විදේශ උපදෙස් අනූව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න යනවා යැයි විපක්ෂයේ ඇතමුන් වැරදි ප්‍රචාර ගෙන යමින් රටේ අවුල් ඇති කරන බවත් එවැනි අවුල් ඇති නොකරන ලෙසත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා සිටියේය. 

අපේ රටට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට විදෙස් සහාය හා උපදෙස් අවශය නොවන බව එතුමා කියා සිටියේය.

උතුරේ ජනතාව ඒකීය වචනයට බය වී ඇති බවත් දකුණෙු ජනතාව ෆෙඩරල් යන වචනයට බය වී අති බවත් මේ තත්ත්වය මග හැරවීම යුගයේ අවශ්‍යතාවය බවත් ජනපති කීවේය.

විධායක ජනපති ක්‍රමය නිසා තිස් අවුරුදු යුද්ධය නිමා කිරීමට හැකි වූවාය යන්න මතයක් පවතින බවත් අපි කළ යුත්තේ ආණුඩුක්‍රමයේ බිල්ලෙකු මතු කිරීම නොව දැනුම, අවබෝධය, දර්ශනය මත රටේ අන‍ාගතයට වග කියන ප්‍රමුඛ නීති සකසා ගැනීම බවත් ජනපති කීවේය.

එමගින් ජාතික සංහිඳියාව, ජාතික සමගිය ඇති කිරීම බව ජනපති අද (09) ආණුඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් පැවසුවේය.

78