එම්.ජී.ධනුෂ්ක ගායකයා සිටි වේදිකාවකට වෙඩි තැබූ බව කියන පාබල හමුදාවේ සෙබළෙක්, මැණික් ව්‍යාපාරිකයෙක් ඇතුළු තිදෙනෙක් අද (1) දෙල්කඳදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පසුගිය ජූනි 11 වැනිදා කිඹුලාවල කමත ක්‍රීඩාංගණයේ පැවැති සංගීත සංදර්ශනයකදී බයිලා චක්‍රවර්තී එම්.එස්.ප්‍රනාන්දුගේ ගීත ගයන්නැයි ඔවුහු එම්.ජී.ධනුෂ්කගෙන් ඉල්ලා ඇතත් ඒවා නොගයන ලෙස උසාවි නියෝගයක් ඇති බැවින් ඔහු ගීත ගායනා නොකළැයි කෝපයට පත්ව සංවිධායකයන්ට හා ගායකයාට බැන වදිමින් වේදිකාවට වෙඩි තබා කලබගෑනියක් කර ඇති බව කියති.
ඔවුන් සතුව තිබූ ගිනි අවියක් හා සුඛෝපභෝගී රියක්ද පොලිස් භාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මෙහෙම වැඩක්. මෙහෙම තුවක්කු පත්තු කරන්න පුලුවන්ද? (නි)
එස් එම් එස් යවලා දිනවලා කැමති සින්දුවක් ඉල්ලන්න ඇති රස විදින්න. (ර)
අනේ රටට ගිය කලක්. (නි)