IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බඹරගස්කන්දට යට වූ සිවු දෙනා එකට මිහිදන් වෙති

(ඩබ්ලිව් ජේ මුණසිංහ)

බළංගොඩ බඹරගස්කන්ද නාය යාමෙන් ජීවිතක්ෂයට පත් වූ ගවරන්හේන  වැහින්තැන්න ගමේ පදිංචිව සිටි එකම පවුලේ සිව්දෙනාගේ මෘතදේහ අවසන් කටයුතු ඕපනායක ඉඹුල්තැන්න පොදු සුසාන භූමියේදී  විශාල පිරිසකගේ සෝසුසුම් මැද අද සවස මිහිදන් කෙරිණි.

බළංගොඩ බඹරගල කන්ද නාය යැමෙන් ඉකුත් 12 දා පස්වරුවේ වැහින්තැන්න ගමේ නිවාස හතරකට හානි සිදු සිදුවිය.

ඉන් එක් නිවසක් සම්පූර්ණයෙන් විනාශ වූ අතර එම නිවසේ පදිංචිව සිටි පියා,මව, සහ දියණියන් දෙදෙනාද ජීවිතක්ෂයට පත් වූහ.

යුද හමුදා, පොලිස් සහ ආපදා සහන කණ්ඩායම් එක්ව ප්‍රදේශවාසීන් ගේද සහයෝගය ඇතිව දෙදිනක් පුරා එම භූමියේ සිදු කළ සෝදිසි කිරීම් අනුව මෘත දේහ හතර එකම පොකුරට තිබී 14 දා සවස සොයා ගැනිණ.

මෙසේ ජීවිතක්ෂයට පත්වූයේ ඕපනායක උඩවෙල හොරන්කඳුර වැහින්තැන්න , ලිපිනයේ පදිංචිව සිටි හතළිස් හතර හැවිරිදි එච්.චමින්ද පුෂ්ප කුමාර,(පියා) හතළිස් හැවිරිදි ඊ.කේ.ඩී.සිරියලතා (මව) සහ ඔවුන්ගේ දියණියන් වන හුණුවල ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි විමංසා ඉසුරි ධනංජනා, සහ ටෂාරා නවෝදි යන සිසුවියන් දෙදෙනාය.

අගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව මළ හිරු බැස ගිය සන්ධ්‍යා ඥාතීන්,යාළු යෙහෙළියන්, අසල්වාසීන් විශාල පිරිසකගේ සෝ සුසුම් මැද මව,පියා සහ දරුවන් දෙදෙනා එකම වළක හිමිදන් කෙරිණි.



අදහස් (2)

බඹරගස්කන්දට යට වූ සිවු දෙනා එකට මිහිදන් වෙති

Susantha Wednesday, 15 November 2023 11:31 PM

ගොඩක් දුකයි .මෙවැනි අකල් මරණවලට සසරේ පත් නොවේවා .නිවන් සුව ලැබේවා

:       0       5

fairoos Thursday, 16 November 2023 12:30 PM

ඉතාම කනගාටුයි .නිවන් සුව

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 793 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site