බාප්පාගේ අතවරයෙන් දියණිට ලද දරුවා බාප්පා විසින් රුපියල් 80,000කට විකිණීමේ සිද්ධියක් සොයා ගත් පොලිස් ළමා හා කාන්තා කාර්යංශය මාස අටකට පෙර විකුණා ඇති බව කියන එම දරුවා මාතලෙන් සොයා ගත්තේය.
පළමු විවාහයේ සැමියා හැර යෑමෙන් පසුව මව මෙම පුද්ගලයා සමග ජීවත් වෙද්දී දියණිය ද අතවරයට ලක් කර ඇතැයි කියති.
දරුවා හදාවඩා ගත් මාපිය යුවළ ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බාප්පා ද, දරුවා විකිණීමට ආධාර හා අනුබල දුන් දෙදෙනෙක් ද ඇත්අඩංගුවට ගනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදා ගන්න බැරිනම් දරුවාව නිකන් හදාගන්න දෙන්න තිබුනණේ.(අ)
ලංකාවේ කන්න නැතිව දරුවනුත් විකුණන් කනවා. (අ)
දරුවා හදා වඩා ගන්න අයට දඬුවම් කරන එක හරි නැහැ . බෙල්ල මිරිකමරන්න නැති නම් වැසිකිලි වලකට යන්න තිබුන දරුවෙක් තමා ඒ යුවල අද බේරා ගෙන ජීවත් කරවන්නේ. අනික ලංකාවේ දරුවෝ නැති උදවියට , දරුවෝ උසාවි වල රස්තියාදු වෙලා නීතියේ හැටියට භාරගන්න කොට බබා ට වයස 25 ක් වෙනවා . මේ විදියට හරි දරුවෙක් ගන්න හැදුවේ දරුවන් ට තියෙන බලවත් ආශාව නිසා නේ.
රට ජාතිය ආගම බේරගන්න ප්‍රශ්නවලදී හැකිලිලා ඉන්න අපේ මිනිස්සු, කුපාඩි කම් කිරීමේදී හා ජාතියට කුඩු බෙදා දීම වැනි වැඩ වලදී පවුල් පිටින් සාමුහිකව වැඩකරන්නේ. අනේ වාසනාවන් මගේ රට.(දී)
දරුවා හදා ගන්න අයට නඩු දැමීම නම් හොඳ දෙයක් නොවේ. (අ)
දරුවා හැදෙන තැන හැදෙන්න ඇරලා..,දුට අතවර කල බාප්පා උල තියන්න ඕනේ. (අ)
එතකොට අම්මා? (ත)