(උපාලි ආනන්ද)
බීමත්ව අනුරාධපුර නව බස් නැවතුම්පල ආසන්නයේ කුම්බිච්චන්කුලම වැව අසල අහෝබන ලෙස හැසිරෙමින් සිටි බව කියන අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුවියක සහ සිසුන් තිදෙනකු වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා නියෝග කළේය
සැකකාර සිසුවියගේ සහ සිසුන් තිදෙනාගේ මව්පියන් 2023 වසරේ අප්‍රේල් මස 3 වන දින අධිකරණය හමවුට කැඳවන ලෙසටද අනුරාධපුර මූලස්ථාන පොලිසියට තවදුරටත් නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක ජයසූරිය මහතා සැකකාර සිසුවියට සහ සිසුන් තිදෙනාට එදින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කරනු කළේය.
මෙසේ ඇප මත මුදා හැරියේ අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ අධ්‍යාපනය ලබන සිසුවියක සහ සිසුන් තිදෙනෙකි
සැකකාර පාසල් සිසුවියට සහ සිසුන් තිදෙනාට පොලිසිය වෙන් වෙන් වශයෙන් කියවා දුන් පසුව බීමත්ව ප්‍රසිද්ධ ස්ථානයක අශෝබන ලෙස හැසිරුනු බවට තමන්ට එරෙහිව පෙලිසිය නගන චෝදනාවට තමන් වරද පිළි ගන්නා බව සැකකාර සිසුවිය පමණක් නීතිඥ සංජය රත්නායක මහතා මගින් අධිකරණයට පැවසුවාය.
බීමත්ව ප්‍රසිද්ධ ස්ථානයක අශෝභන ලෙස හැසුරුනු බවට පොලිසිය තමන්ට එරෙහිව නගන චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව සෙසු සැකකාර සිසුන් තිදෙනා නීතිඥ දුලානි කවීෂා මෙනවිය මගින් අධිකරණයට දැනුම් දුන්නේය
සැකකාර සිසුවිය සහ සිසුන් තිදෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කළ පසුව සැකකාර සිසුවිය සහ සිසුන් තිදෙනා බීමත්ව සිටින බවට අදාළ වෛද්‍ය පරික්ෂණයේදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා තහවුරු කර ඇති බවට සනාථ කෙරෙන වෛද්‍ය පරික්ෂණ වාර්තාද පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන අදහස්ද, අසරන මා පියන් රවටන වනචර එවුන් ගැන
"යෞවනයේ පොපියන ශෘංගාරය"
වයස 18ට වැඩිනම් පාසල් සිසුන් වුණත් ඔවුන් වැඩිහිටියන් ලෙස ගණන් ගැනෙනවා. මෙහිදී ඔවුන් පලකළ අශෝභන හැසිරීම් විග්‍රහ කර නැතිනිසා කියන තරම් අශෝභන දේවල් සිදුවුණාද කියලා අපිට කියන්න බෑ. නමුත් ලංකාවේ නීතියෙන් කාන්තාවන්ට මත්පැන් පානයට අවසර නැති අතර මිලට ගැනීමත් කාන්තාවකට මත්පැන් විකිණීමත් තහනම්. තරුණියට වරද පිළිගන්න සිදුවුනේ ඒ නිසයි කියලා මම හිතනවා.. නමුත් ඇත්තටම මේක අහස පොළව නූහුලන අපරාධයක් ද කියන තරමට ප්‍රසිද්ධියක් ලබාදෙන්න..