මහ බැංකු බැඳුම්කර සිද්ධීය සම්බන්ධයෙන් කෝප් වාර්තාව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වීම අගමැතිවරයාගේ අධ්‍යක්ෂණය යටතේ රඟ දැක්වෙන නාට්‍යයක පළමු ජවනිකාව යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
කෝප් කමිටු වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හෙට (24) පැවැත්වීමට නියමිත විවාදය නැවැත්වීමේ උත්සහයක පළමු පියවර මෙය යැයි ද ඒ මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ ක්‍රියා නැවැත්වීම සඳහා අධිකරණය උපයෝගී කරගැනීමේ වංචනික ක්‍රියාවලට පාර්ලිමේන්තුව යටත් නොවිය යුතු බවත් එවැන්නකට ඉඩ නොදෙන බවත් දිසානායක මහතා කීවේය.
පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඈයි ඔබතුමා කිව්ව නේද මහමැතිවරණය වෙලාවෙ බැඳුම්කර මගඩිය පන්සල් ටොක්කක් කියල. (බ)
ජවිපෙට අපගේ උපහාරය...! (බ)
මේ දේශපාලුවෝ හාමුදුරුවන්වත් තමන්ගේ ප්‍රයෝජනයට අරගෙන. (බ)
මම නම් ඇත්ත කියනවා ලොක්ක කියපු නිසා මෙහෙම කියනවා බොරුව වුනත් කරන්න උත්සාහ කරනවා බැරිම වුනොත් අයර්ලන්තේ මට තියන ගෙදරට වෙලා බකන් නිලා ඉන්නවා. එකේ දැනට හිග වරිපනම් බදුත් ගෙවනවා. පක්ෂයට කැට හොල්ලන සහෝදර වරුන්ට ජය වේවා. (බ)
දැන් නම් වීරයෝ වගේ. මහින්දගේ කාලේ පුසෝ වගේ හිටියේ. කෝ ගෝඨා ගේ දුමින්දගේ ඒවා ට මේ වගේ කෑ ගහන්නේ නෑනෙ. අනිත් එක තමන් මුකුත් කරන්නේ නැතුව, අනුන්ගේ වැරදි බල බල ඉන්න එකත් මාර ජොලි වැඩේ. අපි පඩිත් ගෙවනවානේ. (බ)
තමන්ගෙ පක්ෂෙ හාමුදුරුවරු කරනකොට හැමදේම හොදය්. අනික් උන්ගෙ පක්සේ හාමුදුරුවරු කරනකොට නරකය්. අපි ඔයනිසා තමය් කියන්නෙ හාමුදුරුවරු කිසි කෙනෙකුගේ ඉත්තො විය යුතු නෑ කියල. (බ)
හොරකම් සම්බන්ධ ඕනෑම නාටකයක් රඟදක්වන්න පුළුවන්. එහෙත් දැයේ සම්පත් හොරකම් කළ අයට ජාතියේ ශාපය ලැබෙනවා ලැබෙනවාමයි. (බ)
මේවා ඉතාම හාස්‍යජනකයි. ඇයි මේ කෝප් කමිටු වාර්තාව අභියෝගයට ලක්කරන්නේ? හොරුන් රකින්න යන බව හොඳටම පැහැදිලියි. මෙය රටේ විධායකයටත් අභියෝගයක්. (නි)
හැමදේටම විරුද්ධ වෙනවට වඩා ඔයාලට වෙන දෙයක් නැද්ද? (නි)
ඔබතුමා එක්ක අපිත් ඉන්නවා (නි)
ඔබතුමා හරි. යූඑන්පී එක හිතාගෙන ඉන්නේ යන්තම් ඡන්දෙ ලැබුනම ඕනෑ දෙයක් කරන්න පුළුවන් කියලා. (නි)
ඉතින් නායකතුමනි, මේ අගමැතිතුමා වගේම ජනාධිපතිතුමාව පත්කරගන්න කඩේ ගියෙත් ඔයාලමනේ. ෆොන්සේකාට කඩේ ගිහින් පස්සේ වැරදුනු ව්‍යාපෘතියක් කිව්වෙත් ඔයාලමනේ. හැමදාම කළේ ඔය වගේ මෝඩකම් තමා. (නි)
දැන් මෝඩ කතා කියන්න එපා. (නි)
දවල් මිගෙල් රෑ දැනියෙල්. රෑට ඩීල්, දවල්ට බොරු සද්ද. මේකත් අර 'අපි එකතුවෙලා ආණ්ඩුව අරන් දෙන්නම්, පස්සේ විරුද්ධ වෙන්නම්, එ්ත් අපි කීපදෙනා නිසා විරුද්ධ වුණාට වැඩක් නැහැනේ, ඔයාලා ඕනෑ විදියට කරගෙන යන්න' නාට්‍යයේ පිටපත් කොටස්නේ ඉතින්! (නි)
ඉතින් ඔබතුමාලා මොකක්හරි කරන්නකෝ (නි)
රටේ අගමැති, ඇමතිවරු හෝ මන්ත්‍රීවරු මේ අය සීමිත කාලයකට පත්වෙච්ච රටේ භාරකාරයෝ මිසක් රටේ අයිතිකාරයෝ නෙමෙයි. ඒ වගේම මේ අය වැරැද්දක් කළොත් හෝ වැරැද්දකට අනුබල දුන්නොත් අනිවාර්යයෙන් රටේ නීතියට අනුව දඬුවම් කළයුතුයි. කලින් ආණ්ඩුවේ වෙච්ච වැරදි ආයෙමත් නොවෙන්නයි, ජනතාව යහපාලනයට ඡන්දෙ දුන්නේ. (නි)
දැන් කියන්නේ මොනවටද? පුරවැසිබව නොමැති කෙනෙක් මහබැංකුවට අධිපති ලෙස ගෙනඑනකොට විරුද්ධ වුණේ නැත්තේ මොකද? මෙන්න නියම විප්ලවවාදියෝ! (නි)
බැඳුම්කර මංකොල්ලයට විරුද්ධව හඩනඟන ජවිපෙට අපගේ උපහාරය! (නි)
අනුර, මහත්තයෝ,දැන් සැපද? ඔබ කියන ආකාරයට නාටකයේ අධ්‍යක්ෂණය අගමැතිගේ නම් ඔබලා එහි රඟපාන්නේ කුමනාකාරයේ චරිතයන්ද? (නි)
මේක ඔයාලගේ ආණ්ඩුවනේ. ගිහිල්ල කෙළින්ම කියන්නකෝ බොරු සංදර්ශන නැතුව. (නි)
රජයේ සමහරු සිතනුයේ අපි මෝඩයින් කියාද? (නි)
අයර්ලන්තයේ ඩබ්ලින්, බ්ලැක්රොක්, සිඩ්නි පෙදෙසේ, අංක 28 දරණ නිවස අනුර කුමාර දිසානායක නමින් ඇති බවත් ඒ සම්බන්ධයෙන් වූ බදු මුදල් ගෙවන ලෙස එරට බදු එකතු කිරීමේ ජනරාල්වරයා විසින් යොමු කර ඇති ලිපියක්ද එහි පල කර ඇත....වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් දෝ දෝසා නේද අනුර මහත්තයෝ? (බ)
ඔබතුමාලගේ ආණ්ඩුවනේ මේක. ඔබතුමාලට ඕනෑවුණේ මහින්දව එළවන්න මිසක් වෙන දෙයක් නෙමෙයිනේ. දැන් ඒක හරිනේ. (නි)
මේ පිළිබඳව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා දරන අදහස කුමක්ද? (නි)
ජනවාරි 8 වෙද්දී නම් විපක්ෂයේ කසකාරයෝ ඔයාලා නේද? (නි)
හිටපු ජනපතිව අනිවාර්යෙන්ම අයින්කරන්න ඕනෑවුණා එ්කධිපතිවාදේ නවත්වන්න. හැබැයි මහා මැතිවරණය වෙලාවේ අපේ රටේ මිනිස්සු ජවිපෙට හරි බලයක් දුන්නේ නැහැ. එ්ක හින්දා තමයි මේ දෙගොල්ලොම නටන්නේ. (නි)
රනිල් මහත්තයෝ, සෝභිත හාමුදුරුවෝ කියපු දේ මතක නැද්ද? යාළුවො ආරක්ෂා කරන්න එපා (නි)
රනිල් මහත්තයෝ, අපි හොඳ එජාප පාක්ෂිකයෝ. අපිට ලැජ්ජා නොකර මේ වැරදිකරුවන්ට නඩු අහලා දඩුවම් කරන්න. ඔබතුමා පිරිසිදු අවංක නායකයෙක් නේද? අැයි මේ කව්රුවත් වෙනුවෙන් මඩ ගාගන්නේ? ඔබතුමාට ඡන්ද ලැබෙන්නේ රටේ උගත් ජනතාවගෙන්. (නි)
අපිටත් තේරෙනවා ආණ්ඩුව හදන්නේ බැදුම්කර වංචා ගැන පාර්ලිමේන්තු විවාදය නවත්වන්න. එ්කනේ මම කියන්නේ කඩේ ඇතුළේ ඉඳගෙනම මට හොරට බඩු කිරන්න වෙලා තියෙන්නේ කියලා. නැද්ද අම්මපා. (නි)
හැමෝම හිතන්නේ මහා භාණ්ඩාගාර සිද්ධිය රනිල් යටගහනවා කියල. එ්කේ වරදක් මමත් දකින්නේ නැ.මේ සිද්ධිය වෙලා දැන් කොච්චර කලක්ද. අනනුන්ගේ වැරදී හොයනවට වඩා තමන්ගේ වැරදී හදා ගන්න එක රනිල් ට වගේම අනුර ට ත් හොඳයි. (බ)
කෝප් වාර්තාවේ වැරැද්දක් නැත්නම් අධිකරණයට ගියා කියලා බය වෙන්න දෙයක් නෑනේ. (බ)
වසර 69ක් මෙරට පාලනය කළේ මේ දෙගොල්ලෝ නේ. රට ගොඩද? තවමත් මඩ ගොහොරුවක එරිලා අපි නැවත නැවතත් පත්කරන්නේ මේ දෙගොල්ලෝ (බ)
පාර්ලිමේන්තුවේ විවාද කළා කියලා මොනවාද වෙන්නේ. හොරුන්ට දඬුවම් දෙන්න පාර්ලිමේන්තුවට බලයක් තියෙනවද. අන්තිමට සභාතොමෝ සතුටින් විසිර ගියා කියලා කියයි නේද. දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
බැඳුම්කර වංචාව සිදුවුනේ මහින්දගේ කාලෙනම් ඒක හරියි කියන ජාතියේ නුගත් මිනිස්සුත් ඉන්නවා. එකනේ මෙතැනදී අනුරට බනින්නේ. සාම්ප්‍රදායික දේශපාලනය කරන මෝඩ මිනිස්සු තවම දන්නේ නැහැ අනුරලා කෑගහන්නේ බැඳුම්කර වංචාවට විරුද්ධව කියල. නමුත් සමහරක් හිතන්නේ මේකෙන්ම ගොඩගිහින් ආයෙත් මහින්දව ගේන්න. මුන්දෙගොල්ලම කරන්නේ එකම දේ නේද කියන ඒක වැටහෙනකම් කොස්කොලයි, ක්‍රෝටන් කොලයි හොඳ වැඩියි කන්න දෙන්න.(බ)
බුද්ධිමත් ජනතාව ජවිපෙ එක්ක සිටී. රට වෙනුවෙන් හඬ නගන මොවුන් අගය කරන්න (බ)
මම යූඇන්පී කාරයෙක්.මම හිතන් උන්නේ රනිල් මහතා සැබැ දක්ෂ අවංක කෙනෙක් කියලා. දැන් මටම ලැජ්ජයි. ඔහු හැසිරෙන්නේ අයිආර්සී කාරයෙක් වගේ. (බ)
සුදේශ් ඔයා කියන්නේ මේ වගේ දෙවලටත් කටවහන් ඉන්න කියලාද ඔයා මේ රටේ පුරවැසියෙක් නෙමෙයිද (බ)
මෙයා මේ බැඳුම්කරයක් අල්ලගෙන නටනවා... මෙයාට අයිති නිවෙසක් තියෙනවලු අයර්ලන්තෙ මෙයාලා කැට හොල්ලලද ඒ සල්ලි හෙව්වෙ..? දැන් තේරෙනවා අර වල ඉඳන් ගත්ත ස්ල්ලි මොකටද වියපැහැදම් කළේ කියලා... අන්තර්ජාලයේ ඔක්කොම විස්තර තියෙනවා...(බ)