IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බීම හලට 13 ලක්ෂයක් දඩ

ජාතික ශෝක දිනයක් වූ පසුගිය 12 වැනිදා  මත් පැන් අලවි කළ හලාවත නගරයේ පිහිටි රටබීම තැබෑරුමක හිමිකරුවෙකුට සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.එස්.ගුණවර්ධන මහතා විසින් රුපියල් 13,50,000 ක දඩ මුදලක් නියම කළේය.

 

අස්ගිරි පාර්ශවයේ මහානායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පුජෝත්සවය පැවති පසුගිය 12 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කළ අතර එදින දිවයින පුරා පිහිටි සුරා සැල් වසා තබන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා විසින් නියම කර තිබුණි.

එසේ තිබියදී  හලාවත නගරයේ දුම්රිය පොලට ආසන්නයෙන් පිහිටි අදාල රටබීම තැබෑරුම  විවෘත කර සාමාන්‍ය ආකාරයට අලවි කටයුතු සිදු කරන බවට වූ තොරතුරක් හලාවත සුරාබදු ස්ථානයේ නිලධාරීන් වෙත ලැනු තොරතුරක් මත අදාල ස්ථානය වැටලුවේය.

පුත්තලම දිස්ත්‍රික්කය බාර සහකාර සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සහ හලාවත සුරාබදු අධිකාරී ඊ.එම්.ටී.බී.වික්‍රමනායක යන මහත්වරුන්ගේ උපදෙස් මත අදාල රටබීම තැබෑරුමට මුද්‍රා තැබීමට හලාවත සුරාබදු ස්ථානයේ නිලධාරීහු කටයුතු කළහ.

 



අදහස් (0)

බීම හලට 13 ලක්ෂයක් දඩ

රූපවතී Saturday, 18 April 2015 10:58 AM

අන්න හොඳයි ඇඟට දැනෙන දඩයක්.එහෙම තමයි දඩ ගහන්න ඕනෑ. මේ රටේ මිනිසුන් පුදුම ජාතියක්. රටක නීතියක් කියලා දෙයක් තියෙන්නේ ඒ රටේ සුරක්ෂිත පැවැත්මකට. (නි)

:       0       0

දිසානායක Saturday, 18 April 2015 11:51 PM

මේක කාගේද? (නි)

:       0       0

රාජ් Sunday, 19 April 2015 12:44 AM

නීතිය ක්‍රියාත්මක කිරීම ගැන අපගේ සන්තෝෂය! (නි)

:       0       0

ඇසළ Sunday, 19 April 2015 02:56 AM

මහා මුහුදෙන් වතුර දෝතක් ගත්තා වගේ වැඩක්. මේක ඇඟට දැනෙන දඩයක් නෙමෙයි. දවසේ පැය ගණනක් ඇතුළත ලබන ලාබයක්. මේක අයිති දේශපාලුවෙකුට හරි පලා බබෙකුට හරි වෙන්න ඇති. (නි)

:       0       0

රොෂාන් Saturday, 18 April 2015 06:52 AM

හොදයි. දඩය මදි කළ වැරැද්දට. මෙයාලා සල්ලි හොයන්නේ ලක්ෂ ගණන් වලින්. තමන්ගේ දරුවන්ට ආදරෙයි නම්, පුළුවන් තරම් දුසිරිත් දේවල් වලට විරුද්ධ වෙමු. පක්ෂ භේදයකින් තොරව දුසිරිතෙ හැසිරෙන දේශපාලකයන්ට ඡන්දෙ නොදී ඉඳිමු. (නි)

:       0       0

නන්දලාල් Saturday, 18 April 2015 07:32 AM

මේක නම් ඉතාම කුඩා දඩයක්.මෙයා එදා ලක්ෂ කීයක රට බීම විකුණන්න ඇද්ද? (නි)

:       0       0

නිර්මාණ Saturday, 18 April 2015 08:36 AM

අයියෝ! එයා එකපාරම ඕක ගෙවලා කියයි ආයෙත් නම් මට උසාවි එන්න බැහැ කියලා. කෝටි 50ක් 60ක දඩයක් ගහන්නයි තිබුණේ.වැටළීම කළ නීතිගරුක නිලධාරීන්ට මාගේ ප්‍රණාමය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site