(රංජන් කස්තුරි)
බියර් හා වයින් සඳහා බදු අඩු කිරිමේ තින්දුවේ වෙනසක් සිදු නොවනු ඇතැයි මුදල් අමාත්‍යවරයා කියයි.
මත්පැන්වල අඩංගු මධ්‍යසාර ප්‍රතිශතය මත බදු අය කිරිම ජාත්‍යන්තර ක්‍රමවේදයක් වන අතර එමගින් බදු දැල ශක්තිමත් වන බවද මුදල් අමාත්‍යවරයා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදු දැල ශක්තිමත් වන අතරම ඇති බහුතරය බියර් පානයත් සමග ඔවුන්ගේ දියවැඩියාවද ශක්තිමත් වනු ඇත.
අකමැති අය ටික දෙනෙක් මොනවා කිවුවත් බොන අපි කැමතියි මිල අඩු කලාට ..
බියර්වලින්ම පටන්ගන්න එක හොඳයි. වැඩිය සැරකුත් නැහැනේ.
අසව් අසව් ඔන්න බියර් පානයෙන් දියවැඩියාව හැදෙනවලු
අනේ ඇමතිතුමෝ ඔන්න ඔය කියන එකේ ඔන්න ඔහේ වැඩි කරලා දාන්න.
කොහේටවත් නැති තීරණයක් තමයි අයවැයේ බියර් මිල අඩුකිරිල්ල.
බියර් ටිකක් වත් අඩුවට බොන්න පින නැති කාලකන්නි අමනයෝ ඉන්න රටක් මේක. මුන්ට ගැලපෙන්නේ බියර් නෙමේ, ....
පොතේ හැටියට හිතනවා නම් කිසිම මත් පැනක මිල අඩුකළ යුතු නැහැ. නමුත් ප්‍රායෝගික ලෝකයේ සැර අධික මත්පැන් පාලනය කරන්න සැර අඩු බියර් වයින් වැනි දේ මිල අඩු කිරීම සුදුසුයි කියලයි මං නම් හිතන්නේ. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා රා මැදීමේ බලපත්‍ර ක්‍රමයක් යෝජනා කලෙත් මේ වගේ තත්වයක් තුල. නමුත් අපි හරිම සදාචාර සම්පන්න ජාතියක් හින්ද පුළුවන් තරම් විරුද්ධ වෙලා ඒ යෝජනාව ඉවත් කෙරෙව්වා. මේකටත් සදාචාර විරෝධයක් දාල අහකට තල්ලු කරවමු. ඊට පස්සේ ගල් කසිප්පු ගගහ සදාචාරය වර්ධනය කරමු.
රටේ ජනගහන අනුපාතයට සිටියුතු අමත්වරුන්ගේ සන්ක්යාවට ජාත්‍යන්තර ප්‍රමිතිය කුමක්ද? . ලංකාවේ අඑව බලන්නේ නැත්ද ?
මෙයා මේ රට විනාශ කරන්න හොර ගිවිසුම් ගහපු එකෙක්.මු දැන් කරන්නේ සුරාවෙන් මත් වූ ජාතියක් ඇති කරලා මුන්ගේ හොර කුමන්ත්‍රණ,ජාවාරම් කරගෙන යාමයි.මේ ද්‍රෝහීන්ව පලවා හැරිය යුතුය.
බියර් මිල අඩු කිරීම ගැන විරෝධය දක්වන්නේ ඕනෑම දේකට විරුද්ධ වීමේ විනෝදාංශය කර ගත්, කවදාවත් බියර් නොබීපු, ඒවාගේම බියර් කියන්නේ මොනවද කියල වත් නොදන්නා අපතයන් පිරිසක් බවයි පෙනෙන්නේ. මේ සොච්චම් කාරණයක් අල්ලාගන රට පෙරලන්න හදනවා, ඊට වඩා කතාකලයුතු බැරෑරුම් දේවල් ඕන තරම් තියෙද්දී. මම බීර විතරක් නොවෙයි, මත් පැන් සාමාන්‍යයෙන් පානය කරන කෙනෙක්. ඒකෙන් මෙච්චර කාලයක් නම් සමාජයට වෙච්ච කිසිම හානියක් කරදරයක් නැහැ. ඇමති තුමෝ, මේ කරච්චල කාරයන්ට බම්බු ගහන්න කියලා, පුළුවන් නම් අරක්කු වල මිලත් අඩු කරන්න.
බමුණුආරච්චි වැස්සකටවත් ඉස්කෝලේ ගිය නැති කෙනෙක් වගෙයි. බියර් වලට දියවැඩියාව හැදෙනවා තමයි.
වැඩි කරපු දේවල් වල ගැන අඩු කරන්නේ නැතිනම් චන්දය දීමේ තින්දුවෙත් වෙනසක් නැති බව සලකන්න.
වස කසිප්පු බොනවට වැඩිය හොඳ නැත්ද ? මංගල කෙලින් ඉන්න එක හරි.
උදේ හවස පන්සිල් ගන්න අය මේ ගැක කලබල වෙන්න හොඳ නෑ..
ඉතා හොඳ තීරණයක්. තද මත්පැන් හා කසිප්පු පාවිචිය අඩුවේ. බීර් බීම වැඩිවේ. මේක තේරුම් ගන්න බැරිද ? බීයර් හානියට වඩා වකුගඩු වලට හොඳ බීමක්.
ජය වේවා තුමනි......
මිනිසුන් ඉල්ලන දේ කොතෙකුත් තිබියදී මිනිසුන් නොඉල්ලන දේ බලෙන් දෙන්න හදන්නේ ඇයි ඇමතිතුමෝ.
කසිප්පු පෙරීම විකිණීම නවත්වන්නේ නැතිව බියර් මිල අඩු කරලා කසිප්පු රා නවත්වන්න බෑ.
ඔබතුමාගේ කෙලින් තීරණයට අපේ ආචාරය..
මතට තිත තැබුවට ඔබට තුති.
හොඳ තීරණයක්
එල ඇමතිතුමෝ එල
කස්සිපු බොනවට වැඩ රුපියල් 100 දීල බීර් බීම ඇඟට ගුණ . බොනෙය් නැති අය පොඩ්ඩක් අන්තර්ජාලය ගිහින් බලන්න බියර් වල ගුණ .
1970-77 සිරිමා රජයේ මුදල් ඇමැති එන්.එම්. පෙරේරා පනත ගෙනත් ඒකෙන්ම එ් ආණ්ඩුව ගෙදර යැවූවා. මේ ගොල්ලොත් ඒකම කරගන්නවා.
සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවේ හිටපු මුදල් ඇමැති එන්. එම්. ඉදිරිපත් කරපු බජට්ටුවකින් එකවරම සිගරට් මිල අඩු කරපු අවස්ථාවේදී කවුරුවත් විරෝධය දැක්වුයේ නැහැ! ඒ කාලේ මේ හාමුදුරුවරුන්ට නින්ද ගිහිල්ලා තිබුණද?
රෝහණ, මම ගිය ඉස්කෝලේ බියර් දුන්නේ නැහැ. මම දන්නා හැටියට හා අත්දකින විදිහට බියර් බීම දියවැඩියාව තිබෙන අයට හොඳනැත. බියර් වලට ලේවල සීනි නැගීම සිදුවේ. නමුත් සැර මත්වතුර වලට එසේ සිදුනොවේ. මම අත්දැකීමෙන්ම දන්නවා. මේ සම්බන්ධව දැනට අවුරුදු 15 කට පෙර ලංකාවේ ප්‍රසිද්ධ හෘදරෝග විශේෂඥ දොස්තර කෙනෙක් ප්‍රසිද්ධ ඉංග්‍රීසි පුවත්පතකට ලිපියක් ලියා තිබුණි.
බමුණු මහත්තයෝ, ඔබ ඔය ගැන අත්දැකීමෙන් දන්නේ ඔබත් නප්පියට බියර් ගහලා දියවැඩියාව හදාගෙන ඉන්න නිසාද? අවුරුදු 15කට ඉස්සෙල්ලා නොදන්නා හෘද රෝග විශේෂඥයෙක් කරපු ප්‍රකාශ සමහරවිට යල් පැනලා තියෙන්න පුළුවනි. හනමිටි වගේ ඔය බමුණු මත කරගසා ගැනීම සුදුසු නැහැ.
සිරිමා මැතිණිගේ ආණ්ඩුවේ මුදල් ඇමති රා-පනත ගෙනත් ඒ රජය අමාරුවේ දැම්මා... පරණ අයට මතක ඇති..