මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ කෝප් වාර්තාව පදනම් කරගනිමින් වහා ගතයුතු ක්‍රියාමාර්ග හයක් ඇතුලත් ඉල්ලීම් මාලාවක් ජනතා විමුක්ති පෙරමුණ රජයට යොමු කර ඇත.
එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය නිකුත් කළ මෙම ඉල්ලීම් මාලාවේ බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලුම දෙනාට එරෙහිව නීතිමය පියවර කඩිනමින් ගෙන රජයට වංචා කළ මුදල් ප්‍රමාණය ආපසු අයකර ගැනීමත් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා දැනට දරන රජයේ හා ආර්ථිකයේ සියලු තනතුරුවලින් වහාම ඉවත් කිරීමත් ප්‍රධාන ඉල්ලීම් ලෙස අන්තර්ගතව තිබේ.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම හා ඊට අනුබද්ධ සියලු සමාගම්වල සියලු වත්කම් හා මුදල් රටින් පිටට රැගෙන යාම වැළැක්වීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම, මහ බැංකුවේ ප්‍රාථමික ගනුදෙනුකරුවන්ගේ ලැයිස්තුවෙන් එම සමාගම ඉවත් කිරීම, මෙම ගනුදෙනුවට සම්බන්ධ මහ බැංකු නිලධාරින් පරීක්ෂණ අවසන් වනතුරු වගකීම්වලින් නිදහස් කර පසුගිය කාලය පුරා මහ බැංකුව මඟින් කළ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කිරීම සෙසු ඉල්ලීම් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුන්ට හොරු අල්ලන්න කියනවා වගේ කතාවක්. තව ඒකාබද්ධ හොරුත් කියනවා හොරු අල්ලන්න. අපට නම් මේවා තේරුම් ගැනීමට නොහැකියි. (නි)
හිටපු මහ බැංකු අධිපති තවම රාජ්‍ය හා ආර්ථික තනතුරු දරනවාද? ඒ බව අප දැනගත්තේ දැනුයි.(සඳු)
කිළිටි රෙදි එළියේ සේදීම එතරම් යහපත් දෙයක් නොවේ. එහෙත් යහපාලනයේ පතිවෘර්තාව පෙන්නීමට මෙය හොඳ අවස්ථාවකි. එසේ නැත්නම් යහපාලනෙත් පවුල් පාලනයේත් වෙනස හොයා ගැනීමට ජනතාවට දුෂ්කර කටයුත්තක් වනු ඇත. (නි)
අදිසි අතක් රජයේ ඉහළම තැනක ඉන්න ප්‍රබලයෙකුගේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන ගමන් තමයි අර්ජුන මහේන්ද්‍රන් කරළියට එන්නේ. අර්ජුන්ව ජාතියේ කොඳු නාරටිය වූ ආර්ථිකයේම රඳවා තබන්න මේ හස්තයට අවශ්‍ය කර තිබෙනවා. මේ ගැන කරුණු නොසොයා කෝප් වාර්තා දහසක් ගෙනාවත් ජ.වී.පෙ කණ්ඩායමට කතා කරනවාට වඩා දෙයක් ඉතිරි වන්නේ නැහැ. (නි)