හම්බන්තොට බඳගිරියේ වී ගබඩාවකින් වී සොරකම් කලැයි සැකපිට ජී ජී ගයාශාන් (22) තරුණයා හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් ලබන (21)වැනිදා තෙක් අද අලුයම 2:30 නිල නිවසේ්දී රිමාන්ඩ් කරනු ලැබීය.
පසුගිය (5)වැනිදා මෙම සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසියෙන් අත්අඩංගුවට ගත් මොහු දින එකොළහක් තිස්සේ අතුරුදන්ව සිට බ්‍රහස්පතින්දා හිමිනමක් සමග පොලිස් මාධ්‍ය ප්‍රකාශක වෙත භාරවිය.
ඔහුගෙන් පැය හයක් පුරා කටඋත්තර ගැනීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කල බවත් ඔහුගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරු දෙදෙනෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකුගේ වැඩ තහනම් කල බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
ජායාරූප - සනත් ගමගේ
ජායාරූප - දිලිප් ජයසේකර
වීඩියෝ - සනත් ගමගේ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට පැමිණිල්ලක් ආපු පලියට අත්අඩංගුවට ගන්න එක හරි ඈ නේද, අපක්ෂ ලෙස සියලු කරුණු සොයා බලන්නේ නැතුව, කරන වැඩ වල විපාක, ඉතින් දැන් පොලිස් පොත් වෙනස් කළ එකටත් අත්අඩංගුවට ගන්න එපැයි.(හේ)
අනේ අහිංසක කොලුවා... නිකරුනේ හොරකම් කරන්න ගියා නොවැ.....(හේ)
මොකක්ද දන්නේ නෑ මෙයා මෙච්චර කල් හැංගිලා ඉදලා ඇත්තේ.(හේ)
දැන් බලන්න මේ හොරකමක් ගැන පොලිසියට පැමිණිල්ලක් ලැබුන සැනින් මේ තරුණයන්ව අත්අඩංගුවට ගත්තා. නමුත් රටේ මෙච්චර කතාබහට ලක්වෙන බිලියන ගණනින් මහජන මුදල් වංචා කරපු චෝදනා තියන අය අත්අඩංගුවට ගන්න පොලිසිය අවුරුදු ගණන් බලා ඉන්නවා. (නි)
මේ දරුවා රිමාන්ඩ් එකේ. ඇවන්ගාඩ් සිද්ධියට නම් ඇප (නි)