ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාම් රාජ්‍යක් බිහි කිරීමට තැත් කරන අයි එස් අයි එස් ආධාරකරුවන් ඉන්දුනීසියාවේ ලෝකප්‍රකට බෝරෝ බුදුර් බෞද්ධ සංකීර්ණය පුපුරුවා හරින බවට කැර ඇති තර්ජනය හෙළා දකිමින් රාවණා බලය අද (03) කොළඹ ඉන්දුනීසියා තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂයක් පැවැත්වීය.
රාවණා බලයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පැවසුයේ එම ත්‍රස්ත බලපෑම දැඩි පිළිකුලින් හෙළා දකින බවයි.
බෝරෝ බුදුර් බෞද්ධ සංකීර්ණය





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඕවා කරන අයට ස්වභාව ධර්මය විසින්ම දඩුවම් දෙනවා. (නි)
අනේ අපොයි කියලා හිතෙනවා. (නි)
ඉතාමත්ම හොඳ අදහසක්, ක්‍රියාවක්. (නි)
ඔය අයි එස් අයි එස් කියන්නේ ශරීයා නීතියට වැඩ කරන අය කියලා කියනවා නම් එ්ක පට්ට පල අමුලික බොරුවක්. උන් මිලේච්ජ අන්තවාදීන්. එ්කටයි ඉස්ලාම් ආගමටයි සම්බන්දයක් නැහැ. ආගමේ හා ජාතියේ නාමෙන් තිරිසන් වැඩ කරන තවන් කණ්ඩායමක්. මම නම් ඉල්ලන්නේ මේ වගේ අයට ලෙඩක් දුකක් හැදිලා විඳවලා මැරියන් කියලා. (නදී)
අනේ අපොයි! (නි)
ඉන්දුනීසියානු ජනාදිපති ඔය අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන් විවේචනය කළ නිසා උන් ඕක කරන්න හදන්නේ. අයි.එස්.අයි.එස් කියන්නේ ඉරාකයේ සහ සිරියාවේ ඉන්න ෂියා මුස්ලිම් වරුන්ට එරෙහිව ඇමරිකාව බිහිකරපු සත්තු ටිකක්. මෙහෙම මිනී මරලා, අන්‍ය ආගමික සිද්දස්ථාන විනාශ කරලා ඉස්ලාමීය රාජ්‍ය හදන්න කියල ඉස්ලාම් ආගමේ කියල නැහැ. එහෙම කරන්න ඕන නං මුලින්ම කඩන්න ඕනෙ ඇමරිකාවේ. (නදී)
මෙහෙ ඉඳලා කෑගහලා වැඩක් නැහැ. (නි)
ත්‍රස්තවාදයට එරෙහිව මුළු ලෝකයම නැඟීසිටිය යුතුයි. (නි)
වැඩේ නම් හොඳයි. ඒ වගේම අන්තවාදය සහමුලින්ම තුරන් කරන්න හැමෝම මේ විදියට එකතු වුණා නම් තමා හොඳ. (නි)
මේවා අපේ සම්පත්. ඇෆ්ඝනිස්තානයේ කළා වගේ මේ පිළිම වහන්සේලා ටිකත් විනාශ කළොත් අපේ රටේ සිද්ධස්ථාන ටිකටත් කවදාහරි ඇඟිල්ල දිගු කරයි.දැන් සිට නැඟී සිටීම කාලෝචිත ක්‍රියාවකි. (නි)
සහජීවනේ ගැන විශ්වාස කරන්න තිබ්බා ඔය මුස්ලිම් සහෝදරයො කට්ටිය ටිකක්වත් ඕකට එකතු වුනානම්. (අ)
අපේ සංවිධාන කෝ ? (නදී)
සේරම්,ඔය කියන විදිහට හාමුදුරුවරු කැලේට ගිහින් භාවනා කරලා නිවන් යන එක ඇරෙන්න වෙන දේවල් කරන්න හොඳ නැහැ කියලද කියන්නේ? ඔය තණකොළ නෙමේ නේද කන්නේ? (ස)
@අභය , ස්වභාව ධර්මය දඬුවම් දෙනකොට වෙන්න ඕනේ දේ වෙලා ඉවර නේ.(අ)
මම අදහස් කලේ සම්බුද්ධ සාසනයේ චීවරය දරාගත් කෙනෙකුගේ එකම අරමුණ නිවන් දැකීම හැර වෙන මොකක්ද ? එසේ නො වීම මේ හැම ගැටළුවකටම මුල නේද ? වෙන වෙන අරමුණු වලට වෙනවෙන මාර්ග තියෙනවා නේද ? තණ කොළ හොඳ කාටද කියල දැන් සමහරුන්ට තේරෙනවා නේද ? (ස)
දැනටමත් අපේ බෞද්ධ සිද්දස්ථාන බුල්ඩෝසර් කරල හමාරයි. බොරුනම් ඔයාලා ගිහින් බලන්න නැගෙනහිර පළාතේ.(අ)
සමනුත් අර සේරම් කියල තිබුන දේවල් සපයන සැපයුම් කරුවෙක් වගෙයි (නදී)
අනේ හැබෑටම පුදුම වැදගත් වැඩක් මේක නම්. දැන් මේ උද්ඝෝෂනේ දැක්ක ගමන් අයිසිස් ල ඔය වැඩේ නතර කරාවි. ඕවට තමයි කියන්නෙ අතීසාරෙට අමුඩ ගහනව කියලා (නදී)
බොරුවට මෙහේ ඉඳගෙන කෑගහන්න වෙන්න එපා. පුළුවන් නම් යන්න එම රටවලට (නි)
අයියෝ! මොකද මේ වෙන්නේ? (නි)
මෙය සත්‍ය නම් තරයේ හෙළාදැකිය යුතුයි. අන්‍ය ආගමික විශ්වාසයන් හා ආගමික ස්ථාන වලට ගරුකිරීම මනුෂ්‍යත්වයයි. මෙය සියලුම ආගම් අනුමත කරන දෙයක්. (නි)
අනේ මෙහෙම මෝඩ වැඩ ඇයි කරන්නේ. නාලාගිරි හස්තියා බුදු පියාණන් වහන්සේ මරන්න එනකොට උන්වහන්සේ ඌට වෙඩි තියන්න ගියාද කාරුණිකව තමන් කවුද කියල හඳුන්වල දුන්නා. එම අසීමිත කරුණාවට පුළුවන් උනා රුදුරු බව දියාරු කරන්න. බුද්ධිමත් හඳුන්වදීමකින් සහ කාරුණිකව පැහැදිලි කිරීමකින් ඔය වගේ විරෝධතාවයන් කෝටියකින් කරන්න බැරි ආකල්ප වෙනස් කිරීමක් කරන්න පුලුවන්. හැබැයි එතකොට අරක්කු සැපයුම් කරුවන්ගේ කෑම පැකට් සපයන්නන්ගේ සිකරට් සපයන අයගේ කොඩි බැනර් සපයන අයගේ කුලියට මිනිස්සු සපයන අයගේ උණුසුම් පුවත් විකාශනය කරන අයගේ මෝඩ මිනිසුන් අතර වීරයෝ වෙන්න බලාගෙන ඉන්න අයගේ විතරක් අදායම, ප්‍රසිද්ධිය අඩු වෙනවා. (නදී)
හරිම ජාතිවාදියිනේ. මේවා සාමයට බාදාවක්. කලුගල් ටිකක් කුඩු කළා කියලා මැරෙන්න හදන්නේ පිස්සුද (නදී)
මේ ශ්‍රේෂ්ඨ ගොඩනැගිලි විනාශ කිරීමෙන් ඇති ඵලය කුමක්ද? (නි)
ලීන් , ඔබට මේවා කළු ගල් පමණද? (නි)