ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව ගැන එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කර ඊට අදාල නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නීතිපතිවරයාට උපදෙස් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් කියැවේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු, මහාධිකරණ විනිසුරුවරයකු සහ විගණන විශේෂඥයකු මෙම ජනාධිපති කොමිෂන් සභාවට පත් කිරීමට නියමිතය.
එම ගැසට් නිවේදනය මේ සතියේ නිකුත් කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය කියයි. කොමිෂන් සභා වාර්තාව මාස තුනක් ඇතුළත සම්පූර්ණ කර අවසන් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයිද කියැවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගල උඩ පහරපු බළලුන් වගේ දැන් වැරදි වහන්න දඟලන දැඟලිල්ලක්... ඡන්දය ඉවරවෙනතුරු මේක අදින්න වගේ බලාපොරොත්තුව (නි)
එතකොට රජයේ විවිධ ඇමතිවරු රූපවාහිනී නාලිකා වලට ඇවිල්ලා කිව්වේ බොරුද? කොමිසන් දාන්න මෙතන වංචාවක් වෙලා නැහැ කියලා තමා ඒ දවස්වල නම් කිව්වේ. අනේ මන්දා...! (නි)
නින්දෙන් නැගිටලා වගේනේ කතාකරන්නේ. (නි)
මට තේරෙන්නේ නැත්තේ සාමාන්‍ය මිනිහෙක් වැරද්දක් කළාම. සැකපිට අත්අඩංගුවට ගන්නවා මුලින්ම. ඒත් අර්ජුන් මහේන්ද්‍රන් ගැන මෙච්චර ලොකු ප්‍රශ්නයක් තියෙද්දී මුදල් අමාත්‍යංශයේ උපදේශක කරන්න යන්නේ කොහොමද කියන එක. නිතිය ගැන ජනතාවට තියන විශ්වාසය නැති කරන්නේ අැයි මෙහෙම. (බ)
අවුරුදු දෙකකට පස්සේ හරි ඔහොම දෙයක් සිහිපත් වුණාට ස්තුතියි. ඒත් වැඩක් නැහැ. ඕවයේ තීරණ බොහොම මෘදුයි කියලා ජනතාව දන්නවා. අනික දැන් ඒ හොරකම් කරපු මුදල් නැතුවත් ඇති (නි)
නින්දෙන් නැගිටලා වගේනේ. ඇයි මොකද මේ දවස්වල පත්තරේක අපි නොදැක්ක මොනවත් තිබුනද බැඳුම්කර හුටපටේ ගැන. (නි)
ඇයි මේ කොමිසමට මාස තුනක්. හොඳ කල්මැරීමක්. ෆුල් ටයිම් කළොත් සති තුනකින් බැරිද? මාස තුනකින් තැටිය රත්වෙනවා. ඊළඟ පළාත් පාලන ඡන්දෙට එතකොට කොයි පැත්තත් ගොඩ. පහුගිය දවස්වල වුණ දේවල් අපට හොඳට මතකයි. (නි)
ඕස්ට්‍රේලියා අල්ලස් සිද්දිය ගැනත් කොමිසමක් පත්කළා. එ්කේ වාර්තාවත් තවම ආවේ නැහැ. (නි)
මේ රජය කටින් හිටවපු බතල කොළ ටික හරියට පැලවුණා නම් ඔය අපේ මිනිසුන්ට නියඟෙට ක්‍රෝටන් කොළ කන්න නොවෙන්න තිබුනා (නි)
ගරු ජනාධිපතිතුමනි, අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නැහැ. හොරකම් කරපු සල්ලි පිටරට පටවන්න කලින් පියවරක් ගන්න. දැන් වෙනකොට සනාථවෙලා තියන කරුණු අනුව ස්ථිර වශයෙන්ම දුෂණයක් වෙලා තියනවා කියලා ඔප්පුවෙලා ඉවරයි. එ්ත් තවම හිටපු මහබැංකු අධිපතිතුමා රජයේ උපදේශකවරයෙක් (නි)
ඕක හරියන වැඩක් නොවෙයි (නි)
මෙපමණ කලක් ලංකාවේ සිදු වූ මුල්‍ය වංචා අල්ලාගත්තේ කොමිසන් වලින්ද? මට නම් පේන්නේ මේක 'තොප්පියේ හැටියට ඔලුව සෑදීමේ' ප්රයත්නයක් (නි)
රජය තවත් රැඟුමකට සුදානම් වෙමින් සිටියි. මන්ද මොවුන්ට කිසිත් කළනොහැක. අහෝ දුකකි! (නි)
අපිට ශත පහක විශ්වාසයක් තියන්න පුලුවන්ද? නින්දෙන් නැගිට්ටා වගේ (නි)
අනේ කුහුඹුවනේ තොපටත් රජෙක් ඉන්නේ. (නි)
මේකත් තවත් කාලය නාස්තිකරන වැඩක්. සාමාන්‍යයෙන් වංචාවන්ට සම්බන්ධ රටේ නීතිය මෙහෙමද අනිත් අයටත් ක්‍රියාත්මක වෙන්නේ? කෝප් වාර්තාව, විගණන දෙපාර්තුමේන්තුවේ වාර්තාව, නීතිපති වාර්තාව මේ සියල්ලම කියන්නේ මෙතන වැරැද්දක් තියනවා කියලා. ආයෙත් මොනවට විශේෂ ජනාධිපති කොමිසමක් පත්කරනවද? (නි)
අර කොමිසන් මේ කොමිසන්, අර විවාද මේ විවාද දදා තව අවුරුදු 3නෙ අදින්න තියෙන්නේ. දැනටම අවුරුදු 2ක් විතරම ඇද ගත්තනේ! (නි)
මට පෙනෙන විදියට මේ වෑයම අසාර්ථකයි. අවංකව එයට නිසි පිළිතුරු දෙනවා නම්, අගමැතිවරයා සහ ජනපති එක ස්ථාවරයකට පැමිණිය යුතුයි. (නි)
දවසේ හොඳම කියමන තමයි මේක (නි)
කේස් යටගහන්න තියෙන හොඳම තුරුම්පුව. ඔහොමම යමු. (නි)
මේවා බොරු වැඩ. මුලින්ම පාර්ලිමේන්තුවේ විවාදයට ඉඩදෙන්න (නි)
වගකිවයුත්තන්ට තවත් පදවි තානාන්තරත් දීලා. මේකෙන් නම් ආණ්ඩුව ඇනගන්න බව ජනාධිපතිතුමාටවත් තේරෙන්නේ නැත්තේ අැයි. අගමැති මේ ගැන දරන ආකල්පය ආණ්ඩුවට තදින් බලපානවා. යහපාලනය කියන්නේ අලුත් හොරුන් හදන සහ හිටපු හොරුන් රකින එකක් බව අර 62 ලක්ෂයටම තේරිලා ඉන්නේ. (නි)
මම නිකන් තිගැස්සිලා හිටිය මෙතුමා මොකද මේ තරම් පුදුම විදියේ නිර්බීත තීරණයක් අරගෙන තියෙන්න කියල. පස්සේ මම කල්පනා කරලා බැලුවහම මම මේ හීනයකනේ ඉදලා තියෙන්නේ හත්තිලුවේ. අනේ අනිච්චන් අපිටත් නායකයෙක් හිටියනම්! (බ)
හොරුන්ගේ අම්මගෙන් පේන අහන්න වැඩක්නේ ඒක. සිංහලය එපමණ මෝඩ කියලද මෙයා හිතන එක ගැන මුන්ව හිටෝපස් ගහන්න ඕන.ඔය දෙන්න බුදු දහම ගැන කිසිම දෙයක් දන්නා බවක් නොපෙනේ. (බ)
නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් ඕනෑ කිව්වා වගේ මේකත්. කෝප් කමිටු වාර්තාවත් තියෙද්දී මහා බැංකුවේ වාර්තාවත් තියෙද්දී තවත් කමිටු මොකටද මේකට නඩු දාන්න. ඡන්දයක් ළඟ නිසා තවත් ගුණ්ඩුවක් (නි)
නිදහසට කරුණු කාරණා හොයාගන්න කල් දීල,කොමිසමේ තීරණෙත් අතේ තියාගෙනම, දැන් දෙන්නටම ගොඩයන්න පිළිවෙලක් සකස්කරගෙන ආයෙත් අපිව ගොනාට අන්දන්න හදන එකට බොහොම ස්තුති. (බ)
ගරු ජනාධිපතිතුමනි, බැඳුම්කර හොරුන්ගේ අම්මලාගෙන් පේන ඇසීමට මෙම ගරු කොමිසමට සිදුනොවීමට අදාල අංශ වලට උපදෙස් දෙන්න. (නි)
දැන් කෝප් කමිටු වාර්තාවක් දීලා තිබෙනවනෙ. ඇයි ඒකෙන් ඉදිරියට යන්න බැරි? මේ එක එක වාර්තා එන එකෙන් එන්නෙ කල්මැරීමක් හා මත ගැටීමක් විතරමයි. මං දන්නා කාලයකට කිසිම ජනාධිපති කොමිසමකින් මේ රටට වැදගත් යමක් වී නැත. මෙයින් පෙනෙන්නේ ඡන්දයක පෙර සලකුණුයි. එක බලකඳවුරක් ඉදිරියට යාමට ගන්නා උත්සාහයක්. (නි)
මෙතෙක් පත් කළ සෑම ජනා. කොමිසමක්ම මුලින් දී තිබුණු කාලසීමාව ඇතුලත සිය කාර්ය භාරය සම්පුර්ණ කළ කොමිසමක් පිළිබඳව වාර්තා වී ඇති බවක් අසා හෝ කියවා හෝ නොමැත. කරපු එකම දෙය තමයි කුමක් හෝ තාක්ෂණික හේතුවක් මුවාවෙන් කල් ගැනීම. දන්නා අයෙකුට අවස්ථාව. (බ)
කොමිසන් නම් දැනටත් ඇතිවෙන්න තියෙනවනේ (නි)
මේකත් නිකම් පුස් වෙඩිල්ලක් විතරි ! මෙයා මොක්කක්ද තවම හරියට කරලා පෙන්නුවේ? (බ)