තම වත්තේ මුරකරුට පහර දී ඔහුගේ බිරියට බලහත්කාරකමක් කළැයි බොරු චෝදනා මත නීතීඥ ධම්මික ගමාරච්චි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිසියේ ස්ථානාධිපති ආනන්ද අබේරත්න, විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති නිශාන්ත සොයිසා සහ කොස්තාපල් බණ්ඩාර එම නීතීඥවරයාගෙන් සමාව ගත්හ.
අසත්‍ය චෝදනා කර අත්අඩංගුවට ගෙන රිමානඩ් කළැයි එම නීතිඥවරයා පොලිසියෙන් කෝටි 50ක් ඉල්ලා කෑගල්ල දිසා අධිකරණයේ ගොනු කළ නඩුවක දී පොලිස් නිලධාරීහු එලෙස සමාව ගත්හ.
පොලිසිය සමාව ගත් නිසා නඩුව ඉදිරියට ගෙන නොයන බව නීතීඥ ගමාරච්චි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුදර්ශනා එස් රාජපක්ෂ මහතාමිය දැනුම් දුන්නාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලන්ට දැන් උසස් වීම් ගන්නවා බොරු. කොමිසම නම් තදින් සිටීවි. (ර)
එහෙමනමි ඕනම වැරැද්දක් කරලා සමාව ගත්තම හරි... (ර)
දැන් හැබෑටම ඔය වැඩේ ඔය පොලිසියම ගමේ අහිංසක දුප්පතෙකුට කළා නම් ඒ අහිංසකයා අද හිරේනේ ... (නි)
කෝටි 50 ක් ඉල්ලා සත පහක්වත් නැතුව නඩුව ඉවත්කරගත් එක ගැන මට නම් හිතට දුකයි. අන්න ලක්ෂයක් දෙකක් ඉල්ලලා එහෙම කළා නම් කමක් නැහැ (නි)
බොරු චෝදනා මේ අයටත් දානවනම් අපි වගේ අයට කුමන කතාද?(හේ)
බොරු චෝදනා කරන කාට කාටත් මේවා හොඳ පාඩම් (නි)
සවසට පාර අයිනේ මොනවා හරි හේතුවකට කතා කර කර ඉන්න පාසල් යන සිගරට්වත් කටේ නොදමන අහිංසක ළමයින් අල්ලලා සාක්කුවට ගංජා දාල බොරු නඩු දාන පොලිස් නිලධාරීන් ගැන කොමිසම හොඳට හොයල බල දැඩි පියවර ගත්තොත් හොඳයි. (ස)
දැක්කනේ පොලිස් වැඩ. වරද පිළිගත්තා නිසා දඬුවම් කරන්න ලෙහෙසියි දැන් (නි)