
(අංජුල මහික වීරරත්න)
දිට්වා සුළි කුණාටුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ සහ අර්ධ නිවාස හානි සිදු වූ පුද්ගලයන් වෙනුවෙන් නව නිවාස ඉදිකර දීමේ වැඩසටහන ඇරඹීම සහ වන්දි ප්රදානය මෙන්ම සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ඇරඹීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (06) මහනුවරදී සිදු කිරීමට නියමිතය.
ඒ අනුව, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ කුණ්ඩසාලේ, මැදදුම්බර, පාතදුම්බර සහ පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කර්මාන්තකරුවන්ට සහ පූර්ණ සහ අර්ධ වශයෙන් නිවාස හානි සිදු වූ පවුල් සඳහා වන්දි ප්රදානය කිරීමේ අවස්ථාව හෙට පෙ.ව 9.00ට කුණ්ඩසාලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් තම කර්මාන්ත ස්ථානය හෝ යන්ත්‍රෝපකරණ ආදිය හානි වූ පුද්ගලයන්ට තම ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා වන්දි මුදලක් ලෙස රුපියල් ලක්ෂ 02 බැගින් ලබා දීම මෙහිදී සිදු කෙරේ. කුඩා, මධ්‍යම හෝ මහාපරිමාණ ආදී භේදයකින් තොරව ලියාපදිංචි කර තිබෙන සෑම ව්‍යාපාරයකටම නැවත තමන්ගේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම මූල්‍ය ප්රදානය සිදු කෙරේ.
එමෙන්ම, මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ නිවාස හානි වූවන්ට නව නිවසක් ඉදිකර ගැනීම සඳහා ගෙවීමට නියමිත රුපියල් ලක්ෂ 50ක මුදලින් ප්‍රථම වාරිකය වශයෙන් රුපියල් ලක්ෂ 20 බැගින් චෙක් පත් ප්රදානය කිරීමද මෙහිදී සිදු කෙරේ. තමන්ටම හිමි ඉඩමක හෝ එම ඉඩමෙහිම නිවාස ඉදිකරන පුද්ගලයින් හෝ රජයේ ඉඩමක් ලබා දී එහි නිවස ඉදිකරන පුද්ගලයන් මෙම කාණ්ඩයට අයත් වේ.
එමෙන්ම, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ නිවාස හානි වූ පවුල් සහ නාය යෑම් අධිඅවදානම් ලෙස හඳුනාගෙන ඇති පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් ඉඩම් ප්රදානය සහ වන්දි ලබා දීම හෙට (06) පස්වරුවේ නියංගොඩ පාසල් ක්‍රීඩා පිටියේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
නිවාස අර්ධ හානි වූවන් සඳහා කඩිනම් සහන සැලසීමේ අරමුණින් වන්දි මුදල් ප්රදානය කිරීමද මෙහිදී සිදු කෙරේ.
එම නිවාස ඉදිකිරීමේ වැඩසටහන අරඹමින්, නව නිවසක ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවටද ජනාධිපතිවරයා සහභාගී වනු ඇත.
මේ අතර, මහනුවර - යාපනය මාර්ගයේ (A-009) මහයියාව උමං මාර්ගය ඉදිකිරීම් කටයුතුද හෙට (06) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.
ඉදිකිරීම් නවතා තිබූ ගැටඹේ ගුවන් පාලම ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කිරීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (06) පෙරවරුවේදී සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd