තමන් බලයට පත්වූ පසු ජීවන වියදම අඩු කිරීමේ වැඩපිළිවෙළට මුල් තැනක් දෙන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (27) ගලගෙදර පැවති සන්ධාන රැලියේදී පැවසීය.
‘එජාපය එක එක ව්‍යාපාරිකයින්ට ඕන විදියට කෘෂිකර්මය පවා දෙනවා. අල හා පරිප්පුවල බදු වැඩි කිරීම ගැන කිසිම දෙයක් කියන්නේ නෑ. ආර්ථිකය බිම දිගාවෙලා. අපි බලයට පත්වූ විට නැවත එය නැගිටුවීමට කටයුතු කරනවා‘ යැයිද රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය.
සන්ධාන රැලිය ගලගෙදර බස්නැවතුම්පළ අසලදී අද දහවල් පැවැත්විණි.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෘෂාන් ඔබ කියන දේ හරි.සමහර අපේ මිනිස්සුන්ට හුගක් දේ ඉක්මනින්ම අමතක වෙනවා.(හේ)
අපෙ රටට ගැලපෙන්නේ නෑ කියපු අධිවේගි මාර්ග ගුවන්පාලම් වටිනා අවශ්‍ය දෙයක් බවට මෙතුමා පෙන්නුවා අපිට.(ම)
මෙතුමා ඇත්තටම පරාදනම් කොහෙන්ද මෙච්චර ජන ගංගාවක්. (ර)
නැවත බලයට එන නිසා කට්ටිය කියන්නේ. (ර)
නෑ නෑ කට්ටිය කලබල වෙන්න එපා. (ර)
කවුද ඉතින් ඕක බිම දිගා කලේ... (ර)
මේ වචන ටිකටත් ආතල් අර්ථයක් හදාගන්න එපායැ. දැන් මේ බිම දිගා වුන ආර්ථිකය කියලා අදහස් කරන්නේ කාර්පට් කරපු පාරවල් වලටද (නදී)
පුහ්..........මෙන්න බොලේ ආර්ථිකය නගා සිටුවනවලු. (නදී)
"ඔහුගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී දත් කඩා, ඉළ ඇට බිඳ, පාදයේ කලවා පෙදෙසේ අස්ථි බිඳ, උල් ආයුධයකින් බෙල්ලට ඇන, මොට ආයුධයකින් පහරදී මරණයට පත් කර ඇති බවට කරුණු හෙළිවී ඇතැයි රහස් පොලිසිය උසාවියට කරුණු දක්වමින් සඳහන් කළේය" . මේ ගැන සම්පුර්ණ විස්තරයක් ඒ දිනවලදීම අන්තර්ජාලයේ පල වුනා. ඒත් ලංකාවේ පුවත් පත් වල පල කරන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. මොන යකාද සුදු වෑන් එකේ ගිහින් මැරෙන්න කැමති. ඒ නිසා යට ගියා. දැන්වත් සත්‍ය හෙළි වීම ගැන සතුටුයි. මිනිමරලා හැංගෙන්න ඉඩ දෙන්න එපා. (නදී)
ප්‍රංශයේ විජේසුන්දර, ඔබේ ඔය දත්තවලින් කියන්න පුලුවන්ද සංවර්දනයට ගත්ත නය වලින් කොයි තරම් ප්‍රමාණයක් හොර පාරේ ගියාද යන වග? කොයි තරම් ප්‍රමාණයක් කොමිස් හැටියට කාගෙ කාගේත් සාක්කුවලට ගියාද ? කොයි තරම් ප්‍රමාණයක් නාස්ති වුනාද ? කොයි තරම් ප්‍රමාණයක් මෝඩ දේශපාලන තීරණ නිසා සම්පුර්ණයෙන්ම රටට අහිමිවුනාද කියල ? ඔබ ඔය කියන්න තටමන සංවර්දනයේ සැබෑ තත්වය තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ කියන තොරතුරුත් ඇතුලත් කලා නම් (නදී)
ආර්ථිකය බිම දිගාකලේ.? (ර)
මේ රටේ මිනිසුන්ට රටේ ආර්ථිකේ මාස 7 ට හාන්සි කියලා තාම තේරෙන්නේ නෑ. (ර)
ඔබ ඔය වැටුන ආර්ථිකය කියන පදය නමැති කඩතුරාවෙන් වහළ කතා කරන්නේ ඔබේ වැටුන පවුල ගැන. වැටුන අභිමානය ගැන. ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දන්න බැහැ. ඔබ ඔය තරම් රටේ දිලිදු පවුල් ගැන උනන්දු වෙනවා නම් දැනට වසර කිහිපයකට ඉහතදී ඥාතීන් හා මිතුරන්ගෙන් සමන්විත 350ක පමණ නඩයක් රැගෙන නිව් යෝර්ක් නගරයට ගොස් දුප්පතාගේ බඩට විද සොරා ගත් මුදලින් රුපි. මිලියන 3800 ක් පමණ වියදම් කර විනෝද උනා. දැන් ඔබ විඳින්නේ ඒ සාපයයි. (නදී)
දැන් ඕක ගොඩ ගන්න යන්නේ අර රුපියල් දෙදහස් පන්සියෙන් පවුලකට මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියපු කෙනා එක්ක එකතු වෙලාද ? (ර)
ආර්ථිකය නැගිට්ටන්න කලින් චීනෙන් ගත්ත ණය ගෙවන්නේ කොහොමද කියලා කල්පනා කරන්න වෙයි. (ර)
ඔබතුමාට විතරයි එක කරන්න පුළුවන් (ම)
බඩ ගැන නොහිතා රට ගැන හිතමු. තව එකවරක් මහින්ද දිනවමු......!!!!!! දෙමළ සන්දනේ පටු දේශපාලන අරමුණු පරදවමු.(ම)
පව් කියල හිතෙනවා. මේ සෙනග මේවා අහල කාට ජන්දෙ දෙනවාද මන්ද ? (ම)
පාරවල් හදන්න ගහගත්තු කොමිස් වලින්ද? (ම)
ප්‍රයෝගිකව දැකපු සහ, කියවපු පත්තර ලිපි වලට අනුව, මහින්ද මහතා විතර රටට වදකරපු කෙනෙක් නැහැ. ඔය නෙගටිව් කොමෙන්ට් දාපු සෑමකෙනෙක්ම එය පිලිගත යුතුයි කියල මම හිතනවා.සාදාරනවා එහෙම හිතන්නේ නැත්නම් ඔබ එම ලිපි කියවා නැහැ, එසේ නැතිනම් රටතොටේ ඇවිදලා නැහැ, එසේත් නැතිනම් අන්ද විය යුතුයි. එසේත් නැතිනම් කුහක අදහස් ඇත්තුකු වියයුතුයි. මහින්දට සදා ජය.....! (ර)
ඔබ තුමා නැවත බලයට එනවා. (ර)
අනේ ඇත්තම ඇත්ත කෘෂන්, ඔබ හරියටම හරි! (ර)
මීටර් හොඳටම අවුල් දැන්. පව් වැඩේ කොල්ලා. (නදී)
කෘෂාන් ඔබ හරි. (ර)
මෙතුමා මේවන විටත් බුද්ධිමත් ජනතාව දිනවල තියෙන්නේ (ම)
බය වෙන්න එපා 100% ඡන්දෙ මහින්දට. (ර)
මෙයා දැන් මෙහෙම කියනවා. පරාද උනාම තමයි මිනිස්සු මතක් වෙලා තියෙන්නේ. (ර)
අායෙත් තුම්පනේ අය ඕවට අහු වෙන්නේ නැ හොඳේ....(බ)
සෙන මහතා. ඔබ තුමා රටේ කිසිවක් නොදන්නා බව පෙන්නවා. නොදන්නා පලියට අදහස් දාන්න එපා. 2005 හේ රටේ දල ජාතික නිෂ්පාදනය බිලියන 25 ය . 2015 වන විට එය බිලියන 75 කි . නිෂ්පාදනයට සාපේක්ෂ නය අනුපාතය 2005 හේ 97%. 2015 වන විට එය 75% දක්වා පහල බස ඇත . මෙය ඔබට සරල උදාහරණයකි . (ර)
අනේ මහින්ද මහත්තයෝ ඔය කියන තරම් දෙයක් රටට වෙලා නැහැ බල තන්හාව කෑ ගහල වැඩක් නැහැ (නදී)
චන්දෙ කිට්ටුවෙනකොට ලස්සන ලස්සන සුරංගනා කතා ටිකක් අහගන්න පුළුවන් කාගේ කාගෙනුත්. (ර)
විජේසුන්දෙර ප්‍රංශය, මාර ගණන් හැදිල්ලක්නේ ඒක. ඔය දල ජාතික නිෂ්පාදනය ඇවිල්ල තියෙන්නේ නැව් එන්නේ නැති වරායවල් , ප්ලේන් එන්නේ නැති එයාර් පොර්ට් එක්ක. ඔය එක පාරක් විතරක් එකතු වෙන ඒවා. හොදම ක්‍රමය එක පවූලක විදේශ ණය සාමාන්‍ය ගණනය කිරීම එක පවූලක ණය ආසන්න වශයෙන් ලක්ෂ 20ක්. (ර)
අපි විදෙශිකයන්ට කැමති නැහැ, ඒත් සඟමිත් තෙරණිය සමග ආ කර්මාන්ත කුල නිසා සිදුවුන දියුනුවට කැමතියි. රජකාලෙ හදපු වැව් තවමත් අපේ කෙත්වතු සරු කරනවා. අපි සුදු අධිරාජ්ය වාදීන්ට කැමති නැහැ. ඒත් උන් හදපු තේ, රබර් වතු තවමත් අපේ රටට විනිමය උපයනවා. (ර)
වසර දහයක් තිස්සේ ඔබතුමා අපි ගැන හිතුවේ නැහැ කියල මේ කියන්නේ මෙවරවත් ගමට සංවර්ධනය ගෙනෙනවද?(ම)
කෘෂන්, ඔබ හරියටම හරි! (ර)
සිරිමල්, ඔබට දළජාතික නිෂ්පාදනය ගැන අවබෝදයක් නොමැත. නිෂ්පාදනයට සාපේක්ෂ ගත් ණය මුදල් සංවර්දනයට යොමු කෙරේ. (ර)
ඔය දෙන පොරොන්දු විස්වාස කරලා ජන්දෙ දෙන්න බැහැනේ සර්, ඔබතුමා අවරුදු 10 ක් තිස්සේ ණය අරගෙන ප්ලේන් එන්නේ නැති ගුවන් තොටුපළවල් නැව් එන්නේ නැති වරායන් හදලා අපේ ඉපදෙන්න පරම්පරාවල් 10 ක් විතර ණය කාරයෝ කරලා තියෙන්නේ.(ම)
පෙට්‍රල් මිල 170 ට විතර වැඩි කරලා වෙන්නැති. (ස)
පසුගිය අවුරුදු 10 ක් තිස්සේ නැගිට්ටලා තිබුන දෙයක් ගැනද මේ කියන්නේ ? (ස)
ඔබේ පොකට්ටුවේ තියෙන සල්ලි වලට විද්ද කෙනා ආය නැගිටලා අරින්නයි ඉල්ලන්නේ දෙන්ට එපා. (ස)
බෑ බෑ. මේ පාර නම් දෙන්න බෑ. ඕවට අහුවෙන්නේ නැහැ අපි. (ස)
ඔව් ඔව් ඔබතුමාගේ පවුලේ වියදම කපා හැරියා නම් ඒ දවස් වලම ඔය ටික කර ගන්න තිබුනා. (ස)
ඔයා නැවත බලයට එන්නේ නෑ. (ස)
මෙයාට පිස්සුද? ආර්ථිකේ බිම දිගා කලෙත් මෙයාම නේද? (ස)
අනේ මෙයාගේ කට. (ස)