බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට මෙතෙක් ලබා දුන් ආධාර මුදලට අමතරව තවත් රුපියල් කෝටි 24 කට ( ඇමෙරිකා ඩොලර් මිලියන 1.745ක් ) වැඩි ආධාර මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට ඇමෙරිකා රජය තීරණය කර ඇතැයි කොළඹ ඇමෙරිකා තානාපති අතුල් කෙෂාප් පැවසීය.
2020 වනවිට ශ්‍රී ලංකාව බිම් බෝම්බ රහිත රටක් කිරීමේ අරමුණෙන් ජාතික බිම් බෝම්බ ක‍්‍රියාකාරී කමිටුවට සහ අනෙකුත් දේශීය සහ විදේශීය හවුල්කරුවන්ට ඇමෙරිකාව ලබා දෙන සහායට අමතරව මෙම ආධාර පිරිනමන බවද මෙරට ඇමෙරිකා තානාපතිවරයා කියා සිටී.
මෙරට ඇමෙරිකා තානාපති කෙෂාප් පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් හමුවූ අතර එහිදී හෙතෙම මේ බව ප‍්‍රකාශ කළේය. මෙම හමුවේදී උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශවල බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩ පිළිවෙළ පිළිබඳව ඔවුන් දෙපළ සාකච්ඡා කර ඇත.
ගතවූ විසි වසරේදී ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන් වලට ඇමෙරිකාව විසින් ඇමෙරිකා ඩොලර් මිලියන 43 ක් (රුපියල් කෝටි 600කට අධික මුදලක්) මෙරට ලබා දී තිබේ. බිම් බෝම්බ හඳුනාගත හැකි බල්ලන් යොදා ගැනීමේ වැඩසටහන ඇතුළුව ශ්‍රී ලංකා හමුදාවේ බිම් බෝම්බ අපහරණ ඒකකයට පුහුණුවීම් ලබාදීම ආදී කාර්යයන්ට ඇමෙරිකාව නායකත්වය ලබා දී තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුයි! (නි)
දීපාල්, අනිවාර්යන්ම මෙතන යටි අදහසක් තියෙනවා. මෙච්චරකල් නැති ආධාර දැන් මොකටද දෙන්නේ. (ර)
රුචි, කලිනුත් රු. කෝටි 600 ක් දුන්නා කියලා තියෙන්නේ. සිරස්තලය විතරක් කියවලා අදහස් පල කරන්න එපා. (ර)
අන්න හොඳ වැඩ! (නි)
බිම් බෝම්බ, යුද්ධේ ඉවර වෙලා අවරුදු කියක් ගියද.? තාම බිම් බෝම්බ හොයලා ඉවර නැද්ද.? (ර)
බොහොම හොඳයි (නි)
තවත් ජාත්‍යන්තර කුමන්තනයක් කියාවි.(ම)
නෑ දීපාල් ඕක පොඩි විහිළුවක්. (ර)