IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බිම් බෝම්බ ඉවත්කරන්න ඇමරිකාවෙන් කෝටි 24ක්

බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට මෙතෙක් ලබා දුන් ආධාර මුදලට අමතරව තවත් රුපියල් කෝටි 24 කට ( ඇමෙරිකා ඩොලර් මිලියන 1.745ක් ) වැඩි ආධාර මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට ඇමෙරිකා රජය තීරණය කර ඇතැයි කොළඹ ඇමෙරිකා තානාපති අතුල් කෙෂාප් පැවසීය.

2020 වනවිට ශ්‍රී ලංකාව බිම් බෝම්බ රහිත රටක් කිරීමේ අරමුණෙන් ජාතික බිම් බෝම්බ ක‍්‍රියාකාරී කමිටුවට සහ අනෙකුත් දේශීය සහ විදේශීය හවුල්කරුවන්ට ඇමෙරිකාව ලබා දෙන සහායට අමතරව මෙම ආධාර පිරිනමන බවද මෙරට ඇමෙරිකා තානාපතිවරයා කියා සිටී.

මෙරට ඇමෙරිකා තානාපති කෙෂාප් පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් හමුවූ අතර එහිදී හෙතෙම මේ බව ප‍්‍රකාශ කළේය. මෙම හමුවේදී උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශවල බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩ පිළිවෙළ පිළිබඳව ඔවුන් දෙපළ සාකච්ඡා කර ඇත.

ගතවූ විසි වසරේදී ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන් වලට ඇමෙරිකාව විසින් ඇමෙරිකා ඩොලර් මිලියන 43 ක් (රුපියල් කෝටි 600කට අධික මුදලක්) මෙරට ලබා දී තිබේ. බිම් බෝම්බ හඳුනාගත හැකි බල්ලන් යොදා ගැනීමේ වැඩසටහන ඇතුළුව ශ්‍රී ලංකා හමුදාවේ බිම් බෝම්බ අපහරණ ඒකකයට පුහුණුවීම් ලබාදීම ආදී කාර්යයන්ට ඇමෙරිකාව නායකත්වය ලබා දී තිබේ.

web_2015109Handshake



අදහස් (0)

බිම් බෝම්බ ඉවත්කරන්න ඇමරිකාවෙන් කෝටි 24ක්

උදිත් Saturday, 10 October 2015 03:17 AM

සතුටුයි! (නි)

:       0       0

රුචී Friday, 09 October 2015 11:00 AM

දීපාල්, අනිවාර්යන්ම මෙතන යටි අදහසක් තියෙනවා. මෙච්චරකල් නැති ආධාර දැන් මොකටද දෙන්නේ. (ර)

:       0       0

ලහිරු Friday, 09 October 2015 11:28 AM

රුචි, කලිනුත් රු. කෝටි 600 ක් දුන්නා කියලා තියෙන්නේ. සිරස්තලය විතරක් කියවලා අදහස් පල කරන්න එපා. (ර)

:       0       0

කරුණාරත්න Friday, 09 October 2015 03:14 PM

අන්න හොඳ වැඩ! (නි)

:       0       0

අජිත් Saturday, 10 October 2015 09:34 AM

බිම් බෝම්බ, යුද්ධේ ඉවර වෙලා අවරුදු කියක් ගියද.? තාම බිම් බෝම්බ හොයලා ඉවර නැද්ද.? (ර)

:       0       0

නුවන් Friday, 09 October 2015 05:46 PM

බොහොම හොඳයි (නි)

:       0       0

දිපාල් Friday, 09 October 2015 09:34 AM

තවත් ජාත්‍යන්තර කුමන්තනයක් කියාවි.(ම)

:       0       0

සසිත් Friday, 09 October 2015 10:27 AM

නෑ දීපාල් ඕක පොඩි විහිළුවක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site