පේරාදෙණිය, දංගොල්ල හන්දියේ පාර අද්දර අද (6) සවස දින 18ක් පමණ වයසැති ළදැරියක් දමා ගොස් සිටියදී සොයාගත් බව පොලිසිය කියයි.
එම මාර්ගයේ ගමන් ගත් කාන්තාවක් පේරාදෙණිය පොලිසියට කළ දැනුම් දීම අනුව කාන්තා කාර්යංශයේ නිලධාරිනියන් විසින් ඇය රැගෙන ගොස් පේරාදෙණිය රෝහලට ඇතුලත් කර ඇත.
පාරේ දමා ගොස් සිටි දැරිය අසල ඇයගේ මව ලියූ බවට සැකකරන ලිපියක්ද තිබු බව පොලිසිය කියයි.
තමාට දරුවන් සිව් දෙනකු සිටින බවත් දැරිය දින 18 වයස වන බවත් හදා ගැනීමට ආර්ථික අපහසුතා තිබෙන බැවින් දරුවන් නැති කා හට හෝ හදා ගැනීමට ලබා දෙන ලෙස එහි ඉල්ලා ඇත.
ඇගේ සැමියා කම්කරුවකු බවත් එම ලිපියේ සටහන් කර ඇතැයි පොලිසිය පවසයි.
ඡායාරූප - සෙනරත් බණ්ඩාර





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට 35යි. අපි දරුවෝ නැතුව වසර 6ක් දුක්වින්ඳා. නමුත් පින්දහම් කිරීමත් , ධර්මයේ හැසිරීමත් සමඟම අපිට ඉතා පින්වත් දරුවන් ලැබුනා. දැන් මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. නමුත් දරුවන් වැඩිවනවිට දරුපෙමත් වැඩිවන බව මට දැනුනා. උන් සිනහවෙනකොට අපි ඔක්කොම එකට නටනවිට පුදුම සතුටක් තිබෙන්නේ.තව දරුවන් හදන්න වුණත් මම දැන් කැමතියි. අපිට මහා ආර්ථිකයක් නැහැ. නමුත් දරුවෝ නිසා හිඟමනට වැටෙන්නේ නැහැ. ඔවුන්ගේ පිනෙන් සියල්ල පහළවනවා ඕනෑ වෙලාවට. ආර්ථිකයයි දරු පෙමයි පටළවාගත් සිංහලයන් විනාශ වෙනවා. තවත් හෙළ බොදු දරුවන් හදන්න. බෝද්ධකම උරුම දරුවන් මේ මනුලොවට බිහිකිරීමත් ඔවුනට ධර්ම දායාදය ලබාදීමත් මහා පින්කමක්. (නි)
ආර්ථික ප්‍රශ්න තිබෙනවා නම් තමන්ගේ ආර්ථිකයට ඔරොත්තුදෙන දරුවන් සංඛ්‍යාව තීරණය කරන්න මහා උගත්කමක් අවශ්‍ය නැහැ. මේ දරුවාව පාරේ ගිය වාහනයකටවත් යටවුණා නම් නැත්නම් ළමා අපචාරකාරයෙකුට අහුවුණා නම් ආර්ථික තත්වයද ඒකට වගකියන්න ඕනෑ. (නි)
අපේ පව්ලේ 13 ඉන්නවා , අපි පුංචි සන්දියේ අපේ අම්ම මලා. ඊට පස්සේ අපේ තාත්ත අපිව හදා ගත්ත (බ)
ලංකාවේ දරුවකු අරගෙන හදා ගැනීමටත් එච්චර ලෙහෙසි නැහැ. උසාවි කන්තෝරු ගානේ රස්තියාදුවෙලා දරුවාව ලැබෙනකොට හොඳ පණ ගිහිල්ලා. මගේ මිතුරෙකුට ඔය දේවල් සිද්ධ වුණා. හැබැයි දැන් දරුවා රජ පැටියෙකු වගේ සැපට හැදෙනවා. ලබන අවුරුද්ද්දේ දරුවාව ඉගෙනගන්න පිටරට යවන්න හදන්නේ. කොහොමද ඒ ළමයාගේ පෙර පින? (නි)
දරුවන් හදන්න පෙර හිතන්න තිබුණානේ (නි)
කෙසේවෙතත් ඔය ළමයා වාසනාවන්තයි. මෙන්න දරිද්‍රතාවය සහා නුගත්කම. ඒ අතර පොඩි හැදියාවකුත් තියෙනවා. මේ අයට අනුකම්පා කරමු. පවුල් සංවිධාන මීටවඩා හොඳින් කටුයුතු කළයුතුයි (නි)
මේවාට වැදගත් උපදේශ ලබාදෙන ක්‍රමයක් හැදිය යුතුයි. ජනගහණ පාලනයක් රටට අවශ්‍යයි (නි)
අසරණ දරුවා! (නි)
ආර්ථික හෝ නොයෙකුත් දුෂ්කරතා නිසා දරුවන් රැකබලා ගැනීමට නොහැකි නම් එවැනි දරුවන් බාරදෙන ස්ථානයක් රෝහල්වල ඇති කළයුතුය. පව්, අහිංසක දරු පැටියා. අම්මා නැති කලට අප්පා කවර කලේ. (නි)
එකපාරටම ඇඟිල්ල දික්වෙන්නේ අම්මගේ පැත්තට. නමුත් මීට යටින් තිබෙන අපේ රටේ මහා ආර්ථික ඛේදවාචකයට පේනතෙක් මානයකවත් පිළිතුරක් තියෙනවද.. ? (නි)
දුකහිතෙන කතාවක්. දුව ඔයාට තිසරණ සරණේ බලෙන් නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් උදාවේවා! (නි)
අනේ පවු! (නි)
පවුල් සෞඛ්‍ය සේවිකාවන් මේ ගැන උපදෙස් දෙන්න ඕනෑ මේ වගේ අයට. (නි)
අපි හැමදාම සංස්කෘතික කඩතුරාවෙන් ඔලුව වහගෙන ඉන්නවා. තරුණ පරපුරට ලිංගික අධ්‍යාපනය වගේම විවාහක අයට පවුල් සැළසුම් ගැන මීටවැඩිය ගම් මට්ටමින් දැනුවත් කළයුතුයි. තමන්ගේ මානුෂික අවශ්‍යතාවක ප්‍රතිඵලයක් ලෙස දරුවන් හදලා අන්තිමේ කාටහරි භාරගන්න කියලා දමලා ගහලා යනවා. මේක සාධාරණිකරණය කරන්න මට නම් බැහැ. (නි)
චාන්දනී, අධ්‍යාපනය අඩුකමත් මේවට එක හේතුවත් (නි)
පවු කිරිසප්පයා! (නි)
හදාගන්න සල්ලි නැත්තම් කොහේහරි හොඳ පවුලක් හොයලා දරුවාව හදාගන්න දෙන්න. මහපාරේ දාලා යන්නේ නැතුව. බලන්න පුද්ගලික රෝහල්වල දරුවෝ නැති නෝනා මහත්තුරු දරුවෙක් හදාගන්න දොස්තර මහත්තුරු පස්සේ සල්ලි වියදම් කර කර පෝළිමේ දුවන තරම්.ඇයි මේ විදිහට මිනිස්සු පිරිහෙන්නේ? පව් අසරණ කිරිසප්පයෝ... (නි)
තවත් අවුරුදු 2 ක් පසුගිය ආණ්ඩුව රට පාලනය කළා නම් රටේ බහුතරයකටම සිද්ධවෙන්න තිබුනේ ඔය ඉරණම තමයි.නැත්නම් දරුවන් සමඟ ගඟට මුහුදට පනින්නයි සිද්ධවෙන්නේ.රටේ වාසනාවට,උපදින්න ඉන්න දරුවන්ගේ වාසනාවට අඩුම ජීවිත පරිත්‍යාගයෙන් රට නිදහස් කරගන්න ලැබුනා. (නි)
වැලට ගෙඩිය බර නැත කිව්වට බර වෙලා වගෙයි. ආර්ථික අපහසුකම් නිසා දරුවන් පෝෂණය කරන්න බැරි අම්මලාට එම දරුවන් හදා වඩා ගන්න පිළිවන් පවුලකට භාර දීමට හැකි වැඩපිළිවෙලක් හදමු.(ම)
රටේ බහුතරයකට හරියට කන්න අඳින්න නැහැ.අසරණ දරුවන්ට ඉගෙනගන්න පාසලක් නැහැ.පාසල් යන්න සපත්තු දෙකක් නැහැ.බොරු බයිලා වලින් වැඩක් නැහැ. අලුතින් නීති හදලා හෝ පසුගිය කාලය තුළ ගසාකෑ මුදල් සම්බාරය ජනතාව සතු කරන්න.ඒ මුදලින් දුප්පත් මිනිසුන්ට සහන දෙන්න. (නි)
පසුගිය පාලන කාලය තුළ ඉතියෝපියාව,සෝමාලියාව,උගන්ඩාව, කෙන්යාව,බංගලිදේශය පෙනෙන දුරින් අපි සිටියේ. (නි)
මේ ප්‍රශ්න වලට විසඳුම් තිබේද? (නි)
දැන් මේ ආර්ථික දුෂ්කරතා ඇති කාන්තාවට 4 වෙනි දරුවා ලැබෙනකොටවත් ගමේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියගෙන් උපදෙසක් ලැබිලා නැද්ද ? සමහරවිට වැඩිදුර අධ්‍යාපනයක් නොලැබූ සම්ප්‍රදායික උදවිය මේ කාරණාව නොතකන අතර උපදෙස් දෙන්න පැමිණි පවුල් සෞඛ්‍ය නිලධාරිනිය බැනලා එළවාගත් සැමියන්ද අපේ රටේ ඉන්න බව අමතක කරන්න බැහැ. (නි)
ආර්ථික ප්‍රශ්න තිබෙනවා නම් මේ දරුවන් ගැන අම්මලාට කලින් හිතන්න තිබුණා නේද? (නි)
දරුවාව මහමග දාලා යනවාට වඩා ඇයට තිබුණා ඉස්පිරිතාලෙක දරුවන් නොමැති මව්වරුන්ගේ සායනයක වෛද්‍යවරියක් මුණ ගැසිලා එවැනි මවකට දරුවා ලබා දීමට කටයුතු කිරීමට. එහෙම නැතිනම් පුජක පක්ෂයේ කාට හරි කතාකරල දරු කමට හදා ගන්න කැමති ඇයට ලබා දෙන්ට කටයුතු සලස්වන එක. හොඳ වෙලාවට කබරගොයෙක් වගේ සතෙකුට ගොදුරු උනේ නැත්තේ. (ස)
කෝ දැන් අර අහවල් සේනාව? (නි)
තමන්ගේ අසාවන් ඉටුකරගැනීම සදහා අනාරක්ෂිත ලෙස කටයුතු කිරීමෙන් මෙවන් දේ සිදුවෙනවා අද ලෝකේ කොපමණ දියුණුද? දරුවන් අනවශයනම් ඒවාට ඕනේ තරම් ප්‍රතිකර්ම තියනවා එසේ තිබියදී මෙවන් අපරාධ කර ආත්ම ගණනාවකට ගෙවන්න බැරි පාප සිදුකරගන්න තරම් මේ ජනතාව මෝඩ වන්නේ ඇයි කොතෙකුත් දැනුවත් කිරීම් රෝහල්වල ප්‍රදර්ශනය කරනවා ජනතාවගේ දැනුවත් වීම සදහා දරුවන් 4 එද්දී තව කෙනෙක් හදා නොගැනීමට තේරුම් ගත යුතුයි නේද ? මෙවන් දේ කිරීමෙන් මතු අාත්මවලදී දරුවන් නොලබා ජීවිත කාලයම දුක්විදීමට සිදුවන්නේ ඒ නිසයි (බ)
සුදු දුවේ, ඔයාට දෙවියන්ගේ පිහිටයි! (නි)
දරුවන් වටිනා කෙනා මොන දුකක් හරි විඳලා හරි තමන්ගේ දරුවන් හදා ගන්නවා. ආර්ථික තත්වය දරුවන් පිළිබඳ නිර්නායකයක් නම් ලංකාවේ පොහොසත් පවුල් වල අද කාලයේ ළමයි හත් අට දෙනා ඉන්න ඕන. මේක ආර්ථික තත්වය නෙවෙයි ආකල්පමය ප්‍රශ්නයක්. (බ)
අනේ අපිට දෙන්නකෝ (නි)
මේ මවට ප්‍රශංසා කළයුතුයි දරුවාගේ ජීවිතයට හානියක් නොකිරීම ගැන. දැන් කාටහරි පුළුවන්නේ ඉදිරිපත්වෙලා මේ දරුවා බාරගන්න. (නි)
දරුවා ආරක්ෂිතව බිහිකර ආරක්ෂිතව මෙසේ දීමත් මේ දුප්පත් අම්මව අගය කරන්න ඕන. (ර)
මේ අම්මාට පින් ඒ දරුවා සාර්ථකව මේ ලොවට බිහිකළාට. (නි)
කවුරු හෝ අම්මා කෙනෙක් ඔයාට පිහිට වේවී දුවේ! (නි)
කවුරුවත් ඉල්ලපු ගමන් එහෙම හදා ගන්න දරුවෝ දෙන රටක් නෙවෙයි මේක, කාලය නාස්ති කරමින් පුදුම විදියට කාලේ කන ක්‍රමවේදයක් තියෙන්නේ. අන්තිමේ දරුවන් හදා ගන්න ඉදිරිපත් වෙන අයට එපා වෙනවා. (ර)
සහන්, පුදුමයි ඔහොම හිතන එකත්. ජය වේවා.! (ර)
වාසනාවන්ත දුවෙක්. අලුත්ම තාත්තා කෙනෙක් ලැබේවි. අම්මට විතරක් වගකීම පවරන්න බෑ. ලංකාවේ සමහර පිරිමි තම වගකීම ඉටු කරන්නේ නෑ (ම)
දරුවාව අම්ම ළඟ තියාගෙන ආධාර ඉල්ලන තිබුණේ. එතකොට දරුවා තනි වෙන්නේ නැහැ (ම)
බබා හදන්න කලින් ඕක හිතුවේ නැද්ද.? (ර)
වාසනාවන්ත ළමයෙක්. ජීවිත හානියක් නොකර ගත් තීරණයට සතුටුයි. බුදු සරණයි! (නි)
මම හිතන්නේ මේ දරුවගේ පෙර ආත්මයේ ලොකු පිනක් කරලා තියෙන්න ඇති ජිවත් වෙන්න. (ස)
මේ දරුවගේ අම්මා තාත්තා කොහේහරි ජීවත්වනවා. මම ඒ අම්මා තාත්තාට කියන්නේ, කරුණාකරලා මේ ළමයා හදාගන්න අය ගැන රහසෙන් හරි දැනගෙන ඉන්න. කවදාහරි දවසක මේ ළමයාට ඇත්ත දැනගන්න ලැබුණොත් ඒ ළමයාට අම්මාගේ තාත්තාගේ මුහුණු බලන්න ඕනෑ වෙයි.හරිම සංවේදි කාරණයක්. මටත් දරුවෝ 3ක් ඉන්නවා මට ඒ අය මතක් වෙනවා.මමත් නුවර දංගොල්ල කිට්ටුව. දරුවගේ අනාගතයට මම පියෙක් විදිහට ආශීර්වාද කරනවා (නි)
දරුවෝ තරම් වටිනා සම්පතක් තවත් නැහැ (නි)
මේක රටේවත් ආර්ථිකයේවත් ප්‍රශ්නයක් නෙමෙයි. මොළයේ සහ හදවතේ ප්‍රශ්නයක්. වැලේ ගෙඩි වැලට බර නැහැ. මම දන්නා පවුල් කීයක් ඉන්නවද ළමයි 4ක් 5ක් ඉන්න? ලොකු ලොකු සල්ලිකාරයෝ නෙමෙයි. ඕනෑවට වඩා සැප දෙන්න හිතාගෙන එක ළමයෙක් හදාගෙන ළමයට සැප දෙනවා කියලා අන්තිමට වෙන්නේ ළමයට මානසික වදයක් වෙන එක. දෙමව්පියෝ නැතිදාට ඒ ළමයට කාත් කවුරුවත් නැහැ. වැඩි වැඩියෙන් සැප දෙන්න ඕනෑ නැහැ. දරුවන් වෙනුවෙන් කළයුතු යුතුකම් ටික වෙනවා නම් ඒ ඇති. ළමයව ඇතිදැඩි කරන්න බැරි නම් ඇයි හැදුවේ? පවුලකට තියෙන එකම සම්පත දරුවන්. (නි)
ඇමතිවරු ඇතුළු අනෙක් නිලධාරීන් නඩත්තුවට මහජන මුදලින් විශාල ප්‍රමාණයක් වසරකට වැයකරන රටේ, මහජනතාවට තමන්ගේ දරුවන් නඩත්තු කරගන්න බැරුව මහමඟ හෝ ගඟකට දමනවා. ලෝකෙන් උතුම් රටේ අද තත්වය එකයි. කවදා අපේ මිනිසුන්ට මේවා තේරුම් ගන්න මොළය පෑදෙයිද? මේවට එරෙහිව නැඟී සිටින්න කවදා කොන්දක් ලැබේවිද? මේ සිංහල ජාතියේ අවසාන හෝරාවද ගෙවීයන්නේ? (නි)
ලංකාවේ ආණ්ඩුව අඩු අදායම් ඇති තනි වුන අම්මලාට මාසික ගෙවීමක් කළ යුතුයි.(හේ)
ඔය කාන්තාවට මම කියන්නේ දරුවන් නැති බවලතියකගේ හදවතට තට්ටු කරලා බලන්න උදේ ඉඳලා රාත්‍රී නින්දට යන කන් උහුලන දුක මොන වගේද කියලා. මෙහෙම දාලා යන දරුවන් ගැන අසන කොටත් ඒ අයට හිතෙන්නේ තමන් ට දරුවන් නැති ගැහැණු ආත්මයක් ලැබුනාට වැඩිය මව් කුසේදීම මැරුණානම් සැපයි කියලා. (අ0
මේක තආ අපේ රටේ තියන මහම ඛෙදවාචකය. ආර්ථික ප්‍රශ්න. (අ)
මේ අයට දරුවාගේ වටිනාකම තේරෙන්නේ තමන්ට කියලා ළමයෙක් නැති ආත්මයක් ලැබුනාම . මගේ ඥාති සොයුරියක් මුළු සන්තෙකෙම ප්‍රතිකාර සඳහා දොස්තරලාට වියදම් කරලා එත් දරුවෝ ලැබුනේ නැහැ. දැන් අමාරුවෙන් හිත හදා ගෙන පින් දහම් කටයුතු කරගෙන ඉන්නවා. දැන් මේ පාරේ තියලා ගිය දරුවාව බල්ලෙක් වත් ඇදගෙන ගියා නම් දෙවියනේ මොකද වෙන්නේ ? (අ)
වෙන අමිාලා වාගේ ගඟට විසි කරන්නේ නැතිව දාලා ගිය එක ලොකු දෙයක් (අ)
හදාගන්න බැරිනම් දරුවගේ ජීවත්වීමේ අයිතිය උදුරා නොගැනීමට තරම් කාරුණික වීම වටිනවා. තවත් එහෙම හදාගන්න බැරි දරු ප්‍රසූතිය දී දරුවාගේ ජීවත්වීමට ඇති අයිතිය උදුරා නොගෙන පුලුවන් කෙනෙක්ට දෙන්න. පිං සිද්ධ වෙයි.