ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු මන්දිරයේදී පැය තුනක අය වැය කතාව සමාප්ත කරමින් මහින්ද රාජපක්ෂ ජනපති විපක්ෂයෙන් ඇසුවේ ‘කොහොමද ගොඩේ බයියාගේ අය වැය‘ යනුවෙනි.
ඒ අවස්ථාවේ කිසිවෙක් ඊට පිළිතුරු නුදුන්හ.එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුයේ මේ අය වැය අංක ගණිත ජිල්මාට් අය වැයක් බවයි.සියලු දෙනාටම සහන සලසන බව මුදල් හා ක්‍රම සම්පාදන ඇමැති ද වන ජනපති පැවසුවත් එයින් පොදු ජනයාට සිදු වන සෙතක් නැතැයිද ඔහු කීවේය.‘සිදුවන එකම දේ පොදු ජනයා නන්නත්තාර වීමයි.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමටත් විපක්ෂයට හොදක් කියන්න පුළුවන් කමක් නැහැනේ.එහෙම වුනාම එයාලා විපක්ෂේ වෙන්න බැහැනේ. (අ)
හොද අයවැයක් ජයවේවා ජනපති තුමාට. U .N .P .බංග වුනා. (අ)
ආර්ථික විද්‍යාවට අනුව ලොකු ඇන්දිල්ලක් මෙතන තියෙන්නේ !!!(අ)
ජනාධිපති දන්නවා ලංකාවේ කැරට් කන අශ්වයෝ ඉන්නවා කියා (නදී)
රෝහණ මහත්මයා. පඩි වැඩි කිරීම වැනි සුළුම සුළු දෙයක් අල්ලා ගෙනද ඔබතුමා තප්පුලන්නේ.? මේ අයවැය කතාවේදී මම සිතට ගත්තු දේවල් නම් දීමනා නොවේ. ඇතුළාන්තයට යන්නට පුළුවන් අර්ථ ශාස්ත්‍රය ගැන දැනුමක් තියෙන කෙනෙක් ලඟට ගිහින් මේ අයවැය තුළින් මතුවන සංවර්ධන ක්‍රියා දාමය සහ විරැකියාව තුරන් කිරීමේ සැලැස්ම ගැන අසා දන ගන්න. වෙනදා ආරක්ෂක වියදම් වශයෙන් වෙන් කරන මුදල ගැන මොර දෙන විරුද්ධ පක්ෂය ඇතුළු රෝහණ මහත්තයලාට මේ පාර කියන්නට දෙයක් නැති නිසා මොනවද මේ අල්ල ගන්නේ? හොඳයි මහත්තයා මට කියන්න ඔබ තුමාලා අයවැයෙන් මොනවද බලාපොරොත්තු උනේ.? ඒ දෙය මේකේ නැහැ නේද.? ඒකනේ බය වෙලා රෑට හඳ දැකපු කවුදෝ වගේ උඩුබුරන්නේ. (නදී)
මෙවර අයවැය කතාවෙන් මා තේරුම් ගත් විශේෂ දෙය නම් ආරක්ෂක වියදම් සඳහා විශාල වශයෙන් මුදල් වය කොට නැති වීමයි. විරුද්ධ පක්ෂය නම් මේ තත්වය බලාපොරොත්තු නොවෙන්න ඇති. එ්කනේ ඒ ලස්සන මුහුණු ටික කලුවෙලා මැලිවෙලා ගියේ. සමස්තයක් වශයෙන් ගත්තාම මේ අයවැය ජනතාවගේ සිත් ගන්නා බව මට පැහැදිළියි. (නදී)
මෙතුමාට ගොඩේ බයියා කියල කවුරුවත් කියන එකක් නැහැ. මෙතුමාගේ පියා ඇමති කෙනෙක්. ඉගෙනගත්තේ කොලඹ සුපිරි පාසල්වල. මෙතුමාට ගොඩේ බයියා කියනවනම් කොලඹ 7 ඉන්නෙත් ගොඩේ බයියෝ . ඇයි ඉතින් මෙතුමා මෙහෙම දෙයක් කිව්වේ?හරි පුදුමයිනේ.(අ)
මේක ඡන්දෙ ඉලක්ක කරගත් අයවැයක් නෙවේ. පේන්නේ නැද්ද මෙතුමා මීට කලින් අයවැය වලින් මීට වඩා සහන දීලා තියෙනවනේ. ඉස්සර ඉඳල මෙතුමා බදු වැඩි කලේ කොත්තමල්ලි වගේ පිටරටින් ආනයනය කරන බඩු වලට විතරයි. දුප්පත් තුන්වෙනි දෙවෙනි පංතියේ රැකියා කරන අපෙන් බදු අය කරලා ලංකාවෙ පාරවල් ටික කාපට් දාන්නෙ ලංකාවේ කොටසකට විතරක් බදු සහන දීපු වාහන ටික යන්න විතරද? මේ රටේ මෝඩ මිනිස්සුන්ට මතකය සති දෙකයිනෙ තියෙන්නෙ. මෙතුමා අයවැයෙන් දීපු සහනේ ජනවාරි වෙනකොට අමතක වෙන්න ඉඩ තියෙන නිසා මම රජයේ මාධ්‍ය වලින් ඉල්ලා සිටිනවා දැංවත් ඔය සාධාරණ අපක්ෂපාතී විදියට ප්‍රවෘත්ති කියන එක නවත්තලා මෙතුමගේ අය වැය ගැන නිතර ජනතාවට මතක් කරල දෙන්න කියලා. (නදී)
එතුමාගෙ අවසාන අයවැය. (නදී)
මේක කඩේ යන බයියන්ටම හදපු අයවැයක් ද කොහෙද (නදී)
පෝස්ටර් ලියන සුදු කොළ හා පාන්පිටි මිල අඩු කල මැනවි. (නදී)
ජනාධිපති වෙන්න ඉස්සෙල්ල පොරොන්දු වෙච්ච 2500 ගත්ත කෙනෙක් ඉන්නවද මෙතන? (නදී)
දැන් කොහොමත් විපක්ෂයට ඡන්දයට දෙන්න පොරොන්දු නැහැ. ඔක්කොම වගේ දීලනේ තියෙන්නේ. රනිල් මහත්තයට බය නැතිව ඔය ඉන්න තනතුරේම ඉන්න පුළුවන් වේවි මගේ හිතේ. (නදී)
අපි ජනාදිපතිවරණය කිට්ටු නිසා ගොඩාක් සහන බලාපොරොත්තු උනා. අන්තිමේදී සොච්චමයි. ජනාදිපතිවරනෙත් නොතිබුනා නම් ඉතින් අපිට දෙයියන්ගේම පිහිටයි. (නදී)
අපේ ලොක්ක මොනවා කරත් කට්ටියට හරහට පේන්නේ. රනිල් අාවා කියලා නිකන් කන්න දෙනවද එතකොට (නදී)
ලොකු අය වැය හිගයක් තියෙනවා කොහොමද පියවන්නේ. අපිට බදු පිට බදු ගහලද ? මේ බොරු විහිලුනේ කරලා තියෙන්නේ මේ අය වැය අංක ගණිත ජිල්මාට් අය වැයක් බව . සියලු දෙනාම තේරුම් ගනියි (නදී)
අනේ ආණ්ඩුවට ජනතාව කෙරේ ඔය සත්ව කරුණාව ඇතිවුනේ ඌව ඡන්දෙන් පස්සේ. මොකද රතු එළියක් ලැබුනානේ. එහෙම හරි සහන ලැබෙනවා නම් අනේ සාදු. ඒත්, මම නම් හිතන්නේ ඔය වගේ විජ්ජාවලට අහුවෙන්න තරම් ජනතාව දැන් මෝඩයි කියලා. අැයි මෙච්චර කල් ඔය වගේ සහනයක් නොදුන්නේ. (නදී)
සුනිල් - සාජා මහත්මයාණෙනි, දසක තුනක් තිස්සේ හිඟන්නාගේ තුවාලය මෙන් පරිස්සමින් වවාගෙන කකා හිටිය යුද්ධය නවතා දැමීම නිසා බඩ ගෝස්තරයට පහර වැදුණු අයට මහින්ද ජනාධිපති තුමාව පෙනේනේ හතුරෙක් විදියටයි. වීරයෙක් විදියට නොවෙයි. ගණන් ගන්නේ නැතිව ඉඳිමු. (නදී)
බයියා නම් නියමයි නේද ? (නදී)
අය සහ වැය , මේකේ සදහන් වෙන්නේ වැය ගැන විතරයි කොහොමද අය කර ගන්නේ කියල සදහනක් නැහැ. එ්ක නිසා මම මේකට කියන්නේ බයියාගේ වැය වැයක්. (නදී)
කොහොමද සහන ටික, ජනාධිපති දිනේවා, රට පෙරට, ඡන්දයක් තිබ්බත් නැතත් ජනාධිපතිතුමා කවදත් ජනතාවට ආදරෙයි. මෙච්චර කල් ඇමැති මණ්ඩලය එතුමාව නොමග යවලයි තිබිලා තියෙන්නේ. (නදී)
දැන්නම් ඡන්දය ජනවාරි කියල හොඳටම් ශූවර්, මේවට සල්ලි හොයන්න වෙන්නේ අපිටම බදු ගහල තමයි. සල්ලි හොයන ව්ධිහ දැනගන්නේ වෙන්නේ ඡන්දෙන් පස්සේ. එතකොට අපි මෝඩ වෙලා ඉවරනේ. ලංකාවේ මේ ටික තේරෙන කී දෙනාද ඉන්නේ (නදී)
බන්දුලට මේ දවස් වල ටිකක් සනීප මදි.කහ උණ හැදිලා. (අ)
මේ වගේ අය වැයක් ලබා දුන් ජනපතිට ගොඩක් පින් (නදී)
බලයට ඇවිත් දෙදහස් පහේදී අපේ බයියා - තිස් අවුරුදු යුද්ධය නිම කළා අපේ බයියා ඩයස්පෝරාවේ බල බින්ද අපේ බයියා - නියමයි දුන් දස වැනි අයවැයත් අපේ බයියා. (අ)
මේ අයවැය සම්පුර්ණයෙන්ම තියෙන්නේ රජයේ සේවකයෝ ඉලක්ක කරගෙන නේ ... පුද්ගලික අංශයේ සේවකයන්ට අබ සරණයි ..ඉස්සෙල්ලම දාන්නේ තැපැල් ඡන්ද රජයේ සේවකයෝ නේ ..(අ).
අපේ පප්පත් කෙහෙල් වත්තේ බයියා කෙනෙක්. මම ඉතින් කුරුඳුවත්තේ අයිය කෙනෙක් උනාට. (නදී)
ටික දෙනෙකුට අරුනහම් ගොඩක් කටියට් තේරුම්ගන්න පුළුවන් මේ අයවැයක් නොව ජනාධිපතිවරණය සඳහා දීපු දීමනාවක් බව, එක මෙහි අදහස් කියවපුහම් තෙරුම්ගන්න්න පුළුවන්. (අ)
මේ අය වැයට අදහස් දකවලා තියන අයගේ කුහක කම් නොකිය කියලා පෙන්නලා තියනවා. මේ අයවැයේ කුහකකමට ඉඩක් නැහැ මහත්තයෝ ගමේ බයියන්ගේ ලග කුහකකම් නැහැ මේවට ගරහන අයගේ ලඟ තරම් (නදී)
දැන් මේ රට තුල ක්‍රියාත්මක වෙන්නේ බඩගෝස්තර වාදී දේශපාලන ක්‍රම ව්‍යවුහයක්. එම නිසා මේ අයවැය දැකලා කවුරුත් පුදුම විය යුතු නැත.මේ අයවැයෙන් පසු එක රුපියල් 100 ක් වැඩිපුර ඉතුරු කරගත හැකි වුවහොත් එය ඔබ මේ අයවැයෙන් ලැබූ ප්‍රතිලාබයයි.....(අ)
හොඳ අයවැයක්. දැන් ලංකාවේ හැම නිවසකටම විදුලිය තියෙන නිසා ශීතකරණයක් හැම පවුලකටම ලබා දුන්නා නම් හරිම වටිනවා. එතකොට දියර කිරි නිවෙස්වලම තියා ගන්න පුළුවන්. (නදී)
මෙය සම්පුර්ණයෙන්ම ජනතාව රවටා ඔහුගේ ඡන්ද අරමුණ ඉටු කරගන්න ගොතපු තාවකාලික අය වැයක්. (නදී)
ඔය අය වැයේ සුරතල් බලාගන්න පුළුවන් ජනාදිපති වරණයෙන් පස්සේ. ඔය ඔක්කම අය බලාගෙන ඉන්න එදා වෙනකම් (නදී)
හරි සන්තොසයි. ජනවාරි මාසෙන් පස්සේ බලන්න පුළුවන් අායෙත් අාස්චර්ය. වැඩේ හොඳයි හැමදාම මේ සහන ඇත්තටම හම්බෙනවා නම්. අපිටත් සන්තෝසයි. ඒවා වෙන්නේ නැති එකට තමා අපිට දුක. අද ඊයේ නෙවෙයි අපි මේ ටොම් පච අහන්නේ. ඡන්දෙ ලං වෙනකොට අඩුකරයි. ඊට පස්සේ කන්නත් නෑ බොන්නත් නෑ අනේ මන් දන්නෙත් නෑ තමයි (නදී)
කිව්වේ වැය විතරයි. අය කියන්නේ ඡන්දෙන් පස්සේ. ලිප ගිනි මොළවන තෙක් කකුළුවා දිය කෙලියේ කියන්නේ මෙන්න මේකට තමා. (නදී)
තාත්තට වගේ ටැක්ෂි රියදුරෙක් ඕනෙද ? අයවැය හදන්න (නදී)
අනේ මම දන්නේ නැහැ දුන්නම හොඳ නැහැ (නදී)
පද්මිනිගේ කතාවට මමත් එකඟයි. අපේ නෑදෑයෝ මෙතුමටම ඡන්දෙ දෙන ගමන් කියන්නෙම ජීවන වියදම වැඩයි, තව රට සල්ලි එවන්න. ළමයින්ට උගන්වන්න ටෙලිෆෝන් බිල ගෙවන්න, මල ගෙදර මගුල් ගෙදර යන්න සල්ලි නැහැ කියලනේ. (නදී)
යුද්ධයෙන් පමු ප්‍රථිලාබ දිය හැකි බව ඔප්පු කළ අයවැයක් (නදී)
අනේ සජිත් ඔයා රටේ නායකයා උනොත්, ඔයාගේ තාත්තා වගේ කොල්ලෝ මරල හන්දිගානේ දමාවි (නදී)
අන්න අර වරාය පැත්තේ ගහන ගැහිල්ල නතර කලොත් ඔබතුමාට වැඩිය මහන්සි නොවී කාටත් සහන දෙන්න පුළුවන්. අර අසවල් මුල්ලේ තිබෙන ගෙදර හදන්න කෙටි කලක් ඇතුලත ආණ්ඩුවෙන් පඩි ගන්න කෙනෙකුට පුලුවන්ද කියල මිනිස්සු අහන්නේ. (නදී)
මේ අයවැය කතාව අහගෙන හිටියම මම ඉන්නේ සුර ලෝකෙද කියල හිතුනා. සියලුම ජනතාවට සහන සලසන අයවැයක් කියලයි මට හිතෙන්නේ. මේකෙන් පඩි වැඩි නොකරේ ජනාදිපති තුමන්ගේ සහ අනෙකුත් මන්ත්‍රී වරුන්ගේ පමණයි. මගේ රට වාසනාවන්තයි කියල හිතෙනවා මේ වගේ නායකයෙකුගේ පාලනයක් ලැබීම. හැමෝම මෙතුමාව රැකගන්න ආදරයෙන් මෙතුමා ජාතික වස්තුවක් කියලයි මට නම් කියන්න තිබෙන්නේ. ආශ්චර්යමත් අයවැයක්. ජනපතිදුනි සම්මා සම්බුදු සරණයි. (නදී)
බමුණු මහත්තයා, කාටවත් අහන්න අවශ්‍ය වෙලා නැත්තේ එතුමා ඒ ගැන කියලා තිබුණ.(අ)
"ශිෂ්‍යත්ව විභාගයේ ලංකාවෙන් හොඳම 10 දෙනාගෙන් නව දෙනකු ගම්වල දරුවන්"ඒ කියන්නේ එකත් කොම්පුටර් ජිල්මර්ට් එකක් කියල වෙන්න ඇති මගේ හිතේ.දැන් ඉතින් ගම්බද ගුරුවරු නැති,පහසුකම් නැති වැහෙන්න ඔන්න මෙන්න තිබෙන පාසලකට යවල අපේ දරුවා ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් කර ගන්න කියලනේ කියන්නේ.කොලඹ තිබෙන පාසල් වල පුටු ටික දෙවියනේ කියල ලක්ස 5-10 කට විකුණා ගන්න පුළුවන්නේ. (අ)
ලංකාවේ බත් කන හරක් ටනම් හොදයි.(අ)
සංවර්දනය කරන ගමන් සියලු දෙනාටම සහනයකුත් දීලා. පිටරට රැකියාවල් කරන අය නීත්‍යානුකුලව ලංකාවට මුදල් එවීමෙන් විදේශ විනිමය වැඩිවෙලා. නමුත් ඒ අයට සහනයක් මේ අය වැයෙන් ලැබිලා නෑ (නදී)
කවුද අනේ විපක්ෂෙයන් අයවැයට හොදක් බලාෙපාෙරාත්තු වෙන්නේ. .එහෙම හොද කියන්න ගියොත් කොහාමද ආණ්ඩු බලේ ගන්‍නේ.විපක්ෂයේකාර්ය භාරය හොද හෝ නරක වේවා රජයේ සෑම කටයුත්තක්ම විවේචනය කිරීම..ඒක අපේ දේශපාලන සම්ප්දාය ..සජිත් මහත්තය කෙලේ විපක්ෂෙය් කාර්ය භාරය මැනවින් ඉටු කිරීම පමණයි..කොහාම වුණත් ජනාධිපති තුමා දැන් ටිකක් ඔය සංවර්ධන වැඩ නතර කරලා මේ බඩජාරින්ගේ බඩවල් පුරවන්න..සිංහලය කියන්නේ බොහාම ඉක්මනට කලගුණ අමතකවන ජාතියක් කියල එසැන පුවත් බැලුවම හොදට පැහැදිලියි. හොඳද. (අ)
අදහස දැක්කම පේනවා රෝහණ මහත්තය ඉන්නේ 5% ගොඩේ කියල..රටක් පාලනය කරන එක රජයක් පවත්වාගෙන යන එක මේ තීරුවේ අදහස් දාන තරම් ලේසි පහසු නැහැ මහත්තයෝ.හැමෝමව සතුටු කරන්න ජනාධිපති තුමා නෙමෙයි මහා බ්‍රම්මය ඔතනට ආවත් බැහැ.මොනවා කලත් ඉර හද ගෙනත් දුන්නත් විවේචනයට බලන් ඉන්න එකා ඒක විවේචනය කරනවා..ඒ හින්ද ඔබ තුමාගේ සතුට මෙතැනදී වැදගත් නැහැ..අපිට වාඩි වෙන්න හරි මොලයක් තියෙනවා...ඔබ තුමාත් ඔය මොකක් හරි උඩක වාඩි වෙන්න එතකොට ලෙඩේ හොද වේවි..(අ)
මේක ඡන්ද ගුන්ඩුවක් (නදී)
මේක දවස් කීයකට වලංගුද ? (නදී)
අනික් වැඩ වගේම සද්දේ විතරයි මේකෙත්!(අ)
මම හිතුවා ගොඩේ බයියන්ට බොහොමයක් පොඩි කලෙකටවත් නිකන් මොනවා හරි ලැබේවි කියලා. (නදී)
මතකනේ උෟවේ ඡන්දෙදි විදුලි මිලට උන දේ. සුනිල් මහත්තයෝ ඔයා සාජා ඉදන් යුද්දේ කරනවා. අනික් අය සීත කාමරවල යුද්දේ කරනවා. (නදී)
හැම කෙනෙකුම බලයට එනකම් අරක දෙන්නම් මේක දෙන්නම් කියනවා.හරියට මෙයාල දෙන්න හදන්නේ එයාලගේ සල්ලි වලින් වගේ කතාව නම්.ගමේ ඉන්න උගත් හෝ නුගත් කෙනෙකුට රටේ පාලනය දුන්නත් ඔය ටිකමයි කරන්නේ. දේශපාලනය කියන්නේ හිස් මිනිසුන් ගෙන් පිරුණු ලොවක ජීවත්ව සිටින මනෝ ලෝකවලට යන්න දඟලන පිරිසකගේ පාලනයට කාලයකට ඒ ඒ රටවල් පාලනය කරන එකයි. මොවුන් ගෙන් කීදෙනෙක් හරි ජීවිත ගත කරන වාද?අඩු තරමින් උගත් අය කියන අයත් ඔය කියන පාලනයට ගියාම ඔවුන් ගේ හැකියාව අනුව වැඩ කරන්න අනෙක් අය ඉඩ දෙන්නේ නැහැ.වටේ ඉන්නා අය බලාගෙන ඉන්නේ තම වැඩ කටයුතු කර ගන්න, මඩිය ගහන්න මිසක් රට ගැන හිතන්න වෙලාවක් ඔවුන්ට නැහැ.විපක්ෂය අපේරටේ පවතින රජයක හොඳ දේ අගය කරනවා කිසි දිනක දැක නැහැ.රජයක් වැරදි කරනවා.නමුත් හොඳ දේ අගය කල යුතුයි.මොකද මේ හැම දෙයක්ම දෙන්නේ ණයට අරගෙන නිසා.ජනතාවට ඒ බර එන නිසා ඔවුන්ගේ යුතුකමක් තියනවා ඒ පිලිබඳ කියා දීමට.විපක්ෂය මෙහිදී කටයුතු කළ ආකාරය මා නම් අනුමත කරන්නේ නැහැ. (අ)
දැන් අඩු කරන්නේ නැති නම් කොහොමද ඊළඟ ජනවාරියෙන් පසුව වැඩි කරන්නේ. ? (නදී)
එකත් එකටම අර සාමාන්‍ය පෙළ ගණන් ප්‍රශ්න පත්‍රය ලේසි කරන්න හදන්නේ. හැම පාරම අයවැයෙන් පසුව කට්ටියගේ ගණිත හැකියාව ඇමතිතුමාට ඉතා හොදින් පෙනී යන නිසා වෙන්න ඇති. (නදී)
මහබැංකුවට පත්තරවලට ගණිත විෂයට බිංදුව ((අ)
නයට කන්න ලංකාවේ අය හරි කැමතියි වගේ. කව්ද නය ගෙවන්නේ (නදී)
රටට යහපතක් වෙන ක්‍රමයක් ද මේ ගෙනයන්නේ. තමන් සහ පවුලේ බලය රැකෙන ක්‍රමයක් ද මේ යන්නේ. බලය වැඩි වුණාම කලක් යනවිට වෙන දේ බලාගන්න ඉස්සරහදි. තව සහන ගෙදරටම ගෙනත් දෙනවා අර චැනල් වලින් ඇවිත් දෙන විදියට. (අ)
බන්දුල කඩේ යන තැන බඩ ජාරියෝ නැද්ද ?. පොඩි එකාගේ කිරි පැකට් එකටත් ගහපු තැනට කඩේ යන ගමන් විහිලු කතා කියන්න එපා. (නදී)
මේවා අසවල් මහත්තයාගේ සුත්‍ර ප්‍රමේය ආශ්‍රයෙන් හදපු විජ්ජාවල් වෙන්න ඇති නේද ? එයා උද්දමනය චලන රටාව ඔලුවෙන් හිටගෙන බලලා වැඩි වුන උද්දමනය අඩුවෙලා කියපු කෙනා නේ. (නදී)
අයියෝ කව්ද කියන්නේ රට චීනට විකුනලා කියා. (නදී)
දිමුත් මහත්තයෝ, අපි ඔය කට්ටිය යටතේත් අවුරුදු 17ක් හිටියා මහත්තයෝ. ඔයතරම් ඔතනට යන්න බලය ගන්න පොරකන්නේ කවුරුවත් අපිට කරන්න නෙමෙයි.මේ ආණ්ඩුවේ හොඳක් තියෙන්නේ අපිටත් රටටත් මොනවා හෝ දෙයක් කරනවා. (නි)
මැතිවරණයට පෙර දෙන අයවැය ගැන කතාකරල වැඩක් නැහැ. ඡන්දෙ දවසට කල්පනාකරලා ඡන්දය දාන්න. (නදී)
රටේ ආර්ථිකය තවත් ප්‍රපාපතයට දාන අයවැයක් (නදී)
පිටරටවල සේවය කරන සහ කළ අයටත් මේ සහන සලසන්න. විදේශ ශ්‍රමිකයන්ට වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් දීම, වැඩිහිටියන්ගේ තැන්පතු සඳහා සියයට 12ක පොළී අනුපාතිකයක්, ගොවි විශ්‍රාම වැටුප අවුරුදු 63 දී රුපියල් 6000ක් වැනි ඔබතුමාගේ යෝජනා ඉතා විශිෂ්ටය. ඔබතුමාට ජය. (අ)
අයවැයෙන් කොච්චර සහන දුන්නත් වැඩක් නෑ ලෝකෙට ණය වෙලා.. ඒක පුද්ගල ණය දැන් රුපියල් ලක්ෂ 4ක් විතර වෙනවා... ණය වෙලා සහන දෙන එක මහලොකු දෙයක් නෙවෙයි. මහත්තුරුනේ... ණය ගෙවන එකයි හපන්කම....(අ).
සිරා අය වැයක් කියල පෙන්වන්න වෙන්න ඇති එහෙම අහන්න ඇත්තේ. මේකේ ඇති දෙයක් නැහැ. බොරුව තමයි (නදී)
"ගොඩේ බයියා" කිව්වේ මහා බැංකුවේ අධිපතිට ද? (නදී)
මේවට අහුවෙන්නේ අපේ රටේ අහිංසක දුප්පත් ඡන්ද දායකයෝ. එයාලට ඕනේ අද වේල කන්න විතරයි. (නදී)
මිනිස්සුන්ගේ පඩි වැඩි වෙනවානම් එච්චරයි (දී)
මෙම අයවැයේ හිඟය පියවන හැටි ගැන කාටවත් අවබෝධයක් නැහැ වගේ. දේශීය ණය ගැනීම් - රුපියල් බිලියන 270ක් සහ විදේශ ණය ගැනීම් - රුපියල් බිලියන 251ක් තුලින් තමයි මේවා කරන්නේ. (නදී)
මහින්ද මහත්තයා අපේ ජනපති උනේ පෙර පිනකට(නදී)
මේ දීල තිබෙන සහන ඔක්කොම නයට ගත්ත සල්ලි වලින්ද පියවන්නේ. අයවැය හිඟය බිලියන 521 ලු. විදේශීය නය බිලියන 251, දේශීය නය බිලියන 270. (නදී)
ජනතාව වෙනුවෙන් සෑදු අය වැයක් (දී)
සුනිල් සාජා , වීරයා කරපු යහපත් දේවල් අපිට අමතක නැහැ. මෙතන ප්‍රශ්නේ වීරයා වටේට ඉන්න සමහර කට්ටිය තමන්ගේ බඩ වඩා ගන්න කරන වැඩ . මෙතුමාට කවදාහරි ලොකු ප්‍රශ්ණයක් වෙන්නේ ඔය කපටි අැම්බැට්ටයින් ටික තමයි. (නදී)
මුළු රටේම මිනිස්සු මල පොතේ අකුරක් දන්නේ නැති මෝඩයන් වෙනවාට කැමති කට්ටියත් ඉන්නවා. එතකොට මැජික් පෙන්නන එක ලේසියිනේ (නදී)
මහින්ද මහත්තයා කියනදේ කවදත් කරනවා. බැරි නම් කෙලින්ම බැහැ කියනවා. සංඛ්‍යා ගණිතය නැතිව අය- වැය හදන්ට පුලුවන්ද. සජිත් ඉතින් තාත්ත ජනාදිපති නිසා ඇමරිකා වල ඉදන් ඉගෙන ගත්තේ වෙන දේවල් (නදී)
සම්මත අයවැය හිඟය - රුපියල් බිලියන 521 අයවැය හිඟය පියවන අයුරු -දේශීය ණය ගැනීම් - රුපියල් බිලියන 270 විදේශ ණය ගැනීම් - රුපියල් බිලියන 251- මෙම නය මුදලට පොලිය ගෙවන විට දැනටමත් ලබාගෙන ඇති නය වාරිකය හා පොලිය ගෙවනවිට රට තුල උද්දමනය ඇතිවේ. පාලනය කර ගැනීමට නොහැකි සේ බඩු මිල ඉහල යනවා. සහන සදහා වෙන් කරන ලද මුදල් සදහා උපාය මාර්ග දක්වා නොමෙත. මුල්‍ය විනයක් නොමැත. අර්ටික ගැටළු උග්‍ර කරන අය වැයක්. (නදී)
කවුද හැබෑට මේ ගොඩේ බයියා. ලේකම් තුමාද ? වෙන්න බැහැ. ඔය හොඳට ටයි කෝට් දාල ඉන්නේ. ජීවිතේට සරමක් වත් ඇඳලා ඉන්නවා මිනිස්සු දැකල නැහැ. එහෙම එකේ ඔහොම කතා කියන එක කොච්චර වැරදිද. (නදී)
අනේ සංජය ගොන් පාර්ට් දාන්න එපා අපේ මුතුන් මිත්තෝ කිරිපිටි බීල ජීවත් වුනේ නැහැ. එල කිරි ටික කට පුරුදු වෙන්න. ඔයාල වගේ මෝඩ මිනිස්සු ඉන්නකම් කිරිපිටි සමාගම් වලට වාසියි. කිරි පිටි හදන රටවල මිනිස්සු කවුරුත් කිරිපිටි බොන්නේ නැහැ. (නදී)
සජිත් මහතා ජේ.වී.පි ය වගේ " ජිල්මාට් " වලින් පටන් අරන් තියෙන්නේ. කථා කිරිමටවත් වචන නැද්ද? (නදී)
සජිත් මහත්තයා මොන දේ කළත් අපේ ජනපති හරි දේ කරයි. (නදී)
ඇයි මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි මේ හැමදේම ඡන්දය නිසා කරන දේවල් කියා. හැමපාරම අයවැය හොඳයි හොඳයි කියනවා ඒත් ලැබුන දේ මොකක්ද ? (නදී)
හොඳ වෙලාවට අපි පුද්ගලික අංශයේ රැකියා වලට ගියේ. වැඩ කරන පැය ගාන නියමිත විදියට හරියට වැඩ කරලා , සාධාරණ ගානක් අතට අරගෙන මාසේ අන්තිමට ගෙදර යනකොට නම්බුයි. නැති නම් වෙන්නේ ආණ්ඩුවේ කන්තෝරු වල නිදි කිර කිරා ඉඳල අන්තිමට අය වැය කියනකොට කාගේ හරි හතර වරිගයක් මතක් කරගෙන බුකවා ගන්න. (නදී)
චමිපික ඔබ කියන දේ හරියට හරි. මමත් කියන්නේ ඔය ටික තමයි. වීරයා වටේට ඉන්න සමහර කට්ටිය තේරුම් නොගත්තොත් වීරයාත් අමරුවේ අපිත් අමාරුවේ. (නදී)
මෙව්වා ගැන කතා කරලා වැඩක් නැහැ. අපි වගේ අය වෙන දේකට මුණ දෙනවා මිසක් වෙන මොනා කරන්නද? (නදී)
මේ දීල තිබෙන සහන ඔක්කොම නයට ගත්ත සල්ලි වලින්ද පියවන්නේ. අයවැය හිඟය බිලියන 521 ලු. විදේශීය නය බිලියන 251, දේශීය නය බිලියන 270. මෙහෙම නම් සහන දෙන්නේ මටත් පුළුවන් අයවැයක් හදන්න. මට මතක් වෙන්නේ අන් ඇම් මහතා ගේ අයවැය ඉදිරිපත් කිරීම (නදී)
ජනපතිට ජයවේවා! (නි)
කලීෆා මොහොම්මෙඩ් මේදා පාර හොද ගැටයක් ගැහුවේ (නදී)
මේකට තමය කියන්නේ දේශපාලන කුහක කම කියල. හරි දේ අගය කරන්නත් වැරදි දේ පමණක් විවේචනය කරන්නත් අපේ දේශපාලකයන් පුරුදු වෙන්න කවදාද? (ස)
වැඩිය මොනවත් කරන්න ඕන නැහැ ඔය හැට හුට හමාරක් ඉන්න ඇමති මණ්ඩලය හරියට වැඩ කරන කිහිපදෙනෙකුට සීමා කළා නම්. ඔබතුමා ම සොයලා බලන්න ඔතන වැඩක් කරන්නේ කීයෙන් කී දෙනෙක් ද කියලා. හැබැයි කඩේ යන බත් බැලයන් ටික කියන්නේ නම් ඔතනට කවුරු ආවත් ඔහොම තමයි ඒකේ වරදක් නැහැ කියලා. ඔබතුමා යුද්ධේ දිනපු එක දඩ මීමා කරගෙන වටේ ඉන්න උදවිය ගරන්න පුළුවන් හැම විදියටම ගරනවා. මෙන්න මේ කිනිතුල්ලෝ ටික අයින් කරලා දැම්ම නම් ඔබතුමාට මුළු රටම හිස නමාවී. (නදී)
මොන විදියේ අය වැය ආවත් අන්තිමට මාස දෙකක් යනකොට ආයෙත් අත්‍යවශ්‍ය දේවල් අහස උසට මිල නග්ගලා බස්සපු ගාන කවර් කර ගන්නවා. පිටරට ඉඳන් කවුරු හරි සල්ලි එවන ගෙදරක් නම් යන්තම් කාල ඇඳලා මිනිස්සු ඉන්නවා. නැති මිනිහාට එහෙමවත් නැහැ . (නදී)
රනිල් කටින්ද ඔය කියන්නේ ? පිටරටවල් වල ඉගෙන ගැනිලි ගැන කියන්න ගිහින් දිව විකා ගන්න වේවි. හැමෝගෙම කිල්ලෝට වල හුණු තියනවා (නදී)
දැන් මේ අය වැයෙන් බන්දුලගේ හිල් වුන පන් මල්ල අලුත්වැඩියා කරගන්න මුදලක් වෙන් කරලා නැද්ද ? (නදී)
අය වැය හදන්නේ ජනාධිපතිද? නැතිනම් වෙන කෙනෙක් හදලා තමන් හදපු එකක් වගේ කියවනවාද? කොලේ බලාගෙන කියවන කොට එහෙම හිතුනා. (නදී)
මම රජයේ විශ්‍රාමිකයෙක්. අපිට වැටුප වැඩිවෙන්නේ 2015 ජුලි මාසේ සිටයි කියන්නේ. එතකොට ඡන්දෙ ඉවරයි. ඡන්දෙ දුන්නට පස්සේ මේ කතා ක්‍රියාත්මක වෙයිද කියල දෙගිඩියාවෙනුයි මම ඉන්නේ. මොකද විශ්‍රාම වැටුප් විෂමතාවය හැම අයවැය කින්ම හදනවා කිව්වට හැදුවේ නැහැනේ. මේකත් එහෙමම වෙයිද මන්දා. (නදී)
එයාල කියනවා සහ කියවනවා අපි අහනවා සහ අපේ මහන්සියෙන් හරි හම්බ කරගෙන කනවා..... අවසානය ඕක තමයි..(අ)
දර්මපාල තුමා ගේ මේ වදන මට මතක් වෙනවා. ලංකාවේ ඉන්නේ පුදුම ජන කොටසක් . වැඩ නොකරත් බනිනවා. වැඩ කරොත් වැඩියෙන් බනිනවා (නදී)
දීපිකා, අන්ද නිසා නොපෙනේ , බිහිරි නිසා නොඇසේ . (නදී)
ඔය ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න කෙනෙක් විපක්ෂයේ නැති එක ගැන නම් බොහොම කනගාටුයි! මොනවා වුණත් ඔය කියපු යෝජනා ක්‍රියාත්මක වෙන්නේ එතුමා වටේ ඉන්න නිලධාරි අතින් නම් ඉතින් නොකෙරෙන දේවල් තමයි. හැමදේටම මිලියන අච්චරක් වෙන් කරනවා මෙච්චරක් වෙන් කරනවා, අරක යෝජනා කරනවා, මේක යෝජනා කරනවා කිව්වට ජනතාවට නම් ලැබෙන කැකිරි ගෙඩියක් නැහැ.වෙන් කරපුවා යෝජනා කරපුවා කොහේ ගියාද කියල කව්රුවත් දන්නේ නැහැ.ඉලක්කම් අකුරු හරඹයක් මිසක ගන්න දෙයක් පෙන්න නැහැ, (අ)
ගිය අවුරුද්දට වඩා සහන තිබෙන අයවැයක් (අ)
ගොඩක් තියෙන්නේ සිනි බෝල තමයි කිසිම දේක ස්ථිර වචන නැහැ දෙනවා, දෙන්නම්, ඊටපස්සේ අපි දන්නවා සින්දුව මේ ඔක්කොම බොරු කයිවාරු සම්පුරණයෙන්ම ජනතාව මුලා කරලා තියෙන්නේ. (අ)
මොරිස්, හීනමානයක් නෙවෙයි, අභිමානයක් තමයි ඒ කතාවේ (බයියා) තියෙන්නේ. " තොපි මොක්කුද " කියල තමයි ඒ අහන්නේ. (නදී)
දුප්පතාට දුන් දෙයක් නැත. පෞද්ගලික අංශයේ සේවකයාට, විශ්‍රාමිකයට මොනවද දී තියෙන්නේ. ත්‍රී විලර් රියදුරු මහත්වරුන්ට විශ්‍රාමික වැටුප් දෙනවලු, මොන විහිලුවක්ද? ගොවියටත් විශ්‍රාම වැටුප් දුන්න හැටි අපි දන්නවා. පොලෝසියේ මහත්වරුන්ට නම් මෝටර් බයික් දුන්නා. හේතුව අපිට හිතා ගත්ත හැකි. අපි ජනාදිපතිවරනෙදි හමුවෙමු. (නදී)
අපිට නම් අය නෑ වැය විතරයි (නදී)
බජට් එකෙක් යෝගර්ට් රුපියල් 3කින් අඩු කරලා, පෙන්ෂන් කාරයින්ටයි, ළමයින්ටයි බර සහනයක්. (නදී)
හොඳ දේවල් අගය කරන්න පුලුවන් පෙබරවාරි වලින් පස්සේ. මේක තනිකරම ජනාධිපතිවරනයක් වෙනුවෙන් හදපු අයවැයක් (නදී)
සයියාගේ හෝ බයියාගේ අයවැය කොහොම වුනත් ඕක තනිකරම ප්‍රෝඩාවක්. මොකද ඔය මොන සහන සැලසුවත් ඕන වෙලාවට බඩුවල මිල වැඩි කරනවා. ඒ දවස්වල මට මතකයි අයවැයෙන් බඩු මිල අඩු කලාට හෝ වැඩි කලාට ඒකෙ අායෙත් මිළ සංශෝදනයක් වෙන්නේ ඊලග අයවැයේදී පමණයි. ඒ නිසා ඔය අයවැය කියන එක අද වචනයට විතරක් සීමාවෙලා ඉවරයි (නදී)
අයවැය මොකක් උනත් ඒ ඒ ව්‍යාපෘති වලට මෙච්චර මෙච්චර මුදල් වෙන් කරනවා කියලා ප්‍රකාශ කරනකොට අගමැතිතුමාගේ හැර අදාල අමාත්‍යංශ භාර ඇමතිවරුන්ගේ මුහුණුවල මල් පිපෙන හැටි මම නම් දැක්කා. අගමැති තුමා හිටියේ හැමෝම වෙනුවෙන් මේසයට තට්ටු කරන්න පමණයි නේ. (නදී)
ජනාදිපතිවරණය ලඟයිද ? (නදී)
මම හිතන්නේ ලංකා ඉතිහාසයේ හොඳම එක. අපේ ජනාදිපති තුමා, පණ්ඩුකාභය රජතුමා වගේ අවරුදු 70ක් රට පාලනය කරන්න ඕනි, ජය වේවා....(ස)
අපි කන හැටි ලිපා දනී. ඔය මොකා මොනවා කීවත් අපි හම්බකරලා අපි කනවා. නමුත් දුක, මුන් ටික නිකන් බොරු කිය කියා අපිව කනකොට (නදී)
උෟව ට ජයවේවා ! (ස)
ලාල් මහත්තය වැඩිය කලබල වෙන්න එපා. විපක්ෂ නායක තුමා දෙනවා කියන ඒවා එක්ක බැලුවම මේ මොනවද? විපක්ෂනායක තුමාගෙන් කව්රුත් ඇහුවේ නැහැනේ එහෙම දෙන්නේ කොහොමද කියලා. බලය නැති රනිල් මහත්තයට එහෙම දෙන්න පුලුවන්නම් බලය තියෙන ජනාධිපති තුමත් කොහොම හරි ඔය කියන දේවල් දේවී. වැඩිය හිතන්නේ නැතුව දෙන දේ ගන්න. (නදී)
ඔව් ඇත්තටම හොඳ අයවැයක් වගෙයි පෙන්නෙ... මොකද හැමෝටම සහන තියෙන පාටක් පේන නිසා... ඒක නිසා වෙන්න ඇති ගිය අවුරුද්දට වඩා මේ සැරේ තවත් බිලියන ගනනක් වියදම් කරන්න හිතාගෙන ඉන්නෙ.. මොළයක් තියේනම් පොඩ්ඩක් හිතලා බලන්න මෙච්චර ගානක් වියදම් කරන්න රටට ආදායමක් කෝ... ණය අරගෙන අරගෙන හුලං පුම්බල හදපු අය වැයේ ණය ගෙවන්න වෙන්නෙ අසරණ මිනිස්සුන්ට... (ස)
සමෘද්ධිය හරියට දෙන්න බැරුව, පැන්ෂන් එක හරියට දෙන්න බැරිව, ගොවි විශ්‍රාම වැටුප් හරියට දෙන්න බැරිව, පොහොර සහනාදාර හැරියට් දෙන්න බැරිව, මෙච්චර සහන කී දවසක් දෙයිද? අපිත් බලාගෙන ඉදිමු ගැසට් නිවේදන කීයක් ඒවිද ඔය අතරතුර (නදී)
දිමුත් මහත්තයෝ, බලේ එනකම් තමයි ඔය කව්රුත් බලාගෙන ඉන්නේ. ආවට පස්සේ සේරම එකයි. අපි ඔය කට්ටිය යටතේත් අවුරුදු 17ක් හිටියා මහත්තයෝ. ඔතනට යන්න ඔය තරම් බලය ගන්න පොරකන්නේ කවුරුවත් අපිට කරන්න නෙමෙයි. මේ ආණ්ඩුවේ පොඩි හොදක් තියෙන්නේ එයාලට කරගන්න ගමන් අපිටත් රටටත් මොනවා හෝ දෙයක් කරනවා. මොකද ඔය පොරකන අය අවුරුදු 20ක් තිස්සේ තියෙන බඩගින්නට කන්න ලැබුණු ගමන් කොහොමත් රටත් කාල අපිවත් කනවා. (නදී)
දැන්නම් කියයි අයවැයෙන් අපි අරවට වෙන් කළා මේවට වෙන් කලා කියල ....ඔය ජනපති කවදාවත් කියන දේ කරන කරන දේ කියන කෙනෙක් නොවෙයි ....ඔය ඔක්කොම ජනාධිපති වරණය වාසි තකා පමණයි.. ජනාධිපති වරනෙන් පස්සේ බලමුකෝ .ඔය කියපු දේවල් කරනවද කියල .අනේ අපේ මිනිස්සු මුලාවෙන තරමක්. (ස)
රාජ්‍ය සේවකයින්ට පමනයි වැඩිපුර සහන, අනෙක් අය ලංකාවේ නොවේද? (නදී)
බඳු මහතාණනි, ඊයේ රෑ සිරස මෙහෙයවූ සටන බැලුවා නම් ඔබ තුමා ඔහොම කියන්නේ නැහැ. අැමතිලගේ රෙදි ගැලවුන හැටි බලාගන්න තිබුනා. ඒ වගේම රජයේ සේවක පඩි වැඩිවීම ඇත්ත ද කියා කියලත් බලාගන්න තිබුනා. වැය පැත්ත තිබුනත් අය පැත්ත නොතිබුන එකක් නොවෙයිද? ඒ වගේම මුදල් ප්‍රතිපාදන වෙන් නොකට බොරුවට දෙනවා කියපු කියක් ඊයේ සිරස මාද්‍ය මගින් පෙන්නුවද ? කොලේ වහන දේවල් තිබුන බව අමතක කරන්න එපා. ඇත්ත ඇති සැටියෙන් දැකගන්න. මම දන්නේ නැතිවුනාට ඔය ආර්ථික විද්‍යාව දන්නා කෙනෙකුගෙන් අහල දැනගන්න මේ අය වැයක්ද විජ්ජාවක්ද කියලා. මේක බොරුව මවා පාපු විජ්ජාවක්. මේවාට රැවටෙන ඔයාල වගේ අය ගැන කනගාටුයි. බන්දුල පෙරේරා වගේ වෙන්න එපා මොලයක් තියෙනවා නම්.(නදී)
මොනවද ඔය කියන සහන ඇත්තට අංක ගණිත ජිල්මාට් අය වැයක් බවයි මටත් පෙන්නේ පස්සේ ලස්සනට බදු ගහල අපිට පොලිත් එක්ක දෙයි. (ස)
මේකට කියන්නේ ඡන්ද විහිලුවක් කියලා (නදී)
ගොඩේ බයියෙක් ලෙසින්ම විපක්ෂයට ඔච්චම් කරමින කල අයවැය කතාව ඉතිහාසයේ අපිට දකින්න ලැබුන අවලක්ෂනම එකකි. (අ)
ජිල්මාට් කතාව අපි කලිනුත් අහල තිබ්බ ඡන්දෙ කලෙක. අැයි මේකටත් එක්ම කියන්න පටන් අරන්ද. එ්ක නම් කුහක කම කියන්න දෙයක් නැති කමට කියනවා වගේ. එතුමාගේ පියාගේ කාලෙටත් කලින් ඉඳන්ම ජනතාව නන්නත්තාර වෙලා හිටියේ අලුතින් වෙන්න දෙයක් නැහැ. (නදී)
හරීන් මලයට පින් සිද්ද වෙන්න ආණ්ඩුව වැඩ දානවා (අ)
අනේ නිර්මල ඔයා දන්න අංක ගණිතය (නදී)
අපිව හැමදාම රවටනවා. විශ්‍රාමිකයින්ට පෞද්ගලික අංශයේ සේවකයින්ට මොනවද දුන්නේ. රට ඉන්න මිනිස්සුන්වත් ගණිතයෙන් වංචා කරලා. (නදී)
අය වැයෙන් සතුටක් ඇති උනා. රටේ කාර්මික නිෂ්පාදන ඉහල නංවන්න සහන ලබාදෙන්න. නව නිපැයුම් සහ දේශීය නිෂ්පාදන ප්‍රවර්දනයට රජයේ ආධාර ලැබිය යුතුයි. අපනයන අදායම වැඩිකර ගැනීමට කටයුතු කල යුතුයි. (නදී)
අපේ රටේ ගොඩක් දෙනෙකුට ආර්ථිකය ගැන තේරෙන්නේ නැහැ. රුපියල් 100 දීල රුපියල් 1000 යටින් ගන්න එක තමා කරන්නේ. ඕවා ගානක් නැහැ එදා වේල හොයාගන්න මිනිස්සුන්ට. (නදී)
ඒ කතාවේ (බයියා) පොඩි හීනමානයක් යාන්තමට වගේ තියෙනවා කියල මට හිතෙනවා. සජිතුත් ඒ ගොඩේම තමයි. (නදී)
රත්තරන් නිකන් දුන්නත් අපේ විපක්ෂයට මදිම තමයි (නදී)
ගොඩේ බයීයෝ රවට්ටලා ඡන්දෙ ගන්න පුළුවන් නියම අයවැයක් (නදී)
දෙනකම් දුන්නේ නෑ කියලා බනිනවා. දුන්නම බොරුවක් කියලා බනිනවා. මෙහෙමත් රටක්. ඔය කියන කට්ටිය රට කරපු හැටි අපිට අමතක නෑ. (නදී)
කවුද අනේ විපක්ෂයෙන් අය වැයට හොදක් බලාපොරොත්තු වෙන මෝඩයා. එහෙම හොඳ කියන්න ගියොත් කොහොමද ආණ්ඩු බලේ ගන්නේ. විපක්ෂයේ කාර්ය භාරය හොද හෝ නරක වේවා රජයේ සෑම කටයුත්තක්ම විවේචනය කිරීමයි. ඒක අපේ දේශපාලන සම්ප්‍රදාය. සජිත් මහත්තය කලේ විපක්ෂයේ කාර්ය භාරය මැනවින් ඉටු කිරීම පමණයි. (නදී)
දීපිකා...ඔයගේ අදහස නියමයි.... සමින්ද - නිර්මල - ප්‍රනීත් කියන දේ හරියටම හරි. (නදී)
මෙච්චර කාලෙකට නම් කියන දේ ටිකක් හරි කලේ ඔය ජනාදිපති විතරයි. අනිත් කස්ටිය කිව්වා දේවල් විතරයි තියෙන්නේ කල දෙයක් නැහැ. අපරාදේ කියන්න බැහැ ප්‍රේමදාස ජනාදිපති තුමත් යම් කිසි වැඩ කොටසක් කලා. එ්ත් මේ තරම් නම් කලේ නැහැ. කොච්චර කලත් මිනිස්සු කුහක වෙන්න හොඳ නැහැ. (නදී)
ඔව්නේ ඉතින් ලංකා තිලක් . අපිනේ ඡන්දෙ දීලා පත් කර ගත්තේ. !දෙන දෙයක් ගන්නවා මිසක් අහවල් දෙයක් කරන්ටයැ.(අ)
රජයේ සේවකයන්ට විතරද දන්නේ නැහැ බඩගිනි වෙන්නේ. ? පුද්ගලික අංශයේ වැඩ කරන උදවිය ඡන්ද කාලෙට විතරක් කන සත්ව කොට්ටාශයක් වෙන්න ඇති. (අ)
අන්තිමේ තරු පෙනුනේ ඡන්දෙ දීපු බයියන්ටම තමා. අපිට නම් ප්‍රශ්නයක් නැහැ. පුද්ගලික අංශයේ රැකියාව කරගෙන චුන් එකේ ඉන්නවා. (අ)
දීපිකා, ඔබ මුලාවෙලාද ? ඔබ කුහකද ? ඔය ජනාදිපති යුද්දය නිම කරනවා කීවා. එය නිම කලා. අගය කල යුතුදේ අපි අගය කරමු. (නදී)
පුද්ගලික අංශයේ වැඩ කරන අයට තියෙන්නේ ඡන්ද භාගයක්ද ? මොකද මේ කුඩම්මාගේ සැලකිල්ල. (නදී)
වරුණ ඔබලා ගන්න වැටුපට වැඩියෙන් වැඩ කරනවා. මොකද වැඩ නොකර පඩිගන්න රජයේ සේවකයින්ට පඩිගෙවන්න. ඒ කීවා වගේ නම්බුකාර විදිහට වැටුප අතට ගන්න පුළුවන් හැබැයි මමත් රජයේ සේවයේ ඉඳලා එයට පයින් ගහල රට ගිහිල්ල හැදුන කෙනෙක්. පැන්සන් එක බලාගෙන සිටියා නම් මමත් හිඟන්නෙක්. (නදී)
බන්දුල පෙරේරා මහත්තයා රටක් පාලනය කරන එකේ වගකීම් මම හොදට දන්නවා. ඔයා හරි කැමැතියි වගේ කඩේ යන්න. හොදයි හොදයි ඔහොම යමු. (නදී)
ඒ වගේ ප්‍රශ්ණයක් අපි ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ (නදී)
බයියන් අන්තිමේ අපේ බයි කටටම ගැහුවා. (නදී)
"දේසේ හැටිය වාසේ ..බයියා සමග වාසේ" කිව්වලු (නදී)
ජනාධිපතිතුමා නව වසරක් තිස්සේ ඉදිරිපත් කරපු අය - වැය තුළින් දීපු ප්‍රතිලාභ සහ සහන, මේ අය -වැය ගැන විවේචනය කරන සමහර අය දෑත දිගුකරලා, දත් තිස් දෙකම විරිත්ත ගෙන භුක්ති විඳපු අයනේ. ඒ ගොල්ලන්ට දැන් පුළුවන්නේ වීරයෝ වගේ වක් වුනු කශේරුව කෙලින් කරගෙන ඉදිරියට ඇවිල්ල කියන්න එපා! එපා!! අපිට ඔය වැඩි කරපු එකක්වත් එපා කියලා. මේ ගොල්ල කරන්නේ කුහකකමට ඕනෑම දෙයක් විවේචනය කරන එකනේ. මේ ගොල්ලන්ට තමයි "ස්වකීය වර්ගයට අයත් ගතිගුණ ඇති" පුර වැසියෝ කියල කියන්නේ. (නදී)
ජනාධිපතිතුමා පරද්දන්න තියා හිතන්නවත් බෑ, ලංකාවේ මේ අය ඉන්නකම්. (අ)
සජිත් ප්‍රේමදාස මහත්තයෝ බොරු කියලා රටේ මිනිස්සුන්ව අන්ඳන්න හදන්නෙපා. වරායෙන් ආයුධ කන්ටේනර් පිටකලේ එක්සත් ජාතික පක්ෂයේ එදා හිටිය ඔබේ මිනිස්සු නේද (නදී)
මේ සේරම සහන ජනවාරි වලින් පස්සේ ඉවරයි. ආයේම බඩුමිල රොකට් වගේ අහස උඩට නගීවි. අපේ ඡන්ද දායකයින්ට අබ සරණයි. (නදී)
සජිත් මහත්තයෝ මොන දේ කළත් අපේ ජනපති හරි දේ කරයි. එක අපි හොදින් දන්නවා (අ)
කව්ද මේ අපේ රට එක්සේසත් කල හස්තිරාජයාට ගොඩේ බයියා කිව්වේ? (අ)
රාජ්‍ය සේවකයින්ට පඩි වැඩි කරා. ඒක හොදයි ඒ වගේම බහුතරයක් වූ අහිංසක කම්කරුවන්ට පොඩි පොඩි ව්‍යාපාර කරන අයට මොනවද මේ අයවැයෙන් හම්බ වෙන්නෙ. රබර්වලට සහතික මිළක් දෙනවා. ඒක දෙන්නෙ කොහොමද කියන එකයි ප්‍රශ්නෙ. නිකන් දෙන අල කිලෝ දෙක ගන්න ගමන් වියදම රුපියල් 50 යි කාලයයි ශ්‍රමයයි වැයවෙනවා වගේ වැඩක් ද ඒකත්? (අ)
ලංකාවේ උන්නැහේල කට ඇරගෙන ඉන්නේ නිකම්ම කටට දාන කම්. උත්සාහයෙන් හම්බකරගෙන ජීවත් වෙන්නේ කීදෙනා ද.නිකම් දෙන ඒවා සේරම කපා හරින්න ඕන රට ගොඩ ගන්නනම්.(අ)
ඇත්තටම කියවනකොට මටත් හිතුනා කවුරු හරි බයියෙක් ලියා දීපු ලැයිස්තුවක් කියලා. මොකද? මේතුමා ලිව්වා නම් සිංහල වචන නියමෙට කියවනවා නේ. මේක බයියෙක්ගේ වැඩක් කියල ඔබතුමා කියන්න ඕනේ නැහැ. අපිට හොඳට තේරුනා (නදී)
ලස්සනට කතා කලට බලන්නකෝ කඩේකට බඩු ගන්න ගියාම කොහොමද සහනය කියලා. මෙය ඉලක්කම් හරබයක් පමණයි. (නදී)
බන්දුල මහත්තයා පත්තර බලන්නේ නැද්ද මන්දා, විපක්ෂ නායක තුමා කියලා තියෙනවා මිහින් ලංකා එකෙන්, එයා ලංකා එකෙන්, වෙන පාඩු සහ රාජ්‍ය දුෂණය, නැතිකිරීමෙන් ලැබෙන ආදායමෙන් එතුමාගේ ලිස්ට් එකට සල්ලි හොයා ගන්නවා කියලා. (නදී)
හොඳ නම් හොඳා .අපි බල ඉන්නම් ඔයාල කන බොන හැටි (අ)
එදා වේල හොයා ගන්න දත කන අපිට අඩුම තරමේ කන ටිකටව ත් සහනයක් ලැබෙනවා නම්, ඔය ලොකු ලොකු දේවල් නැතුවට කමක් නැහැ. (නදී)
මේක අයවැයක් නොව ජනාධිපතිවරණය සඳහා දීපු දීමනාවක් පමණි.මේක දෙන්න අපි තවත් රටකට ණය වෙනවා එක තේරුම් ගන්න බැරි හරක් රැලක් තමයි අපේ රටේ ඉන්නේ මට හිතෙන හැටියට කඩේ යන බන්දුලයාටත් තව කියක් හරි ගන්න ණය වලට පොලි ගෙවන්න වෙයි එක ඒ මිනිහට තේරෙන්නේ නැහැ මොකද මිනිහ වාඩිවෙලා ඉන්න මොලේ උඩ.මේ දීමනා දෙන්න මුදල්ප්‍රති පාදන හදාගන්නේ කොහොමද අපේ අය මේකයි වය මේකයි එහෙමයි අපි මේ තරම් කාලයක් අහපු දැකපු අයවැයක තිබුනේ මේක ඡන්ද ගුන්ඩුවක් ආණ්ඩුව පෙරලුනොත් අනේ ඉතින් අලුත් ආණ්ඩුවට දෙවියන්ගේම පිහිටයි. මේ අයම හිටියොත් මාස 2-3 කාලයක් විතර දීල කියයි ලෝක වෙළඳ පොලේ වෙනසක් ඇතිවුනා කියල මිනිසුනේ මොලේ කල්පනා කරන්න අපේ රටේ සාක්ෂරතා 95% ලු මම නම් හිතන්නේ නැහැ එක .5% කියලයි මට හිතෙන්නේ මේ කඩේ යනවිදිය දැක්කම. (අ)
මාදු වගේ කට්ටියට කොහොම පේනවද දන් නැහැ, කෝ සංවර්ධන යෝජනා? ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ගේ ආර්ථික විද්‍යා දැනුම මදි, ගොඩක්ම මදි,අද තියෙන ආර්ථික දුර්වල කම සහ කඩා වැටීම තේරෙන් නැහැ. මේ අයවැය නිකන් බොරු යෝජනා ටිකක්, පව් අපේ මිනිස්සු.(අ)
කවුද අනේ විපක්ෂයෙන් අයවැයට හොදක් බලාපොරොත්තු වෙන්නේ .එහෙම හොද කියන්න ගියොත් කොහොමද ආණ්ඩු බලේ ගන්නේ.විපක්ෂයේ කාර්ය භාරය හොද හෝ නරක වේවා රජයේ සැම කටයුත්තක්ම විවේචනය කිරීම..ඒක අපේ දේශපාලන සම්ප්‍රදාය ..සජිත් මහත්තය කලේ විපක්ෂයේ කාර්ය භාරය මැනවින් ඉටු කිරීම පමණයි..කොහොම වුණත් ජනාධිපති තුමා දැන් ටිකක් ඔය සංවර්දන වැඩ නතර කරලා මේ බඩජාරින්ගේ බඩවල් පුරවන්න..සිංහලය කියන්නේ බොහොම ඉක්මනට කාලගුණ අමතකවන ජාතියක් කියල මේ එසැන පුවත් බැලුවම හොදට පැහැදිලියි. (අ)
සහන දුන්නත් බනිනවා සහන නුදුන්නත් බනිනවා. පඩි වැඩි කලත් බනිනවා. පඩි වැඩි නොකලත් බනිනවා. බදු අඩුකලත් බනිනවා. බදු වැඩි කලත් බනිනවා. මේ වගේ මිනිස්සු කොහොම සතුටු කරන්නද කියල හිතෙනවා. (අ)
කව්ද ගොඩේ බයිය කීවේ ඔබට? ඔබතුම ජනපති වුණේ එකේ කිසි වරදක් නැහැ හැබැයි හොරු, මංකොල්ලකාරයෝ, කුඩ්ඩෝ, කසිප්පු කාරයෝ, මිනීමරුවෝ ළඟ තියාගන්න එපා. අපිට ඕනේ යහ පාලනයක්. (අ)
ඇත්තටම මේකේ ගන්න දෙයක් නැහැ, දෙනවා, දෙනවා කියනවා විතරයි. මටනම් වචන මදි.(අ)
බයිලා පේනවා නේද? (අ)
අපේ එක පුද්ගල අදායම 2005 සිට 4 ගුණයක් වෙලා තියෙනවා (අ)
රටේ නිෂ්පාදනයක් නැහැ, හරිහමන් ආදායමක් නැතුව මෙතුමා ඉදිරිපත් කරන මේ සුපිරි අයවැය නම් මැජික් එකක්වගේ.මෙතුමා ළඟ ඇලඞින්ගේ පුදුම පහාන ඇති. අනේ මෙහෙමත් ඇන්දිල්ලක්. (අ)
ඔක්කොටම සහනලු. . දැන් ඉතින් අපිට නිවී සැනසිල්ලේ කියක් හරි ඉතුරු කර ගන්ට පුළුවනි . නැත්නම් ඉතින් අපේ බයියලා ස්කයිප් එකෙන් කියන්නෙම අම්මෝ. මෙහෙ ජිවත් වෙන්න බැහැ. කියලනේ. අපේ බයියලට කොච්චර දුන්නත් නැති අඩේ. (අ)
මේ සුත්තර වැඩ නිසා බඩු මිලදී ගන්න කඩේට ගිහින් බලන්න ඕන සැර. (නදී)
මේකේ ප්‍රතිචාර දක්වන බොහොමයක් ලංකාවේ ඉන්න අය නෙවේ කියල පෙනෙනවා. මොකද රටේ ආර්ථිකය පිළිබද තියෙන දැනීම එයාලගේ ප්‍රතිචාර වලින්ම පේනවා. ඔය රට ඉන්න පිරිසට තේරෙන්නේ නැහැ ඇත්තටම මෙහි ඇත්ත තත්වය. එහෙම තේරෙන නිසා තම එයාල ලංකාවට එන්න බය. අාවොත් එයාලගේ අඹුදරුවෝ ජීවත් කරවන්න බැරි බව ඔය හැමෝම දන්නවා. හැමදේම හොදින් සිද්ද වෙනවා නම් ඔය මැද පෙරදිග ඉදන් දුක් විදින්නේ නැතුව ලංකාවට එන්න (නදී)
බන්දුල, ලංකා තිලක්, විදුලි බල මණ්ඩලයේ ගල් අගුරු වලින් වෙච්ච වංචාව බිලියන 150 යි. මේවා නවතා ගත්තා නම් විශ්‍රාමිකයින්ට සොච්චමක් හරි දෙන්න පුළුවන්කම තිබුනා නේද? මේ එක සිද්දියක් පමණයි. අපිත් රජයට පක්ෂව ඡන්දෙ දීපු මිනිස්සු තමා. එ්ත් දුෂණ,වංචාව, නාස්තිය,බොරු සෝබන නිෂ්ප්‍රයෝජන ආයෝජන තවත් අනුමත කරන්නේ කොහොමද? කොයි ආණ්ඩුවක් ආවත් වැරදි වැඩ කරනවාට අපි විරුද්දයි. (නදී)
ගයාන් බලන් ඉන්න යහ පාලනයක් ලැබෙයි.දැන් මිල අඩුවුනත් ඡන්දෙන් පස්සේ වැඩිකරනවා. (අ)
අවුරුදු ගාණක් තිබ්බ යුදධය නැති කරපු එකම වීරයා මහින්ද වීරයා සමහර අයට දැන් අමතක වෙලා රට ජාතිය පාවා නුදුන්න එකම සිංහල වීරයා (අ)
ලංකා තිලක් විපක්ෂ නායක තුමා සහන දෙන්නේ හොරකම් නවත්තළලු. හොරුන්ට දඩ ගසා හිරේ දාමු. එතනෝල් ගෙනාපු අයගේ දඩ අය කරගම්මු. ගල් අගුරු, බෙහෙත්, බාල තෙල් මේවා නැවතුවහොත් 10000 ක් ම දෙන්න පුලුවන්. අැයි මේ රට මේ තරම් නය කරන්නේ. නය අඩු කලොත් කොපමණ පොලී ඉතුරු වෙයිද? (නදී)
ඔබ තුමාට කට්ටිය බැන්නත් බනින කට්ටියටත් වෙන විකල්පයක් නෑ,ඔබ තුමා ඇරෙන්න කව්ද ඉන්නේ ?අපි සාපේක්ෂව බලන්න එපෑ (අ)
"විපක්ෂ නායක තුමා දෙනවා කියන ඒවා එක්ක බැලුවම මේ මොනවද? විපක්ෂනායක තුමාගෙන් කව්රුත් ඇහුවේ නැහැනේ එහෙම දෙන්නේ කොහොමද කියලා." (නදී)
මාර අය වැයක්. කිරි රුපියල් දහයකින් වැඩි කරලා..... යෝඝට් රුපියල් 3 කින් අඩුකරන්නේ කොහොමද. යෝඝ්ට් පිටි වලින් හදල දෙන්න පුළුවන්..(අ).
බෙන්තර ගඟෙන් එහා පැත්තේ නේ (නදී)
නිකන් බොරු යෝජනා ටිකක්, පව් අපේ මිනිස්සු.ජනතාව මුලාකර දේශපාලන වාසි ගන්න හදනවා ඔය පවු ගෙවන්න වෙන්නේ මෙලොදිත් සහ පරලොදිත් ජනතාව රැවටීම විසාල පාප කර්මයක් . (අ)
ඔය කිව්වා වගේ දෙනවනම් හොඳයි එත් ඔච්චර දෙන්න කොහෙන් හොයනවද දන් නෑ.. ණය වලින් ඇරෙන්න. කොහොමත් ජනාධිපතිවරනය ටම කියාපු අය වැයක්. කවුරු ආවත් ඔය ටිකම තමා. දීර්ඝ කාලීනව හිතල අය වැයක් හදළම නැතුව ඇති. හැම අය වැයක්ම හදන්නෙ චන්දෙ දිනන්නයි, බලේ රැක ගන්නයි.(අ)
ජනාධිපතිතුමා නොමැති නම් මෙතරම් සංවර්ධනයක් සිදුනොවන බව අවිවාදයෙන් පිළිගතයුතුයි (නි)
වෙන්න ඇති ගිය අවුරුද්දට වඩා මේ සැරේ තවත් බිලියන ගනනක් වියදම් කරන්න හිතාගෙන ඉන්නෙ.. මොළයක් තියේනම් පොඩ්ඩක් හිතලා බලන්න මෙච්චර ගානක් වියදම් කරන්න රටට ආදායමක් කෝ... ණය අරගෙන අරගෙන හුලං පුම්බල හදපු අය වැයේ ණය ගෙවන්න වෙන්නෙ අසරණ මිනිස්සුන්ට...(අ)
සුනිල් සාජා දන්නා තරම පේනවා. ඉන්නේ ලංකාවේ නෙවෙයි නේද??(අ)
සජිත් තාත්තා ඔයා තරම් මෝඩ නැහැ (නදී)
ලාල් මහත්තය බයිලා කියනවා..විපක්ෂ නායක තුමා දෙනවා කියන ලිස්ට් එක බලන්නකෝ....ලාල් මහත්තය කරකවල ඇත අරිය වගේ වේවි එක දැක්කනම් අනේ කවුරුත් එතුමාගෙන් අහන්නේ නැහැ ඒවාට කොහෙන්ද සල්ලි කියල.මොකද දන්නවා අහල වැඩක් නැහැ කියල.....විපක්ෂ නායක තුමා සල්ලි හොයන ක්‍රමේටම ජනපති තුමත් කොහොම හරි සල්ලි හොයල වැඩේ කරයි..ඔබ තුමා වැඩිය ඒ ගැන හිතන්න එපා.(අ).
බොරු අයවැයක්. ජනාදිපතිවරණය ලඟයි නේ. මේ මැජික් වලට මේකේ ලියන කී දෙනෙක් දැනටම රැවටිලා ද කියල පේනවනේ. අනේ මෙහෙමත් මෝඩ ජාතියක්. එකෙක් බලයට ආවොත් ආපු එකාටම වැඳ වැඳ ඉන්න තමා හදන්නේ. (නදී)
කොමද අය වැය හිගය පුරවන්නේ ??එතකොට ජාතික ආදයමට සාපේක්ෂව ලොකු හිගයක් තියෙනව මේක නිකන් බොරු පිබිලක් විතරයි ආර්ථික විද්‍යාව අනුව ලොකු බොරුවක් කරලා තියෙන්නේ.(අ)
යකෝ දැන් යෝගට් වලටත් පාලන මිලක් දාලද ? හික් හික් (අ)