(දිලීප් ජයසේකර සහ රොෂාන් දිලිප් කුමාර)
අලුත් නීති හදන්නෙත් නෑ. බොරු නඩු දමන්නෙත් නෑ. සාමාන්‍ය රටේ තියෙන නීතිය අනුව ඕනෑම කෙනෙක් වුණත් කමක් නෑ වරදක් කලොත් ඒ වරදට අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදුකරලා ඒ අනුව දඬුවම් දෙන බව මහවැලි,කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.
රට හදන සෞභාග්‍යමත් දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන “2020 වාරි සෞභාග්‍ය“ වැඩ සටහන යටතේ හම්බන්තොට කොට්ඨාසයේ බදගිරිය ජලාශය ඇතුළු අවට වැව් ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් පැවති උත්සවයේ දී අමාත්‍යවරයා අද (12) මෙසේ කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍ය වරයා මෙසේ ද පැවසීය.
‘නව රජය යටතේ කොයිම මොහොතකවත් වැරදිකරුවන් ආරක්ෂා කරන්නේ නෑ. මොන තරාතිරමක කෙනෙක් වුණත්, දේශපාලඥයෙක් වුණත් වැරදිකරුවන් නම් ඔවුන්ට උපරිම දඬුවම් දෙනවා. වැරදිකරුවන් වෙන්නේ රජයේ නිලධාරියෙක් නම් ඒ පිළිබදවත් කටයුතු කල යුතු ක්‍රමයක් තියෙනවා.
ලැබෙන පැමිණිලි පිළිබදව නියම විදියට පරික්ෂණ පවත්වලා සාක්ෂිකරුවන් පිළිබදව සොයා බලා පැමිණිල්ල ඇත්තද නැත්තද යන්න පිළිබදව පරීක්ෂණ පවත්වලා ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග ගන්නවා.
සහල් මිල පිළිබඳව යම් ගැටලුවක් තියෙන බව පේනවා. සතොස නම් විකුනන්නේ අඩු මිලට.වී අලෙවි මණ්ඩලයේ වී කොටලා සතොසට විතරයි දෙන්න පුළුවන් වෙන්නේ. සතොසෙන් තමයි බෙදා හරින්නේ. ඇතැම් සුපර් මාකට්වල සතොසටත් වඩා අඩුවෙන් හාල් තියෙනවා. වැඩි දෙනෙක් ආහාරයට ගන්නේ නාඩු සහල්. ඒවා පිළිබඳව නම් කිසිසේත්ම ගැටළුවක් තියෙන්න විදියක් නෑ. නාඩු සහල් සත්ව ආහාර සඳහා විශාල ප්‍රමාණයක් අරන් ගිහිල්ලා කියලා ආරංචියක් තියෙනවා. පසුගිය කාලේ වෙච්ච දේවල් වලට මට වගකියන්න බෑ.නමුත් අමාත්‍යවරයා විදියට අද ඉදන් මන් මේ පිළිබඳ වගකීම බාර ගන්නවා. ඉදිරියේ දී සියලුම සහල් වර්ගවල මිල පාලනයක් ඇති කිරිමට අවශ්‍ය පියවර ගන්නවා.’



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකම් හිවල්ලු වගේ ඉඳගෙන සිංහ කතා කියන්න එපා. එහෙනම් ඉස්සරවෙලාම අපේ සල්ලි වලින් සොහොන් හදපු, සුනාමි සල්ලි ගහපු, හොර දේපල ගත්තු, හොර නීති උපාධි ගත්තු වගේ අයට දඬුවම් කරලා පෙන්නන්න බලන්න.
කාගෙ කාගේත් කිල්ලෝටවල හුණු ටිකක් හරි තියන නිසා නඩු නොදා ඉම්මු...
අනුන්ගේ වැඩ ගැන වැඩි කතා වැඩි සිනා කුමටද? ඉස්සෙල්ලාම බලන්නකෝ අතිජාත පුත්‍ර රත්නය කරපු කෙරුම් ටික. ඒවාට අවශ්‍ය පියවර අරගෙනම පටන්ගත්තානම් නේද හොඳ?
අනේ මහත්තයා මේ බබා වෙන්නේ නැතිව යන්න. ඔයාලා 10ක් රටේ යුද්දේ ඉවර කරාට පස්සේ ණය තමයි මේ ගෙවන්නේ...
කිසිම කෙනෙක් වැරදි කරලා නෑ අනේ.......ජනතාව නොදන්නාකමට කරගත් වැරදි මිස......අපි හරිම හොද රටක්.... මේ කිසි කෙනෙක් වැරදි කරන්නැති නිසා නීති මොකටද අනේ ? ඔන්න බුවාලන්තේ................
අම්මපා, කිඹුලා කන එක ඉවසන්න පුළුවන්, මේ වගේ කොහිල කටු ඇනෙන එක තමයි ඉවසන්න බැරි...
කොහෙන්ද දන්නේ නැහැ කතා කරන්නේ... කැලේ නීතිය කාලේ දේශපාලුවෝ නීතිය අතට අරන් කරපු හරිය ගැන තමුන්ට අමතක වුණාට අපිට නම් හොඳට මතක තියෙනවා.
ඔව් ඔව් ඔයාගේ පැත්තේ ඉන්න සමහර අයගේ සහ ඔවුන්ගේ පවුල් වල අයගේ නඩු වලටත් ඔය ලේබල් එකම ගහලා ඔන්න ඔය නඩු ටික හෙමින් හෙමින් විසි කරලා දාන්න. ටිකිරි මොලේ නේ ?
බොරු නඩු ඕනේ නැහැ එත් දමන නඩුව බේරෙන්න බැරි විදිහටම දමන්න.
ආණ්ඩුවේ ඉන්නේ දෙවියෝ නෙවෙයිනේ. අර හිටපු එතනෝල් සෙට් එකමනේ. ඔයාලගෙන් අපි පලිගැනීම් දුෂණය වංචාව ඇරෙන්න වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?