(නිශාන්ත කුමාර )
දිවා ආහාරය සමග ව්‍යංජනයක් ලෙස ආහාරයට ගත් බිම් මල් වර්ගයක් විස වීමෙන් කන්දකැටිය බුදුගේකන්ද ගම්මානයේ තිදෙනෙක් රෝගීව අද (12) කන්දකැටිය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.
ගම්මානයේ කැලෑවක පිපි තිබූ බව කියන නාදුනන බිම්මල් වර්ගයක් කඩාගෙන ගොස් පිස එය දිවා ආහාරයට එක් කර ගෙන ඇති අතර ආහාර ගැනීමෙන් මද වේලාවකට පසුව ඔවුන්ට වමනය යාමටත් ඇතැමුන්ට ලේ වමනය යාමටත් පටන්ගත් බව රෝහල්ගත වූවෝ පවසති.
රෝගී වූ පිරිස අතර කුඩා දරුවෙකුද සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd