හිතාගන්න බැහැ (නි)
ඉතින් නිත්‍යනුකුලයි කියා කියා මේ ආණ්ඩුවත් එතනෝල් ගෙන්න අවසර දෙනවා නේ. කාවද ඔය රවටන්නේ? ආණ්ඩුව පත් වුණාට පස්සේ කොච්චර එතනෝල් ප්‍රමාණයක් ආනයනය කළාද? මේකත් තිතට මත මිසක් වෙන මොනවද?කරන දෙයක් කෙලින් කරන්න ඕන . (ම)
අයියෝ! කිසි දෙයක් කරන්න බැහැනේ. අපරාදේ! (නි)
ඇත්තටම දේශීය නිෂ්පාදනයක් හැටියට රා අපේ රට තුළ ප්‍රචලිත කරන්න බැරිද? (බ)
මතට එරෙහිව තිත තියන්නට සැරසෙන හිත හොඳ දොස්තර (නි)
දින 100 ක් මේ රටේ කිසිම මත් ද්‍රව්‍යක් කිසිම තැනක අලෙවිය හා පාවිච්චිය නතර කරලා බලමු. නිකන් බලන්නත් එක්ක. මේ සඳහා හැමදෙනාම අවංකව උපරිම සහයෝගය දීල බලමු ඇත්තටම. අපි රෙඩි රජය රෙඩිද? (බ)