මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳව ලැබී ඇති පැමිණිලි ගැන වහාම පරික්ෂණ සිදු කර අදාළ සියලු චුදිතයන් අධිකරණය හමුවට පමුණුවන ලෙස ඉල්ලමින් දුෂණ විරෝධී පෙරමුණේ සාමාජිකයෝ අද (8) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණීල්ලක් ඉදිරිපත් කළහ.
චමිර පෙරේරා, අකලංක හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් ඊට එක් වුහ.
මහ බැංකු බැඳුම්කර සිද්ධිය ගැන මුලින්ම අල්ලස් කොමිසමට පැමිණිලි කළේ ඇමැති මහින්ද අමරවීර මහතාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසියම් ආයතනයක සුළු හෝ හොරකමක් සිදුවුවහොත් එයට සැකකරන පුද්ගලයන්ගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් පැවැත්වීම සාමාන්‍ය පිළිවෙතකි. මෙතෙක් ලංකාවේ සිදු වූ විශාලතම වංචාව වන බැඳුම්කර වංචාව පිළිබඳව රජයේ ප්‍රධානින් කරන ප්‍රකාශ පුදුමාකාරය. (නි)
මොනම බලවේගයකවත් ගොදුරක් නොවී අරමුණ ඔස්සේම ඉදිරියටම යන්න. ආණ්ඩුවකට කරන්න බැරි දේවල් ජනතාවට කරන්න පුළුවන් බව කියා දෙන්න. ජනතාව ඔබ සමඟයි. (නි)
මේ වගේම පසුගිය දශකයේ මහබැංකු වංචා (ගිණුම් හරිහැටි නොතැබීම) අනෙකුත් රාජ්‍ය බැංකු වල සිදු වූ වංචා, එයාර් ලංකා, රත්තරන් හොරකම්, ටෙන්ඩර් මගඩි, කොමිස් ගැහිලි, දේපල මංකොල්ල, මුදල් ඉපයූ ආකාරය, රජයේ මුදල් අවභාවිතය යන සියලු කාරණා වල පරීක්ෂණ ඉක්මන් කිරීමට බලකිරීම... ආදියත් බලන්න. අපි ඔබ සමඟයි. (නි)