බීමත් රියදුරන් හඳුනා ගැනීමේ පරික්ෂණයට යොදා ගන්නා බැලුනය නවීකරණය කර ඇතැයි පොලීසිය පවසයි.
මීට පෙර භාවිතයට ගැනුණු බැලුනය ඇල්කොලයිසර බටයෙන් පුම්බා පරික්ෂණ කෙරිණි. නව බැලුනය සාමාන්‍ය පරිදි සැකකරුට පිම්බීමට දීමෙන් පසු අල්කොලයිසර් බටය බැලුනයට සවිකොට වාතය යැවීමෙන් පරීක්ෂණ කරන බව පොලීසිය කියයි.
පරණ බැලුනය භාවිතයේදී බීමත් රියදුරන් පරික්ෂා කිරීමෙන් අනතුරුව බැලුනය ලාකඩ තබා සීල් කළ යුතු වුවත් නවීකරණය වු බැලුනයේ එවැනි ක්‍රියාවලියක් සිදු කළ යුතු නැති බව පොලිසිය කියයි.
නව බැලුනය සහ ඇල්කොලයිසර් බටය වෙන් වෙන්ව ඇති නිසාත් භාවිතයෙන් පසු නිරායාසයෙන් සීල් වීම නිසාත් වැඩි පහසුවක් සැලසී ඇතැයිද සඳහන් කරන පොලීසිය නව බැලුනයට අනුක්‍රමික අංකද ඇති බවත් එක් සැකකරුවකුට එක් බැලුනය බැගින් භාවිතයට ගැනෙන බවත් සඳහන් කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බීමත්ව රියපැදවීමට දඩය ලක්ෂයකට වඩාවැඩි කළ යුතුය. වසර 5-10 අතර කාලයකට රියදුරු බලපත්‍රය අවලංගු කළ යුතුය. (බ)
ඔය බැලුම දීපන් ළමයෙකුට (බ)
හොඳයි ටිකක් (බ)
ඔක්කොටම ඉස්සෙල්ලා පොලිසිය හැදුවොත් නරකද? දැක්කනේ සේයා ඝාතනේ පරීක්ෂණ කරන හැටි (බ)
මත්පැන් බිවු අය විතරද මේකෙන් අහුවෙන්නේ. එතකොට ගංජා, කුඩු ආදී දේවල් බිවු අය අල්ලන්න ක්‍රමයක් නැද්ද. (බ)
දඩය රු,25000ක් විතර කරලා වැරදිකරු අල්ලපු රාලහාමිටත් දඩයෙන් 30%ක් විතර නීත්‍යානුකූලව ලැබෙන්න සැලස්වූවහොත් පගා ගැහිල්ලත් නැතුව යාවි බීල එලවන එකත් සැහෙන්න අඩුවේවි. (බ)
මේක හොඳ සංකල්පයක් (බ)
පෙරේරා , එතකොට පගාව නිත්‍යානුකුල වෙනවනේ , මොකද රාජකාරිය කරනවට පඩි ගෙවන නිසා , මහත්වරුනේ , අපි හැමෝම දන්නවනේ බීල වාහන පැදවීම තහනම් කියල . එහෙනම් අපි නීතියට ගරු කරමු .මධ්‍යසාර පානය කර වාහන නොපදවමු , එතකොට අපිට කියන්න පුළුවන් චාමර උඹම පුම්බපන් බැලුම කියල (බ)
බිමත් රියදුරන් කොටුකර ගැනීමට නම් හැම බාර් එකක් අසල පොලිස් නිලධාරින් දෙදෙනා බැගින් රඳවා තබන්න. නැත්නම් බාර් වසා දමා බොන රියදුරන්ට නිවසට ගෙන ගොස් බිමට උපදෙස් දෙමු (බ)
පිටබැද්දර ජයා, ඒක පගාවක් වෙන්නේ වැරදිකරු චෝදනා රහිතව යන්න ඇරියොත්. මෙතනදී එහෙම වෙන්නේ නැහැ. (නි)
ඇත්ත. කාලයත් සමඟ මේ දේවලුත් අලුත් වෙන්න ඕනෑ (නි)
ඒක හොඳයි (නි)
අපි හරියට හිටියා නම් ඔය වැඩ ඕනෑ නැහැනේ. (නි)
පොලිසියෙන් ගහන පාගව නැවැත්තුවොත් ලොකු දෙයක්. මාත් ගෙව්වා එක දවසක්. (බ)
ඔය බැලූන් අලුත් කරනවට වඩා හොඳයිනේ බාර් වහල දැම්මනම්. රජය දෙපැත්තෙන්ම සල්ලි ගන්නවා. බාර් කාරයාගේනුයි බොන එකාගේනුයි (බ)
බීවටනම් කමක් නැ.බීල මැරුණත් අපිට මොකෝ අහිංසක මිනිසුන්ව යටකරලා මරන්නේ නැතිව (බ)