ජාතික ශෝක දිනයක් වූ පසුගිය 12 වැනිදා මත් පැන් අලවි කළ හලාවත නගරයේ පිහිටි රටබීම තැබෑරුමක හිමිකරුවෙකුට සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.එස්.ගුණවර්ධන මහතා විසින් රුපියල් 13,50,000 ක දඩ මුදලක් නියම කළේය.
අස්ගිරි පාර්ශවයේ මහානායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පුජෝත්සවය පැවති පසුගිය 12 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කළ අතර එදින දිවයින පුරා පිහිටි සුරා සැල් වසා තබන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා විසින් නියම කර තිබුණි.
එසේ තිබියදී හලාවත නගරයේ දුම්රිය පොලට ආසන්නයෙන් පිහිටි අදාල රටබීම තැබෑරුම විවෘත කර සාමාන්‍ය ආකාරයට අලවි කටයුතු සිදු කරන බවට වූ තොරතුරක් හලාවත සුරාබදු ස්ථානයේ නිලධාරීන් වෙත ලැනු තොරතුරක් මත අදාල ස්ථානය වැටලුවේය.
පුත්තලම දිස්ත්‍රික්කය බාර සහකාර සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සහ හලාවත සුරාබදු අධිකාරී ඊ.එම්.ටී.බී.වික්‍රමනායක යන මහත්වරුන්ගේ උපදෙස් මත අදාල රටබීම තැබෑරුමට මුද්‍රා තැබීමට හලාවත සුරාබදු ස්ථානයේ නිලධාරීහු කටයුතු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හොඳයි ඇඟට දැනෙන දඩයක්.එහෙම තමයි දඩ ගහන්න ඕනෑ. මේ රටේ මිනිසුන් පුදුම ජාතියක්. රටක නීතියක් කියලා දෙයක් තියෙන්නේ ඒ රටේ සුරක්ෂිත පැවැත්මකට. (නි)
මේක කාගේද? (නි)
නීතිය ක්‍රියාත්මක කිරීම ගැන අපගේ සන්තෝෂය! (නි)
මහා මුහුදෙන් වතුර දෝතක් ගත්තා වගේ වැඩක්. මේක ඇඟට දැනෙන දඩයක් නෙමෙයි. දවසේ පැය ගණනක් ඇතුළත ලබන ලාබයක්. මේක අයිති දේශපාලුවෙකුට හරි පලා බබෙකුට හරි වෙන්න ඇති. (නි)
හොදයි. දඩය මදි කළ වැරැද්දට. මෙයාලා සල්ලි හොයන්නේ ලක්ෂ ගණන් වලින්. තමන්ගේ දරුවන්ට ආදරෙයි නම්, පුළුවන් තරම් දුසිරිත් දේවල් වලට විරුද්ධ වෙමු. පක්ෂ භේදයකින් තොරව දුසිරිතෙ හැසිරෙන දේශපාලකයන්ට ඡන්දෙ නොදී ඉඳිමු. (නි)
මේක නම් ඉතාම කුඩා දඩයක්.මෙයා එදා ලක්ෂ කීයක රට බීම විකුණන්න ඇද්ද? (නි)
අයියෝ! එයා එකපාරම ඕක ගෙවලා කියයි ආයෙත් නම් මට උසාවි එන්න බැහැ කියලා. කෝටි 50ක් 60ක දඩයක් ගහන්නයි තිබුණේ.වැටළීම කළ නීතිගරුක නිලධාරීන්ට මාගේ ප්‍රණාමය! (නි)