
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා එරටදී ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කරමින් කටයුතු කළ ආකාරය ගැන තමා පෞද්ගලිකවම කණගාටුවන බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ලෝකයම පලස්තීනයේ විනාශය දකිද්දී එ් විනාශය සමග කෙලින් සිට ගත නොහැකි මනුෂ්‍යත්වයෙන් තොර මොළ සේදුණු කිසිවකු හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයේ හෝ තම අමාත්‍යාංශයේ හෝ සිටී නම් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කියවලා හැදෙන්න යැයිද ඔහු ඉල්ලීමක් කළේය.
ආණ්ඩුව හැටියට නිදහස් පලස්තීනය පිළිගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය.
බිමල් රත්නායක මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ආයෝජන ප්‍රවර්ධන සහ අන්‍යෝන්‍ය ආරක්ෂාව ගිවිසුම යෝජනාව පිළිබඳ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොඳු නාරටිය ඇති අනාගත නායකයෙක්
මෙන්න මේ මනුස්සයා කියනවා පලස්තීනය පිළිගන්නවා කියලා. ඒ කියන්නේ මෙයාද පිළිගන්නේ ආණ්ඩුවද? මොනවා කියනවාද කියලා කවුද දන්නේ... කලබලයි නේ
උද්ධච්ච ඇමතියෙක්
හැබැයි පලස්තීනය කොටි යුද්ධය වෙලාවේ කොටින්ට පුහුණුව දුන්නා නේද?
කෝ මේ වීරවංශ? මුජිබර් දැන් හරිනේද? ඔය ඊශ්‍රායලයෙ ආරාධනයෙන් සංචාරය කරපු මාධ්‍ය කට්ටිය ගැන මොකද කියන්නේ... තමන්ගේ අයත් ගිහිල්ලාද...?