විදේශ උපදෙස් අනූව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න යනවා යැයි විපක්ෂයේ ඇතමුන් වැරදි ප්‍රචාර ගෙන යමින් රටේ අවුල් ඇති කරන බවත් එවැනි අවුල් ඇති නොකරන ලෙසත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා සිටියේය.
අපේ රටට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට විදෙස් සහාය හා උපදෙස් අවශය නොවන බව එතුමා කියා සිටියේය.
උතුරේ ජනතාව ඒකීය වචනයට බය වී ඇති බවත් දකුණෙු ජනතාව ෆෙඩරල් යන වචනයට බය වී අති බවත් මේ තත්ත්වය මග හැරවීම යුගයේ අවශ්‍යතාවය බවත් ජනපති කීවේය.
විධායක ජනපති ක්‍රමය නිසා තිස් අවුරුදු යුද්ධය නිමා කිරීමට හැකි වූවාය යන්න මතයක් පවතින බවත් අපි කළ යුත්තේ ආණුඩුක්‍රමයේ බිල්ලෙකු මතු කිරීම නොව දැනුම, අවබෝධය, දර්ශනය මත රටේ අනාගතයට වග කියන ප්‍රමුඛ නීති සකසා ගැනීම බවත් ජනපති කීවේය.
එමගින් ජාතික සංහිඳියාව, ජාතික සමගිය ඇති කිරීම බව ජනපති අද (09) ආණුඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් පැවසුවේය.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
'බොරු ප්‍රචාරයෙන් රට අවුල් කරන්න එපා'
සුමිත් Saturday, 09 January 2016 06:49 AM
"උතුරේ ජනතාව ඒකීය වචනයට බය වී ඇති බවත් " .........අයි ඒ ? කොහොමත් ඒකීය තමා . මොකටද ෆෙඩරල් (අ)
ආනන්ද දොඩන්ගොඩ Saturday, 09 January 2016 11:27 AM
ඔබතුමා කියන කිසිවක් පිළිගන්න පුළුවන්කමක් නැතිවෙලා අපිට. මොකද ඡන්දෙට කලින් කී දේවල් වෙනස්වුණ නිසා (නි)
යාපා Saturday, 09 January 2016 07:14 AM
හොඳ කතාවක් (නි)
රූපා Saturday, 09 January 2016 11:44 AM
හොඳ කතාවක් (නි)
සමිත් Saturday, 09 January 2016 12:14 PM
සුමිත්, ඔයාට ඒකීය හොඳයි වගේම තමයි අපිට ෆෙඩරල් හොඳයි. (නි)
ශාලිත Sunday, 10 January 2016 09:13 AM
ඔබතුමා ගැන අපිට විශ්වාසයි (නි)
නිරාන් Sunday, 10 January 2016 09:23 AM
ඔබතුමා හරි (නි)
අජන්ත Saturday, 09 January 2016 12:35 PM
අපි නම් නිශ්ශබ්දව වෙන දේ බලාගෙන ඉන්නවා (නි)
ඩිල්ෂාන් Saturday, 09 January 2016 12:54 PM
රටක ව්‍යවස්ථාවක් කියන්නේ උගතුන් සහ ජනමාධ්‍ය වලද අදහස් ලබාගෙන කළයුතු දෙයක්. මොකද රට කාගේවත් බූදලයක් නොවෙන නිසා. (නි)
රොහාන් Saturday, 09 January 2016 08:54 AM
රට කොයිබටද යන්නේ කියා දැන් හොඳට තේරෙනවා (නි)
දීපා Saturday, 09 January 2016 02:31 PM
1994 සිට 2005 දක්වා සෑම මතිවරයෙකදිම පොදු පෙරමුණේ ප්‍රධාන සටන්පාඨය හා පොරොන්දුව වුයේ විධායක ජනාධිපති ධූරය අහෝසිකිරිම.විධායක ජනාධිපතිකම රටට සාපයක් කිවා. යුද්දය ඇති වුණෙත් විධායක ජනාධිපති ක්‍රමය නිසා කිවා. යුද්දය දිනපු ගමන් අහෝසි කිරීමේ අදහස වෙනස් වුවා.2005දි විමල් වීරවංස මහින්ද මහතාට සහය දුන්නෙත් ඕක අහෝසිකරන පොරොන්දුව උඩයි.(අ)
දිසානායක Saturday, 09 January 2016 09:10 AM
මිනිසුන් රැවටීම යනු මහා විනාශයක පෙරනිමිත්තකි (නි)
නිමල් ලාලිත Saturday, 09 January 2016 09:26 AM
ඔබතුමා කියන හැම දෙයක්ම රටක තිබිය යුතුයි. සිංහලයා හැර හැම ජාතියක්ම රට හැමතැනම ජීවත්වෙන අතර සිංහලයාට සමහර පෙදෙස්වල ජීවත්වීමට බැහැ. අපේ ගැටවර වියේදී සිංහලයා වඳ කිරීමට පටන්ගත් පුංචි පවුල රත්තරන් තේමාව අද ඉතාමත් හොඳට ක්‍රියාත්මක වෙනවා. උතුරෙන් ගෙනාපු හැම ගිවිසුමකම මුලික ඉල්ලීම වුයේ සිංහලයා එහි පදිංචි නොකරවිය යුතුය යන්නයි. එනිසා කරුණාකර සිංහලයාගේ අනාගත අයිතිය තහවුරු කරන්න. (නි)
අජිත් කරුණාරත්න Sunday, 10 January 2016 02:11 AM
යුද්ධය දිනුවෙත් විධායක ජනාධිපති ක්‍රමය තිබුන නිසා කියලා කියපු කට්ටියකුත් හිටියා. (නි)
ටෙරන්ස් Sunday, 10 January 2016 02:58 AM
ඔබතුමාට සදා ජය! (නි)