
(අංජුල මහික වීරරත්න)
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව සහ ඊට හේතු වූ කරුණු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර වාර්තා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (07) විමර්ශන කමිටුවක් පත් කරන ලදී.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක, ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් යන මහත්වරුන් පත් කර තිබේ. මෙම විමර්ශන කමිටුවේ ලේකම්-කැඳවුම්කරු ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් කේ.එල්. ඩී අසේල මහතා පත් කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිටි 3ක් තියා 10ක් දැම්මත් වැඩක් නැහැ ඉස්සරවෙලාම බන්ධනාගාර අධිකාරි අයින් කරන්නේ නැතුව . වෙන රටක නම් එක්කෝ අදිකාරී වැඩ තහනමකට ලක් කරලා නැත්නම් අස් කරලා . අපක්ෂපාති විමර්ශනයක් කරන්නේ කොහොමද මේ අධිකාරිම තියා ගෙන .
ඉස්සර කොමිසම් පත් කරනකොට එකට විරුද්ධව බෙරිහන් දුන්නු යම දැන් කොමිසම් පත් කරනවා. මේ ආණ්ඩුවට හැම දේම බැක්ෆයර් වෙන්නේ මොකෝ? භූමරන්ගයක් වගේ ආපහු වදින්නේ මොකෝ? ඉස්සර කරපු පවු නිසාද? කුහක කම නිසා හැම දේම විවේචනය කර කර බාල්දි ඇදපු නිසාද?