තම කතිරයේ බලයෙන් යම පාලනය අයින් කර නියම යහ පාලනයක් 17 දින ඇති කිරීම අරමුණ බව කුරුණෑගල දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳුදා (27) යටිනුවර පැවැති සන්ධාන රැලියේදී පැවසීය.
‘අපි යහපාලනය කළා. කිසි බයක් තිබුණේ නෑ. විවේචනය කරන්න තිබුණා. පත්තර ගැහුවා. ගුවන් විදුලියෙන් කළා. අද එහෙම බෑ. අද ප්‍රශ්න කරනවා. රිමාන්ඩ් කරනවා. නියම යහපාලනය තියෙන්නේ අපි ළඟ. මින් පසුව යහ පාලනය කියන වචනයවත් කියන්නෙ නෑ. මෙයාලගෙ යහ පාලනය මෙයින්ම පැහැදිලියි.‘ යනුවෙන් රාජපක්ෂ මහතා එහිදී කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාගෙන් පළිගන්න තරම් ජනතාව පහත තත්වයට වැටිලා නැහැ. නමුත් ඔබ ඇතුළු ඔබගේ සහචරයින් ජනතාවගෙන් පළිගත්ත කාලය ජනවාරි 8 වෙනිදායින් අවසන් උනා. ඔබ නැවත බලය ඉල්ලන්නේ ජනවාරි 8 වෙනිදා ඔයාට යස පාඩමක් ඉගැන්වූ ජනතාවගෙන් පළිගන්න බව මුළු රටම දන්නවා. නමුත් ඔබට ඒ සඳහා කිසිදාක ඉඩක් ලැබෙන්නේ නැහැ.(නදී)
කටින්ද මේ කියන්නේ (බ)
මැරිලා ඉපදිලා වගේ එම නිසා කිසිම දෙයක් මතක නැහැ කටට එන දෙයක් කියවනවා (බ)
ලඟදීම යුද්ධය අාවම තේරෙයි මහින්ද මහත්තයගේ අගේ (නදී)
මහින්ද මහත්තයෝ ඔබ තමුන්වහන්සේට ජය වේවා (ම)
පුතාලාගේ වැඩ වලින්ම ඔබතුමාගේ යහ පාලනය අපි තේරුම් ගත්තා මහත්තයෝ..(ම)
යාම පාලනය තිබුණේ ඔබතුමාගේ කාලෙනේ? දැන් ඔබතුමාට ඒවා අමතක වුණාට ජනතාවට අමතක නැහැ මහත්තයෝ.(අ)
අපි ඉපදුනේ මේ රටේ ජනවාරි 8 න් පස්සෙද? මට එහෙමත් හිතෙනවා එක වෙලාවකට. (බ)
වටේ ඉන්න කට්ටිය බැලුවම හිතා ගන්න පුළුවන්.ඔබතුමා උදෙන්ම නැගිට තමන්ගේ කාලයේදී කරපු දේවල් සිහිකරන්න.ජනතාවට හොදට මතකයි. ජනතාවට අමතක නැහැ තමන් වපුරනදේ නෙලා ගන්නවා. (බ)
ඔබ එඩිතර නායකයෙක් විය හැකිය, නමුත් ඉදිරිය දැකිය හැකි දේශපාලන න්‍යායක් හෝ දැක්මක් ඔබ සතු නොවීම ජාතිය ලත් අභාග්‍යයකි. ඔබතුමාගේ පාලනය හැමවිටම පැවතියේ අනෙකෙකුගේ අදහස් මතම පමණකි. එම අදහස් ගලපා ඔබගේ අනන්‍යතාවයකින් යුතුව වැඩකිරීමට හැකි නායකයෙකු ආවානම් අද අපේ ජාතිය මීට වඩා එහාගිය මානසික බාවයකින් යුක්ත උතුම් ජාතියක් වනවාට සැක නැත. මේ රටට ගැලපෙන්නේ ඔබගේ විධායකයත් රනිල්ගේ ව්‍යවස්ථාදායකයත් ය. නමුත් දැන් ජාතිය පමා වැඩිය. එයට වගකිවයුත්තා ඔබතුමාය. ඔබට ඇති ගෞරවය අපෙන් ගිලිහි නොයන්නේය.නමුත් ඔබගේ පාලනය මේ මොහොතේ රටට අවශ්‍යය නොවේ. (බ)
තාත්ත දාපු නමත් මතක නැති මනුස්සයට අනිත් ඒවා කොහොම මතක තිය ගන්නද?(ම)
දැන් අපේ රටේ ජනතාව බුද්ධිමත් මහත්තයෝ.(හේ)
දැන් ඉතින් පලක් නෑ මොන දේ කිව්වත්.ඔබ තුමාට ඔය දේවල් කරන්න ජනතාව වසර 10ක කාලයක් ලබා දුන්නා.(හේ)
මේ අපි මැරිලා ඉපදුන නිසා , පරණ අවුරුදු 10 මතක නැහැ , ඉපදිලත් මාස 6යි තාම , යාම පාලනය මතකම නැහැ (බ)
"කිසි බයක් තිබුනේ නෑ"...........? "විවේචනය කරන්න තිබුණා."............? ඒ කොයි කාලේද හැබෑටම..............?(ම)
ඔව් ඔව් අපි දැකල තියනවා ඔයාගේ යහපාලනය. අහන්නකො පොද්දල ජයන්තගෙන්. අන්න ඇවිල්ල ඉන්නවා. (නදී)
කියන බොරු මෙතනම අහු වෙනවා. ජනවාරි 8 වැනිදාට කලින් මෙතන පාඨක පිටුවේ රටේ නායකයාව විවේචනය කරලා අදහස් ලියන්න මිනිස්සු කී බෝඩ් එකට අතක් තිබ්බද කියලා මතක් වෙනවා අපිට. (නදී)
මේ පොටෝවල ඉන්න මිනිස්සු දැක්කම හිතෙනවා මෙතැනට ඇවිල්ලා ඉන්න මිනිස්සු කොච්චර මෝඩද කියලා (බ)
මෙයාට මතක නැහැ ජනවාරි 8 වෙනිදා පැරදිලා බොහොම අමාරුවෙන් පනබේරගෙන ගිය වගක්!. (බ)
විවේචන කරන්නයි කට අරින්නයි පුළුවන් වුනා නේන්නම් පවුලකට විතරක්. (බ)
පිස්සු ඩබල් වෙලා.....අනේ මන්දා..(හේ)
ඉස්සර ඔබතුමාලා කරපු නාස්තිය පියෙව්වේ පැට්‍රොල්, ඩිසල් වලට අසීමිත ලෙස බදු ගහලා. දුප්පත් අපිට ඔබතුමාලට වගේ පැට්‍රොල් නිකන් ලැබෙන්නේ නැහැ. අපේ මෝටර් බයිසිකලේට ගහන පැට්‍රොල් ලීටරයට ඉස්සර අපි රුපියල් 171 ගෙව්වා. දැන් අපිට පැට්‍රෝලුත් ගහල පොඩි එකාට කන්න දෙයකුත් අරන් යන්න මුදල් ඉතුරු වෙනවා. ඉස්සර පාරේ යනකොට අැමතිවරු එනකොට පරිවාර රථ අපි යටකරගෙන යන්න හදනවා දැන් එම සෙල්ලම් නැත. කරුණාකර අපිට අපේ පාඩුවේ ජිවත් වෙන්න ඉඩ දීල ඔබතුමාත් විශ්‍රාම සුවයෙන් ඉන්න (නදී)
අපි කාගේ කාගේත් හැටි හොඳට දන්නවා අපි ඵ් ගොනාව ජනවාරි 8 වික්කා (නදී)
අපි මැරිලා ඉපදුනා මහත්තයෝ. අපි දැක්කා අවුරුදු 9 ක් යහ පාලනය (නදී)
සරසි - ඔයා පත්තර බලන්න පටන් අරන් තියෙන්නේ ජනවාරි අටෙන් පස්සේ (නදී)
ඕක කිහිල්ලේ කොන්ඩ බැඳපු චීන්නුන්ට කියන්න (නදී)
එතකොට ලසන්ත වික්‍රමතුංග ඝාතනය එක්නැලිගොඩ අතුරුදන් කිරීම රගර් ක්‍රීඩකයාගේ ඝාතනය ශ්‍රේෂ්ඨාධිකරණයට බලපෑම් කිරීම ඒවා ගැන මොනවද කියන්නේ (බ)
මෙයා දැන් රටේ නැති පොරොන්දු දෙනවා තව ඉස්සරහට ඉර හඳ දෙනවා කියලත් නොකීවොත් තමා පුදුම. හිටපු අවුරුදු දහය කාලේ දුන්නෙම පවුලේ අයට විතරනේ. ඉතින් අපි කොහොමද මෙයාව තවත් විස්වාස කරන්නේ. අපි පරණ ගොනා වික්ක මහත්තයෝ. (බ)
මහ බැංකුවේ යහ පාලනේ දොරේ ගලනවා (බ)
කියන බොරු මෙතනම අහු වෙනවා (බ)
මටත් කියන්න මොකුත් මතක නැහැ (බ)
මට අපේ හිටපු ජනාධිපතිතුමා වැටිලා ඉන්න තත්වය ගැන දුකයි, ඇත්තටම මහින්ද මහත්තයා හිතන් ඉන්නේ එතුමා ගේ කාලේ බරපතල වැරදීම් සිදුවුනේ නෑ කියලද? මාධ්‍ය නිදහස තිබුනා කියලද? (බ)
මිනිස්සු කේන්දර කාරයෝ විශ්වාස කළාම අන්තිමට පිස්සු හැදිලා තමා නවතින්නේ. අපිට මේ පෙනෙන්නේ ලොකු පොඩි කාටත් මේ දේ එකයි කියන දේ තමා (බ)
අනේ සර් බොරු කියලා නම් ඡන්දෙ ඉල්ලන්න එපා, ඔබතුමාගේ යහපාලනය අපි දැක්ක අවරුදු 10 ක්, ඊට වඩා සියගුණය දැන් තියෙන යමපාලනය හොදයි (බ)
කොහෙන් හිනා වෙන්න කියා තේරෙන්නේ ! (ම)
ඔන්න අපි පරණ වැඩ අලුත් මුහුණුවරකින් ගේනවා. දැන් පරණ මගෝඩියෙකුත් ඉන්නවා අලුත් මුහුණුවරකින්.(ම)
ඹබතුමාගේ යහපාලනය හාලාවත කටුනායක වැලිවේරිය අපට මතකයි (බ)
මෙයාට අමතකවෙලා රතුපස්වල මිනීමැරුම්, ඊ පී එෆ් මිනි මැරුම් ලසන්ත ඇතුළු මාධ්‍ය දඩයම්, සුදු වෑන්, කුඩු ගෙන්නපු ඒවා. හොරකම් කළ ඒවා. බාර් ඇරපු ඒවා. කාමාපරාධකාරයින්ට,මිනීමරුවන්ට හොරුන්ට සමාව දීල සමාජය නැත්තටම නැතිකළ හැටි. අනේ කටින්ද කථා කරන්නේ (බ)
මහින්දට මොනාද වෙලා (බ)
"මහින්ද පිළිකාව " පරදවමු ...!! (බ)
මේ සැරේ ඔබතුමාගේ මනාපය පවා ඔබතුමාට නැහැ ඉතින් ඇයි අපේ මනාපය ඉල්ලන්නේ (බ)
මොනා කියවනවද දන්නෑ ! පුතා හිරේ යන්න ළඟ හින්දා කියවනවා. වතුර ඉල්ලපු මිනිසුන්ට වෙඩි තිබ්බට පටිසන් දෙනවා (බ)
නිකන් නෝන්ඩි වෙනවා..මෙයා දැන් මැරිලා ඉපදිලා වගේ නේ කතාව.....(බ)
පුදුම රස කතා මේවා. බලේ ඉද්දි රහස් කතා. බලේ ගිලිහෙද්දී ඇනුම් බැනුම් කතා. බලේට එන්න පොරකද්දී චාටු කතා. (ම)