(ගයාන් සූරියආරච්චි)

කුලියාපිටිය විලපොළ ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමකට පොල් කපන පිහියකින් පහරදීමට ගිය සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට යාමේදී උප පොලිස් පරීක්ෂකවරයකුට පහරදීමෙන් තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව කුලියාපිටිය පොලිසිය පවසයි.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අධික ලෙස බීමතින් සිටි සැකකරු සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත අත් බෝම්බයක් සහ පොල් කපනු ලබන පිහියක්ද පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරු උප පොලිස් පරීක්ෂකවරයාට පහරදී දිවයන අවස්ථාවේදී ඇද වැටීම හේතුවෙන් තුවාල ලබා ඇති අතර පොලිස් ආරක්ෂාව යටතේ කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිසිය පවසයි.