IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බීමතින් ත්‍රීරෝද රිය පදවා අනතුරු දෙකක් කළ සැරයන් අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක)

බලපත්‍රයක් නොමැතිව බීමතින් ත්‍රීරෝද රථයක් පදවා එය යතුරුපැදියක හා මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන්  පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව මහබාගේ පොලිසිය පවසයි.

සැකකාර සැරයන්වරයා  අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කරමින් සිටී පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.

මෙම සැරයන්වරයා රාජකාරී විවේකය වාර්තාකර  ඊයේ (25) රාත්‍රියේ මත්පැන් පානය කර ඔහුට අයත් ත්‍රී රෝද රථය පදවමින් සිටියදී  මහබාගේ ඇලනි වත්ත ප්‍රදේශයට හැරෙන හන්දියේදී ත්‍රී රෝද රථය මෝටර් රථයක සහ යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් කාන්තාවක් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු බීමතින් සිටි බවට අනාවරණය වී ඇත.

 

 



අදහස් (0)

බීමතින් ත්‍රීරෝද රිය පදවා අනතුරු දෙකක් කළ සැරයන් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 94 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site