IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


බෝරෝ බුදූර් රැකගන්න කොළඹ උද්ඝෝෂණ

ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාම් රාජ්‍යක් බිහි කිරීමට තැත් කරන අයි එස් අයි එස් ආධාරකරුවන් ඉන්දුනීසියාවේ  ලෝකප්‍රකට  බෝරෝ බුදුර් බෞද්ධ සංකීර්ණය  පුපුරුවා හරින බවට කැර ඇති තර්ජනය හෙළා දකිමින් රාවණා බලය  අද (03) කොළඹ ඉන්දුනීසියා තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂයක් පැවැත්වීය.

රාවණා බලයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පැවසුයේ එම ත්‍රස්ත බලපෑම දැඩි පිළිකුලින් හෙළා දකින බවයි.

 

_DSC0449 _DSC0461 _DSC0467 _DSC0484

borobudurtemple2308e

  බෝරෝ බුදුර් බෞද්ධ සංකීර්ණය

 

 

 

 



අදහස් (0)

බෝරෝ බුදූර් රැකගන්න කොළඹ උද්ඝෝෂණ

අභය Wednesday, 03 September 2014 10:31 AM

කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඕවා කරන අය‍ට ස්වභාව ධර්මය විසින්ම දඩුවම් දෙනවා. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 03 September 2014 10:38 AM

අනේ අපොයි කියලා හිතෙනවා. (නි)

:       0       0

නිමල් ලලිත Wednesday, 03 September 2014 10:39 AM

ඉතාමත්ම හොඳ අදහසක්, ක්‍රියාවක්. (නි)

:       0       0

ඉම්රාන් Thursday, 04 September 2014 03:14 AM

ඔය අයි එස් අයි එස් කියන්නේ ශරීයා නීතියට වැඩ කරන අය කියලා කියනවා නම් එ්ක පට්ට පල අමුලික බොරුවක්. උන් මිලේච්ජ අන්තවාදීන්. එ්කටයි ඉස්ලාම් ආගමටයි සම්බන්දයක් නැහැ. ආගමේ හා ජාතියේ නාමෙන් තිරිසන් වැඩ කරන තවන් කණ්ඩායමක්. මම නම් ඉල්ලන්නේ මේ වගේ අයට ලෙඩක් දුකක් හැදිලා විඳවලා මැරියන් කියලා. (නදී)

:       0       0

බටුගෙදර Wednesday, 03 September 2014 11:05 AM

අනේ අපොයි! (නි)

:       0       0

ෆාසි Thursday, 04 September 2014 03:15 AM

ඉන්දුනීසියානු ජනාදිපති ඔය අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන් විවේචනය කළ නිසා උන් ඕක කරන්න හදන්නේ. අයි.එස්.අයි.එස් කියන්නේ ඉරාකයේ සහ සිරියාවේ ඉන්න ෂියා මුස්ලිම් වරුන්ට එරෙහිව ඇමරිකාව බිහිකරපු සත්තු ටිකක්. මෙහෙම මිනී මරලා, අන්‍ය ආගමික සිද්දස්ථාන විනාශ කරලා ඉස්ලාමීය රාජ්‍ය හදන්න කියල ඉස්ලාම් ආගමේ කියල නැහැ. එහෙම කරන්න ඕන නං මුලින්ම කඩන්න ඕනෙ ඇමරිකාවේ. (නදී)

:       0       0

බණ්ඩාර Wednesday, 03 September 2014 11:54 AM

මෙහෙ ඉඳලා කෑගහලා වැඩක් නැහැ. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 03 September 2014 12:16 PM

ත්‍රස්තවාදයට එරෙහිව මුළු ලෝකයම නැඟීසිටිය යුතුයි. (නි)

:       0       0

කසුන් ධර්මවංශ Wednesday, 03 September 2014 12:55 PM

වැඩේ නම් හොඳයි. ඒ වගේම අන්තවාදය සහමුලින්ම තුරන් කරන්න හැමෝම මේ විදියට එකතු වුණා නම් තමා හොඳ. (නි)

:       0       0

ඉන්ද්‍ර Wednesday, 03 September 2014 01:23 PM

මේවා අපේ සම්පත්. ඇෆ්ඝනිස්තානයේ කළා‍ වගේ මේ පිළිම වහන්සේලා ටිකත් විනාශ කළොත් අපේ රටේ සිද්ධස්ථාන ටිකටත් කවදාහරි ඇඟිල්ල දිගු කරයි.දැන් සිට නැඟී සිටීම කාලෝචිත ක්‍රියාවකි. (නි)

:       0       0

නිසල Wednesday, 03 September 2014 01:48 PM

සහජීවනේ ගැන විශ්වාස කරන්න තිබ්බා ඔය මුස්ලිම් සහෝදරයො කට්ටිය ටිකක්වත් ඕකට එකතු වුනානම්. (අ)

:       0       0

සමීර සාලින්ද Thursday, 04 September 2014 05:48 AM

අපේ සංවිධාන කෝ ? (නදී)

:       0       0

සමන් Thursday, 04 September 2014 05:55 AM

සේරම්,ඔය කියන විදිහට හාමුදුරුවරු කැලේට ගිහින් භාවනා කරලා නිවන් යන එක ඇරෙන්න වෙන දේවල් කරන්න හොඳ නැහැ කියලද කියන්නේ? ඔය තණකොළ නෙමේ නේද කන්නේ? (ස)

:       0       0

ලංකා Wednesday, 03 September 2014 03:12 PM

@අභය , ස්වභාව ධර්මය දඬුවම් දෙනකොට වෙන්න ඕනේ දේ වෙලා ඉවර නේ.(අ)

:       0       0

සරාම් Thursday, 04 September 2014 06:17 AM

මම අදහස් කලේ සම්බුද්ධ සාසනයේ චීවරය දරාගත් කෙනෙකුගේ එකම අරමුණ නිවන් දැකීම හැර වෙන මොකක්ද ? එසේ නො වීම මේ හැම ගැටළුවකටම මුල නේද ? වෙන වෙන අරමුණු වලට වෙනවෙන මාර්ග තියෙනවා නේද ? තණ කොළ හොඳ කාටද කියල දැන් සමහරුන්ට තේරෙනවා නේද ? (ස)

:       0       0

අනුර දාන්ටේ Wednesday, 03 September 2014 03:26 PM

දැනටමත් අපේ බෞද්ධ සිද්දස්ථාන බුල්ඩෝසර් කරල හමාරයි. බොරුනම් ඔයාලා ගිහින් බලන්න නැගෙනහිර පළාතේ.(අ)

:       0       0

ගොඩගේ Thursday, 04 September 2014 06:21 AM

සමනුත් අර සේරම් කියල තිබුන දේවල් සපයන සැපයුම් කරුවෙක් වගෙයි (නදී)

:       0       0

විදුරංග විලෝචන ගුණසේකර Thursday, 04 September 2014 06:57 AM

අනේ හැබෑටම පුදුම වැදගත් වැඩක් මේක නම්. දැන් මේ උද්ඝෝෂනේ දැක්ක ගමන් අයිසිස් ල ඔය වැඩේ නතර කරාවි. ඕවට තමයි කියන්නෙ අතීසාරෙට අමුඩ ගහනව කියලා (නදී)

:       0       0

දීපාල් Wednesday, 03 September 2014 08:02 AM

බොරුවට මෙහේ ඉඳගෙන කෑගහන්න වෙන්න එපා. පුළුවන් නම් යන්න එම රටවලට (නි)

:       0       0

දිල්ෂාන් Wednesday, 03 September 2014 09:07 AM

අයියෝ! මොකද මේ වෙන්නේ? (නි)

:       0       0

අසාම් Thursday, 04 September 2014 12:57 AM

මෙය සත්‍ය නම් තරයේ හෙළාදැකිය යුතුයි. අන්‍ය ආගමික විශ්වාසයන් හා ආගමික ස්ථාන වලට ගරුකිරීම මනුෂ්‍යත්වයයි. මෙය සියලුම ආගම් අනුමත කරන දෙයක්. (නි)

:       0       0

සේරම් Wednesday, 03 September 2014 09:23 AM

අනේ මෙහෙම මෝඩ වැඩ ඇයි කරන්නේ. නාලාගිරි හස්තියා බුදු පියාණන් වහන්සේ මරන්න එනකොට උන්වහන්සේ ඌට වෙඩි තියන්න ගියාද කාරුණිකව තමන් කවුද කියල හඳුන්වල දුන්නා. එම අසීමිත කරුණාවට පුළුවන් උනා රුදුරු බව දියාරු කරන්න. බුද්ධිමත් හඳුන්වදීමකින් සහ කාරුණිකව පැහැදිලි කිරීමකින් ඔය වගේ විරෝධතාවයන් කෝටියකින් කරන්න බැරි ආකල්ප වෙනස් කිරීමක් කරන්න පුලුවන්. හැබැයි එතකොට අරක්කු සැපයුම් කරුවන්ගේ කෑම පැකට් සපයන්නන්ගේ සිකරට් සපයන අයගේ කොඩි බැනර් සපයන අයගේ කුලියට මිනිස්සු සපයන අයගේ උණුසුම් පුවත් විකාශනය කරන අයගේ මෝඩ මිනිසුන් අතර වීරයෝ වෙන්න බලාගෙන ඉන්න අයගේ විතරක් අදායම, ප්‍රසිද්ධිය අඩු වෙනවා. (නදී)

:       0       0

ලීන් Wednesday, 03 September 2014 09:36 AM

හරිම ජාතිවාදියිනේ. මේවා සාමයට බාදාවක්. කලුගල් ටිකක් කුඩු කළා කියලා මැරෙන්න හදන්නේ පිස්සුද (නදී)

:       0       0

දයා අළහකෝන් Wednesday, 03 September 2014 09:48 AM

මේ ශ්‍රේෂ්ඨ ගොඩනැගිලි විනාශ කිරීමෙන් ඇති ඵලය කුමක්ද? (නි)

:       0       0

නන්ද Thursday, 04 September 2014 01:58 AM

ලීන් , ඔබට මේවා කළු ගල් පමණද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 317 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 511 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 363 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 654 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1293 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 614 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1302 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1548 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site