තරමක් මැදිවියේ පසුවන කලා ශිල්පියෙක් ඔහුගේ නෝනට බෙහෙත් ගන්න එක්ක ගියාලු කිරිඳිවැල පැත්තෙ ප්‍රසිද්ධ වෙද මහත්තයෙක් ගායට. නෝනට තියෙන්නෙ දණිස්වල ප්‍රශ්නයක්. ඇඟ කෙට්ටු කරගන්න කිව්වට අහන්නෙත් නැහැලු.
කොහොමහරි වෙද මහත්තයා බෙහෙත් ටික දීලා කිව්වලු කොහොම හරි කෑම බීම පාලනය කරලා ඇඟ අඩුකර ගත්තෙ නැත්නම් ලෙඩේ වැඩිවෙන්නත් පුළුවන් කියලා.
"මම මේ දෙන බෙහෙත් ටිකට දවස් දෙක තුනක් විරේක වෙයි. බයවෙන්න එපා" වෙද මහත්තයා කියලා තියෙනවා.
ඔන්න පහුවදා අපේ කලා ශිල්පියා වැඩිපුර වැසිකිළි පැත්තට යනවා දැකලා නෝනා ඒ ගැන ඔහුගෙන් ඇහුවලු.
"ඒක නේන්නම් මාත් බැලුවෙ. ඊයෙ බෙහෙත් ගත්තෙ ඔයා, ඒත් විරේක වෙන්නෙ මට. බෙහෙත හොඳකම වෙන්නැති නේද නෝනෙ" ඔහු කිව්වලු.
"බෙහෙතෙ හොඳකම නෙවෙයි මහත්තයෝ, අපේ බැඳීමෙ හොඳකම" කියලා ඇය පිළිතුරැ දුන්නලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd