යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියේදී දැනට ඉතිරිව ඇති වර්ග කිලෝ මීටර 64 න් 73% ක්ම ඉතිරිව ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයේ බවට මුලතිව් දිසාපති රූපවතී කේදීස්වරන් කියා සිටියාය.

‘හෙලෝ ට්‍රස්ට්‘බිම්බොම්බ ඉවත් කිරීමේ රාජ්‍ය නොවන සංවිධානය විසින් ඉදිරි වසර දෙකක කාලයකදී මුලතිව් දිස්ත්‍රීක්කයේ බිම්බෝම්බ ඉවත් කිරීමට පියවර ගෙන තිබීම සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී ඇය මේ බව කීවාය.

ශ්‍රී ලංකාවේ වැඩිම බිම්බෝම්බ ප්‍රමාණයක් වැළලී ඇති මුලතිවු දිස්ත්‍රික්කයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නොකඩවා වසර දෙකකට ආරම්භවීම නිසා වසර 2020දී ශ්‍රී ලංකාව බිම්බෝම්බ වලින් තොර රටක්වනු දැකීමේ සිහිනය සෑබෑකර ගැනීමට හැකිවනු ඇති බව ඇය පැවසුවාය.

bimbomb_2016112 bimbomb_2016112-2 bimbomb_2016112-3 bimbomb_2016112-4 bimbomb_2016112-5 bimbomb_2016112-6 bimbomb_2016112-7