IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බම්බලපිටියේ වීසා මධ්‍යස්ථානයට සුද්දයක් දුන් කතක් ඇතුළු පහක් මාට්ටු

(ඉන්දිකා රාමනායක)

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට අයත් බම්බලපිටියේ වීසා මධ්‍යස්ථානය හොර රහසේ ඇතුලු වී එහි තිබු ලැප්ටොප්  පරිගණකයක්, සහ  සී සී ටී වී කැමරාවේ  දක්ත  පටිගත වන ඩී වී ආර්   යන්ත්‍රයන් ,කැමරාවක් සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්  කාන්තාවක් ඇතුලු සැකකරුවන් පස් දෙනකු අද (21) පස්වරුවේ  අත්අඩංගුවට  ගත් බව පොලිසිය කියයි.

සැකකාරිය එම කාර්යාලයේ  තේ සෑදීම හා  ශූද්ධ පවිත්‍ර කටයුතු වල නිරත (63) හැවිරිදි  කම්කරු කාන්තාවක්  බව පොලිසිය පවසයි..

මෙම  කාර්යාලයේ දිනකට රුපියල් ලක්ෂ 30- 40 ක මුදලක් එක්රැස් වන බවත්, ඒවා සේප්පුවේ  තබා ඇති බවට ඉහත   සැකකාරිය ඇගේ (54) හැවිරිදි අනියම් පෙම්වතාට  කළ දැනුම් දීමකට අනුව එම සැකකරු  ගේ දැනුමී දී ම මත  ඔහුගේ  මිතුරකු  මෙම සොරකම සිදුකර ඇති බවද පොලිසිය කියයි.

සැකකාරියගේ අනියම් සැමියාගේ මිතුරා  තවත්  සැකකරුවන් තිදෙනකු සමග ඉකුත් ඉකුත් (14) අලුයම ත්‍රිරෝද රථයකින් මෙම කාර්යාලට පැමිණ  ඇති අතර, එක් සැකකරුවෙක් අවට   ඔත්තු බලමින් සිටියදි සැකකරුවන් දෙදෙනකු    එහි ජනේලයකින්   කාර්යාලය වෙත ඇතුලු වී ඇති බව පොලිසිය කියයි.

 සැකකරුවන් මුදල් සොයා  එහි තෙමහල් ගොඩනැගිල්ලේ සැරිසරමින්    ඇති බවත්, එහි සේප්පුව ඔවුනට විවෘත කර ගැනීමට නොහැකි වීම නිසා   ප්‍රධාන නිලධාරිණ’යගේ ලැප්ටොල් පරිගනකය සහ  සී සී ටී වී කැමරා උපකරණ  (ඩී වී ආර් ) ගලවාගෙන පලාගොස් ඇත.

මේ සම්බන්ධයෙන් පොලිසිය   එම මාර්ගයේ සී සී ටී වී කැමරා 100 ක් පමණ පරික්ෂා කර    සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරගෙන කිරුළපන ප්‍රදේශයේ එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත .
, ඔහුගෙන් හෙළි වු තොරතුරු අනුව සෙසු සැකකරුවන් තිදෙනා හා සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

  කාර්යාලයේ තිබී සොරාගත් ලැප්ටොප් පරිගනක යන්ත්‍රය සහ කැමරාව සැකකරුවන් දෙදෙනකුගේ නිවෙස් වල තිබී පොලිසිය සොයාගෙන ඇති අතර, ඩී වී ආර් යන්ත්‍රය  කිරුළපන ප්‍රදේශයේ ඇලකට දමා තිබියදි පොලිසිය ඊයේ සවස සොයාගෙන ඇත.

සැකකරුවන්   සහ සැකකාරිය කිරුළපන හා  වැල්ලවත්ත   අවට ප්‍රදේශ වල පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.
  මෙම සොරකම  හේතුවෙන් ඉකුත් (15) වැනි දින සිට  වීසා මධ්‍යස්ථානය  දින 5 ක් පුරා වසා දමා  තිබු අතර,  පසුගිය (20) දින එය යළි විවෘත කර තිබුණ’.



අදහස් (2)

බම්බලපිටියේ වීසා මධ්‍යස්ථානයට සුද්දයක් දුන් කතක් ඇතුළු පහක් මාට්ටු

සුදු ඇඳගෙන කලු ඇවිදින් Tuesday, 21 February 2023 10:45 PM

කිසිම වැදගත් කමක් නැති ප්‍රවෘත්තියක්.

:       0       2

අරවින්ද මොණරවිල Wednesday, 22 February 2023 07:03 AM

තානාපති කාර්යාලයක කොටස්වෙලත් අවශ්‍ය තරමට ආරක්ෂක සපයාගන්න බැරිතරමට ඉන්දීය තානාපති කාර්යාලය දුර්වල වෙලාද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 216 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site