දිවයිනට පැමිණි ලොව විශිෂ්ඨතම බ්ලොග්කරුවෝ අද උදෑසන සීගිරි බිතිසිතුවම් නැරඹීමට සීගිරි ගල තරණය කළහ.
ඔවුන් සීගිරි ගල මතින් බසින අවස්ථාවේ බඹරු රෑනක් ඔවුන්ගේ හිස් උඩින් පියාසර කළහ. සියළු දෙනාම බිම වාඩිවී බඹරුන්ට පියාඹා යන්නට සැලසුහ.
මෙම සංචාරයේදී ඔවුන් ලබා ගත් තවත් සුවිශේෂී අත් දැකීමක් සීගිරියේ දී ලබා ගත් බව ඔවුහු පැවසූහ.
ලබන 18 වෙනිදා පැවැත්වීමට නියමිත ආසියාවේ ප්‍රථම සංචාරක බ්ලොග්කරුවන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා මෙම පිරිස දිවයිනට පැමිණ ඇත.
ලොව නන් දෙසින් පැමිණි බ්ලොග්කරුවෝ 46 දෙනෙකු මෙම සංචාරයට එක් වුහ.
සමුළුවට පෙර ශ්‍රී ලංකාව පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට දින 4ක පූර්ව සමුළු සංචාරයක් මෙම බ්ලොග්කරුවන් සඳහා සංවිධානය කර ඇත.
සමුළුව සඳහා දේශකයින් රැසක් සහභාගි වන අතර ඔවුන් ලොව සුප්‍රසිද්ධ ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන වල ඉහල තනතුරු දරන්නෝ වෙති.
සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වෘත්තීය සංචාරක බිලොග්කරුවන්ගේ සංගමය සමග එක්ව ඉහත සමුළුව සංවිධානය කරනු ලබන අතර විශිෂ්ටතම සංචාරක බ්ලොග්කරුවන් 46 දෙනකු මෙම සමුළුව සඳහා තෝරාගෙන ඇත.















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රට ගැන හොද ප්‍රසිද්ධියක් මේ හරහා ලබා ගන්න පුළුවන්.(හේ)
සීගිරියේ ඉන්නේ බඹරුද? දෙබරුද? මම නම් දන්නා හැටියට දෙබරුයි ඉන්නේ මිනිසුනට එලව එළවා විදින්නේ දෙබරු මිස බඹරු නොවේ.ඒකනේ අපේ ජෝතිපාල මහත්තය මහද පිපෙන වන බඹරා කියල සිංදුවකුත් කිව්වේ.(දිල්)
ආගන්තුක සත්කාරයට ළැදීම රටක් ලෙස ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.(දිල්)
ඒ අයගේ වේලාව හොදයි.(හේ)
සත්තු වුනත් දන්නවා පරිසරයට හිතකාමී කවුද කියලා.මේ මිනිස්සු පරිසරයට දක්වන ආදරය සෙනෙහස හා ලැදිකම සතාට වුනත් තේරෙනවා.එකයි උන් කිසිම අනතුරක් නොකර උඩින් යන්න ඇත්තේ,(හේ)
අත්දැකීම නෙමෙයි බඹරු විද්දානම්.(හේ)
අනුනවයෙන් බේරිලා තියෙන්නේ.(හේ)
මේ සිතුවම් ගොඩක් අලුත් පාටට පෙනෙන්නේ මොකද ?කලින් මෙහෙම තිබුනේ නැනේ ..බිත්තියත් ගොඩක් අලුත් පෙනුමක් තියෙන්නේ .(හේ)
ලොව සුප්‍රසිද්ධ ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන වල ඉහල තනතුරු දරන දේශකයෝ එනවා කියපුවම එයාලගේ පින්තුරයි තනතුරුයි දෙකත් පලකරන්න ඕනනේ (හේ)
බඹරු නිකන් හරි බ්ලොග්කරුවෝ කට්ටියට විද්දනම් එහෙම සමුළුව තියන්න ලොව සුප්‍රසිද්ද ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන වල ඉහල තනතුරු දරන දේශකයෝ ටිකට ඉස්පිරිතාලේකටයි යන්න වෙන්නේ ..ලොව සුප්‍රසිද්ද ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන වල ඉහල තනතුරු දරන දේශකයෝ ටික මේ විනෝද චාරිකාව සඳහා එක්වෙලා නැද්ද ?(හේ)
මේ අයගේ වෙලාව හොදයි.එහොම බේරුණ එක ලොකු දෙයක්.(හේ)
බඹරු කණ්ඩායමක් ලෙස සංක්‍රමණය කරන විට කිසිවෙකුට විදින්නේ (පහරදෙන්නේ) නැත. පහර දෙන්නේ යම් තැනක වද බැඳ ඇති විට එම වද වල ආරක්ෂාව සඳහා පමණි. වසරේ මෝසම් කාල වෙනස අනුව බඹර ජනපද ප්‍රදේශයෙන් ප්‍රදේශයට සංක්‍රමණය වෙයි.(හේ)
සුද්දට බැන්නට පේනවා නේද සුද්දා හැසිරෙන විදිහ? එක කුණු කෑල්ලක් දානවද අතන මෙතන? පේනවද සුද්දා පරිසරයට දක්වන ආදරය, කෝ අපේ අයට ඕව? ලැජ්ජයි? අපේ එවුන් යන යන තැන විනාශ කොරල එන්නේ බලනවා ගාලු මුවදොරේ ගිහින් තියෙන පොලිතින් බෑග් ගොඩ, තියෙන කුණු කන්දරාව, මෙයාගේ අතවල් කකුල් කැඩෙනවද ඔය කුණු කෑල්ල ගිහින් කුණු බක්කියකට දාන්න? (අ)
දේශයට ආදරයකරන නුවණක්කාර බබරු රැලක්, මෙම නඩේට ඇන්නනම් හෙම රටේ සංචාරක ව්‍යාපාරයට අහිතකර බව අප රටේ සමහර මිනිසුන්ට වඩා හොදින් දැනගෙන , කෙතරම් අගේද? කාටත් දැනගන්න මෙය පළකිරීම ගැන ලංකාදීපයට තුති,(හේ)
මෙම සමුළුවෙන් පසුව මොවුන්ගෙන් අපරට ගැන ලැබෙන ප්‍රසිද්ධිය කෙතරම් අගේද? (හේ)
බඹරු උඩින් නැතුව යටින් යනවාද?(හේ)