IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


'බාප්පාගේ අක්කගේ දුව' අපේ ෆීල් එකට කරපු ගීතයක්

2016-07-04-ent-53

මේ වනවිට ලංකාවේ ඇති ඒකාකාරී ගීතමය රැල්ලෙන් ඔබ්බට ගිය ගීතයක් ලෙස "සිවිල් වොයිස්" සංගීත කණ්ඩායමේ නවතම ගීතය වන "බාප්පාගේ අක්කගේ දුව" යන ගීතය මේ දිනවල ආන්දෝලනාත්මක ගීතයක් ලෙස පත්ව ඇත. මේ වනවිට ෆේස්බුක් සමාජ ජාලයේ ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතින ගීතයක් ලෙස මෙය හැඳින්වීමට හැකිවන අතර, එම ගීතය පිළිබඳව තොරතුරු දැනගැනීමට එම සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන සචින්ත පුලස්ති "සාරවිට" සමග එකතු වූ මොහොතකි මේ.

 

අලුත් සංකල්පයක ගීතයක්, ඒ ගැන කිව්වොත්?

2016-07-04-ent-55ගිටාර් එක අතට ගත්තාම එන වචන ටික දාගෙන ගියා. ඉතිං එහෙං මෙහෙන් වචන ටික සෙට්වුණා.

 

අද කාලෙට බිහිවුණු වෙනස්ම ගීතයක් නේද?

ඔව්, මෙහෙමයි. ෆීල් එකට තමයි ගීතය කළේ. හිට්වෙයිද නැද්ද දන්නේ නැහැ. අපි මියුසික් කරන්නේ ෆීල් එකට. ඉතිං ඒකත් එක්කම හොඳ වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා හිතුණා. මගේ යාළුවෝ ටිකත් එක්ක එකතු වෙලා වැඩේ කළා.

 

කෙටි කාලයක් තුළ ඉහළ නැරඹුම් වාර්තාවක් තියෙන වීඩියෝවක් වුණා නේද?

අපි හිතුවට වඩා සෑහෙන්න ඉක්මනට වැඩේ යනවා වගේ. අපි එදා රෑ මේ ගීතය එළියට දාන්න නෙමෙයි හිටියේ. නමුත් නිකංම දැමුණා. අපි එතැනට ගියේ ෆොටෝස් ටික එඩිට් කර ගන්නයි. පසන්ගේ මල්ලිගේ තියෙනවා වෙනම Editing Subject එකේ වෙනම තැනක්. එතැනට ගියහම අපි Upload කළා.

 

Civil Voice සංගීත කණ්ඩායම ගැන කතාකළොත්?

අපි Band එකේ පොඩි වෙනසක් කරන්න කියලා තමයි හිතන ඉන්නේ. දැනට තුන්දෙනයි ඉන්නේ. අපේ එක්කෙනෙක් ඉඳලා නැති වුණා. එයාට පිළිකාවක් හැදුණා. අපි ටිකක් වැටිලා ඉඳලා ආයේ නැගිට්ටේ මේ සිංදුවත් එක්කයි. තුන් දෙනයි ඉන්නේ. සාමාන්‍යයෙන් අපි සංගීත භාණ්ඩවලින් තමයි ගොඩක් වැඩ කරන්නේ. දැන් තමයි මේ සිංදුව එළියට එන්නේ. එතකං අපි සංගීත භාණ්ඩවලින් තමයි වැඩ කර කර හිටියේ. අපි තුන්දෙනා සංගීත භාණ්ඩ දහයක් විතර වාදනය කරනවා.

 

සංගීත කණ්ඩායම Civil Voice කියලා නම තියන්න හිතුවේ ඇයි?

ඒක නම් වුණේ, අපි යන තැන මොනා හරි සිංදුවක් ගහපු ගමන් අන්තර්ජාලයට එකතු වන හේතුවත් නිසා අපි ඒ නම තියන්න හිතුවා. මිනිස්සු කැමතිනේ අපි අමුවෙන් ගහන වීඩියෝවලට. ඒක නිසා අපි හිතුවා සමාජයටනේ මේ දේවල් දෙන්නේ. මිනිස්සුන්ගේ හඬ වගේ දෙයක් තමයි මගේ ඔළුවට ආවේ.

 

වීඩියෝව සඳහා සහයෝගය දැක්වූ අය?

වීඩියෝව සඳහා ඇත්තටම අපිට මගේ යාළුවෝ ගොඩක් සහයෝගය දැක්වුවා. චමත් හසංක සහ මාෂා නානායක්කාර තමයි මේ කට්ටිය මට සෙට් කරලා දුන්නේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-07-04-ent-54

 

related-ARTICAL

 



අදහස් (0)

'බාප්පාගේ අක්කගේ දුව' අපේ ෆීල් එකට කරපු ගීතයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 490 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 302 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site