
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් අත්අඩංගුවට ගත් රවිඳු සංඛ ද සිල්වා නොහොත් බුරු මුනා නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හංවැල්ල දසවේල්ල පාරේ දුරකථන කණුවක් යට සඟවා තිබූ සි ෆෝ වර්ගයේ අදිබලති පුපුරණ ද්‍රව්‍ය ගෑම් 662 ක් සොයාගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
ඉකුත් සිකුරාදා (17) බුරු මුනා නීතිඥවරයකු සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අවිස්සාවේල්ල මානියම්ගම ප්‍රදේශයේ දී අවිස්සාවේල්ල පොලිසිය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
බස්නාහිර පලාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය භාර අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර මහතා ලබා දුන් අවසර නියෝගයක් අනුව සැකකරුගෙන් පැය 72ක කාලයක් අද දින දක්වා ප්‍රශ්නෙ කෙරිණි .
බුරු මුනා නමැත්තා සිදුකල ඝාතන සහ අනෙකුත් අපරාධ සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය,මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ,රත්ගම , ඇල්පිටිය , හික්කඩුව , කටුනායක, ඌරගහ, හා මීගමුව කොට්ඨාස අපරාධ අංශය ද ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
ඝාතන නමයක චෝදනා බුරු මුනා ට එල්ල වී ඇතත් තමන් සිදුකලේ ඝාතන දෙකක් බව බුරු මූණා හඬා වැටෙමින් පවසා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
සංවිධානාත්මක අපරාධ කරුවකු වන රත්ගම විදුර නමැත්තා ගේ ගෝලය ලෙස කටයුතු කල බුරු මුනා නමැත්තාට විදේශගතවීමට අවශ්‍ය ව්‍යාජ හැඳුනුම්පතක් සහ ගුවන් ගමන් බලපත්‍රයක් සාදා දෙන ලද බව පවසා ඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කන්නංගරගේ ලලිත් කන්නන්ගර නමැත්තා බුරු මුනා ව පරකඩුවට ගෙන්වාගෙන හංවැල්ල ඝාතනය මෙහෙයවා ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
තමන්ගෙ ගෝලයන්ට හිරිහැර කරන ආපන ශාලා හිමිකරු සම්බන්ධයෙන් බුරු මුනා ට ඩුබායි හි සිටින ලලිත් නැමැත්තා දුරකථන ඇමතුමක් ලබාදී කෙසේ හෝ ඔහු ඝාතනය කරන ලෙස ඉල්ලා ඇතැයි සැකකරුගෙන් අනාවරණය වී ඇත.
බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී බුරු මුනා නමැත්තාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව සොයාගත් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය හංවැල්ලේ ආපනශාලාවක් තුළදී ඝාතනයට ලක්වූ මුස්ලිම් ව්‍යාපාරිකයාගේ නිවසට,ආපන ශාලාවට සහ සහෝදරයා ගේ ආපනශාලාව පුපුරුවා හැරීම සඳහා රැගෙන ආ ඒවා බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපරාධ කාරයාත් එක්ක එකට ගිය කළුකෝට් කාරයින්ට ප්‍රශ්නයක් නැද්ද?
ආපන ශාලාව පුපුරවා හරින්න තරම් දෙයක් නැහැ. අහස් කූරක් හොඳටම ඇති. මේවා සොයාගෙන ආපන ශාලාව රැකුණත් දේවස්ථාන පුපුරවා හැරීම සහ ජීවිත විනාශය වළක්වන්න බැරිවුණා.
මෙයාව ආයුධ පෙන්නන්න එක්කන් යන්නේ කවදාද?
මේ රණවිරුවෙක්...!!!
මධූෂ් ට වෙඩි තියපු නාඳුනන තුවක්කු කරුවන් ට ආයෙත් ජොබ් එකක් එන බව පෙනී යනවා... බූරු පුතේ ආයුධ පෙන්නන්න නම් යන්න එපා.. හංගපු ඒවා නෑ මයි කියහන්.. කොහොම හරි ඔය කුඩු කර්මාන්තෙ මුල් පෙලේ උන්ව අල්ලන්න වැඩේ අමුනපන්.. උඹලා විතරක් කූරු ගනින්න ඕන නෑ නෙ..
මන බූරු උනට මොලේ නරියෙක්ගෙ
රටේ ව්‍යවස්ථාව අනුව කෙනෙකුට ප්‍රසිද්ධියේ අන්වර්ථ නාමය පාවිච්චිය තහනම් නොවේද? මොහු තම මානව අයිතිය කඩ වූ බවට නඩුවක් ගොනු කළොත් පොලිසිය අමාරුවේ නේද?