IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බාප්පත් එක්ක රට හදන්න බැරි වුණ කෙනා ජාතික සභාවට දාලා

 

(අංජුල මහික වීරරත්න)

බාප්පත් එක්ක එකතු වී රට හදන්නට බැරි වුණු නාමල් දැන් ජාතික සභාවේ සැලසුම් හදන්නට දැමීම රටට විහිළු සැපයීමක් බව සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී  මුජිබුර් රහුමාන් මහතා පැවසීය.

ජාතික සභාව ගැන විවේචනාත්මක අදහසක් සජබෙට තිබෙන බව කී රහුමාන් මහතා නිෂ්චිත කාලසීමාවක් සඳහා ආණ්ඩුව පොදු එකඟතාවයක් ඉදිරිපත් කරනවා නම් එවැනි  වැඩපිළිවෙලකට තනතුරු නොලබා  සහයෝගය දෙන්න හැකියාව තිබෙන බවද රහුමාන් මහතා කීය.

ජාතික  සභාවේ දීර්ඝ කාලීන සහ කෙටි කාලීන විසඳුම් ඉදිරිපත් කරන්න නාමල් රාජපක්ෂ මහතා  පත් කර ඇතැයි ද ඔහු හදන සැලසුම මොකද්දැයි මුජුබුර් රහුමාන් මහතා ප්‍රශ්න කළේය.

විපක්ෂයත් එකතු කරගෙන වැඩ කරනවා යැයි ජාත්‍යන්තරයට පෙන්වන්නට ආණ්ඩුවට උවමනා වී තිබෙන බවද ජාතික සභාව එවැනි ගුණ්ඩුවක් බවද මුජුබුර් රහුමාන්  මහතා සඳහන් කළේය.



අදහස් (8)

බාප්පත් එක්ක රට හදන්න බැරි වුණ කෙනා ජාතික සභාවට දාලා

Uddika Saturday, 15 October 2022 11:57 AM

එතැන ගිහිනුත් රණ්ඩු... ඔක්කොම මකබෑවියල්ලා...

:       33       13

sam Saturday, 15 October 2022 12:31 PM

ඔය හොරුන් දන්නේ එයාලගේ මහ උදවිය වගේ ජාතික ධනය හොරාකන්න විතරයි. ඔවුන්ගේ කාටවත් උගත්කමක් නැහැ. මී හරක් වගේ... හැබැයි හොරාකන්න නම් උත්පත්තියෙන්ම පිහිටලා. ගිය තැන හොරාකන එකයි කරන්නේ...

:       1       121

Lanka Saturday, 15 October 2022 01:02 PM

හොඳටම කොරපු අය ...!

:       23       11

MamaSaturday, 15 October 2022 03:40 PM

බලය ගන්නකන් පමණි...

:       0       7

විපරමා Saturday, 15 October 2022 04:39 PM

රට හදන්ඩ බැරි උනාට, හොර පෙරකදෝරුවා මොනතරම් දේවල් දන්නවා කියලද? උපදෙස් ගන්ඩ,ආදර්සෙට ගන්ඩ කොයිතරම් දේවල් තියෙනවා ද?

:       1       5

Bamunuarachchi Saturday, 15 October 2022 06:29 PM

එයා එකතු වුනේ බාප්පා සමග විතරයි. බාප්පා එක්ක එකතු වුණා කියලා රට හදන්න බැහැ. ඔහෙලාට ඇමැතිකම් දීලා අමාත්‍යංශ 43 දීලා රට හදනවා වෙනුවට කලේ මහ බැංකුව මංකොල්ල කාලා සල්ලි බෙදා ගත්ත එක නේද? හලෝ ජෙප්පන් වගේ අනුන්ගේ වැරදි කියන්න එපා. තමන් කරන විදිහ කියන්න.

:       9       8

Lelwala Saturday, 15 October 2022 09:06 PM

Don’t criticize our Sinhalese Buddhist leaders.

:       3       2

Saththaya Sunday, 16 October 2022 08:26 AM

ඔය බාප්පලත් එක වල්ලේ පොල්නේ. රටට මොනවාද මෙච්චර කල් කලේ ? හැමතැනම හාරපු බාප්පලාගේ පස්සෙන් ගිය කට්ටිය .....ලැජ්ජා නැතුව කම්පාදුවට .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 273 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site