(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
තමා සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු පතුරුවන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා එසේ කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවැසීය.
තමා සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල ප්‍රසිද්ධ කෙරුණු බවද ඔහු ප්‍රකාශ කළේය .
නිරෝධායනය සඳහා පස්සර ප්‍රදේශයට රැගෙන ගිය පිරිසක් රැගත් බස් රියක් නැවත හැරවීමට තමා කටයුතු නොකළ බවත් එම පිරිසට ඇඳුම් ගෙනයෑමට ඉඩදෙන්නැයි නීතිඥයෙකු මාර්ගයෙන් කළ ඉල්ලීමක් අනුව තමා පොලිස්පතිවරයාට කතා කර ඒ සඳහා කටයුතු කරන ලෙස දැනුම් දුන් බවත් වීරසේකර මහතා කීය .
කිසිම පුද්ගලයකු දින 14ක නිරෝධායනයට ඇඳිවත පිටින් රැගෙන යෑම අසාධාරණ යැයි ද ඔහු ප්‍රකාශ කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු පතුරවන්නේ ආණ්ඩුවමනේ..!! කොරෝනාව ජයගත්තයි කියලා කවුද ජනතාව නොමග ඇරියේ? ඕවාට නේද බොරු කියන්නේ..?
අසත්‍ය තොරතුරු පතුරනවා නම් දඬුවම් දිය යුතුයි. ඒත්, සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාවක වීඩියෝ ක්ලිප් එකක් යූ ටියුබ් එකේ තියෙනවා. ඒකේ තියෙන විදිහට කව්දෝ කෙනෙකු පොලිස් නිලධාරීන්ට විදිය යුතු එන්නත් තොගයක් වෙනත් කට්ටියකට විද්දාලු. මේවා බොරු නම්, ඇයි නඩු දාන්නේ නැත්තේ...?
එතකොට මගේ පුංචි රෝස මලේ... මමයි නුඹේ වියපත් බඹරා කියන්නේ කවුද? අනේ මගේ කට.
හරි දේ කරන්න. ඔබට වරදින්නේ නැහැ. ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැනේ.. කියලා අපේ සිංහල ගැමි වහරේ තියෙනවා.
අර ඇමරිකන් කොරිඩෝ ගැන කියපු ගුරුවරයෙක් ඔබතුමාට ඡන්දෙ දෙන්න කියලා ඉල්ලීමක් කළා. දැන් එතුමාට මොනවා හිතෙනවා ඇද්ද?
පියුමිට නම් අසාධාරණයක් කරන්න එපා හොඳද..?
කිසිම පුද්ගලයකු දින 14ක නිරෝධායනයට ඇඳිවත පිටින් රැගෙන යෑම අසාධාරණ නම් එක නිතිගත කරන්න
අත්අඩංගුවට ගන්න නම් තව කොච්චර අය ඉන්නවද
එහෙනම් ඊලග ආණ්ඩුව ආවට පස්සේ නිතිමය ක්‍රියාමාර්ග ගන්න වෙන්නේ ඔබතුමාට තමා
ඊයේ පාර්ලිමේන්තුවේ කල කතාවේදී චන්දිමාල් නැමැත්තාගේ නීතිඥයා ඇතුළු තව දෙදෙනෙක් ඇදුම් ඕනේ කියලා කිව්වලු නේ..ඉතින් අනිත් දෙන්නා කව්ද කියලා කියන්න එපැයි ?
ඔක්කොම නන්දසේන වගේම පුස් වෙඩික්කාරයින්. රටයි, ජනතාවයි ඉවරයි.
පච වෙච්ච අය දැකලා තියෙනවා.. මෙහෙමත් පච වුණු කෙනෙක් දැකලා නෑ.. වියපත් බඹරා....
තමන්ගේ කණ්ඩායමත් බොරුව පතුරවලා තමයි බලයට ආවේ... එහෙම එකේ මේ වගේ දේවල් දරාගන්න වෙනවා ඉඳහිට... හොඳම දේ තමයි නිහඬව සිටීම...!
අර රූපවාහිනීවල පෙන්නපු පාරදිගේ උස්සන් ගිය මිනිස්සුන්ගේ ඇඳුම් පාර්සලත් ඔය වගේ බස් නවත්තලා ගෙනල්ලා දුන්නද? මේවා රෙදි ඇඳන් කියන කතාද?
අද රටේ තියෙන ප්‍රශ්නය තමයි කෙළවරක් නැතුව "පුස් වෙඩි පත්තු වෙන එක"
හිතවත් සරත් වීරසේකර අැමැතිතුමා, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මා ඔබට මාගේ මනාප ඡන්දය නොදුන්නෙමි. ඒ ගැන සිතනවිට මට ඇත්තේ රට වැසියෙකු ලෙස අසීමිත ආඩම්බරයක් සහ සතුටකි. මගේ රට වෙනුවෙන් මට හැකි ආකාරයෙන් නිවැරදි දේ කළා යැයි සිතමි..!
මෙබඳු ප්‍රශ්නයක් කරන ඔබ බොරුකාරයෙක් නොවෙයි.. කියලා කියන්න පුළුවන්ද?
දේශපාලනයේ නියුතු සියලු දෙනා මුලින්ම අවංකව කතා කළ යුතුයි.
ප්‍රංශයේ ජනාධිපතිට නම් කෙල්ලෙක්ගෙන් හොඳ කනේ පහරක් ලැබුණාලු... ඔය බොරුකියන අපේ අයටත් ළඟදීම ඒවා ලැබෙයි වගේ..
අන්න හොඳයි. " කුඩු කාරයින්ගේ පින්තුර මාධ්‍ය වල පල කරනවා, බුර්කාව තහනම් කරනවා, මද්‍රසා පාසල් වලට ඉඩ දෙන්නේ නැහැ, එක රටක් එක නීතියක්, අපි බලයට පත් උන දවසෙම සියලුම ගොවියන්ට පොහොර නොමිලේ දෙනවා, අපි තමයි හොඳටම කෙරුවේ" වගේ බොරු තොරතුරු ප්‍රචාරය කරපු අයගෙන්ම වැඩේ ආරම්භ කලොත් තමයි වටින්නේ.
වියපත් බඹරා..!!!
ඕනම දෙයක් කරන්න කලින් ඒක ගැන දෙපාරක් හිතන්න ඕනෑ කියන්නේ ඔන්න ඕක තමයි... විශේෂයෙන් රාජ්‍ය නිලධාරියෙක් වුණාම දන්න අඳුනනකම් කියන දෙය හිතේ තියාගෙන වැඩ කරන්න හොද නෑ. ඔන්න මේ ව්‍යවසන කාලේ රාජ්‍ය නිලධාරින්ගෙන් යම් අනර්ථකාරි ක්‍රියාවක් සිදුවෙනවා නම් ඕනෑම කෙනෙකුට සෘජුවම තමන් අමතා ඒ බව දැනුම් දිය හැකි බව පවසා ඔබතුමාගේ දුරකථන අංකයවත් සඳහන් කරලා තිබුණා නම් මේ ක්‍රියාව යම් දුරකට හෝ අපට සාධාරණියකරනය කරන්න තිබුණා.. අනේ මන්දා අපි හිතේ තියන් හිටපු බලාපොරොත්තු එකින් එක දවසින් දවස බිඳවැටෙනවා...
නිකන් පැත්තක ඉන්න හාල් කෑල්ලකට දෙන්න ගියා. මම ඔබට ගරුකළා. දැන් ඒක ඉවරයි.
ඔබතුමා පුස් වෙඩි පත්තු කරන කෙනෙක් නෙවෙයි ... ජීව උණ්ඩ තමයි පත්තු කරන්නේ... ඒ් වුණාට මෙදා පත්තු කරපු එක ගිහින් වැටුනේ වෙන කොහාටද නේද?
අර ඇදුම් ගිහින්දුන්න එක ගැන වෙන්නැති මේ කියන්නේ
දැන් මෙයාට විරුද්ධව චෝදනා කරද්දී මෙයා කොහොමද ඒ ගැන පරීක්‍ෂණ කරන්න කියන්නේ? පොලීසිය මෙයාගේ අම්මා අප්පා ගේ බූදලේද? ඒක කරන්න ඕනේ නීතිය සම්බන්ධ ආයතන මිසක් මෙයා නෙමේනේ...
මේ මනුස්සයා හමුදාවටත් ලැජ්ජාවක්. රටේ, ලෝකේ මිනිස්සු හිතයි අපේ විරෝදාර හමුදාව මේ වගේ නිවට නෝන්ජල් අය කියලා. ඡන්දෙ දුන්නු කොළඹ මිනිස්සු දැන් ඔලුවේ අත ගහගන ඇත්තේ..