මහ බැංකු අධිපති අරජුන් මහේන්ද්‍රන්ට සේවා දිගුවක් ලබානොදී මහ බැංකු බැඳුම්කර මඟින් අහිමි කළ මහජන මුදල් යලි අත්පත් කරගැනීමට අවශ්‍ය පරීක්ෂණ දියත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද(28) පැවැසීය.
මහ බැංකු අධිපතිවරයා වරදක් කර ඇති නම් නීතියට අනුව ඔහුට දඬුවම් කළ යුතු බවත් එම කටයුත්ත නොකොට ජනපති හා අගමැති බැඳුම්කර ප්රශ්නය කෝප් කමිටුව මත පටවා ජාමේ බේරාගැනීමේ උත්සාහයක නිරත වන බව ද හෙතෙම චෝදනා කළේය.
සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බවට නගන චෝදනා තරයේ හෙළාදකින බව කී දිසානායක මහතා අජිත් නිවාඩ් කබ්රාල්ලා දූ කෙලියේ යෙදෙද්දී ඔහුගේ සුවච කීකරු ගෝලයන් මෙන් කටයුතු කළ තැනැත්තන් ජවිපෙට ඇඟිල්ල දිගු කිරීම තරම් තවත් විහිළුවක් නැතැයි ද පැවැසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලගේ කතා නම් විශ්වාස කරන්නත් බැහැ (නි)
මේ ගැන අාවාට ගියාට කතාකරලා වැඩක් නැහැ. මුලින් පරීක්ෂණයක් කරලා තීරණයක් ප්‍රකාශ කරන්න. අාවට ගියාට එක එක්කෙනාට දෝෂාරෝපණය නොකර, ඊටපසු ගතයුතු තීරණය යෝජනා කරන්න. (නි)
දැන් අපට නම් තේරෙනවා කෝප් නිගමනය. මේක හොරාට කලින් වැට පැනීමක්. (ර)
කවුරු කලත් වැරැද්ද වැරැද්ද මයි. මේවා නැවත අයකරගැනීමට පියවර ගත යුතුයි. (ර)
අනේ මෙයාලා දැන් විලිවහගන්න රෙදි හොයනවා. හොරුන්ට රට බාරදෙන්න දර දිය ඇදලා, දැන් කනෝ කනෝ කියලා කෑගහනවා බොරුවට. (නි)
ඔබතුමා සහා ආර්ථික විශේෂඥයින් මාධ්‍ය හරහා මහබැංකු අධිපති සමග ප්‍රසිද්ධ සංවාදයක් කරන්න. එවිට මහජනයාට හරි,වැරදි වැටහෙයි. (නි)