තම සහෝදරයාගේ අවමගුල් උත්සවය වෙනුවෙන් පිළියන්දල දිසා රෝහලේ කාර්ය මණ්ඩලයේ වියදමින් සුබ සාධක සංගමය මගින් ප්‍රදර්ශනය කර තිබූ ශෝක බැනරයක් වෛද්‍ය අධිකාරිවරයා ඇතුළු පිරිසක් රැගෙන ගිය බව කියමින් විශ්‍රාමික උපස්ථායිකාවක් පැමිණිල්ලක් කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.
අවමගුලට පැමිණි අනෙකුත් වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලය ඔවුන්ගේ වියදමින් සවිකළ බැනරය නිවස අසල හා ඇතුළුවන මාර්ගය හරහා ප්‍රදර්ශනය කර තිබූ බවත් වෛද්‍ය අධිකාරිවරයා ඇතුළු පිරිස එය ඉවත් කරගෙන යාමෙන් තමන් බලවත් චිත්ත පීඩාවට පත්වූ බවත් මිය ගිය සිය සහෝදරයාට එයින් අවනම්බුවක් සිදුවූ බවත් පැමිණිල්ලේ සඳහන්ය.
මේ සම්බන්ධයෙන් අදාළ වෛද්‍ය අධිකාරිවරයාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේවා මාධ්‍යයට දීමට තරම් දෙයක් නොවන බවත් තමා නොකළ දෙයක් පිළිබඳව මාධ්‍යයට ප්‍රකාශ ලබානොදෙන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ගේ පව්ලේ කෙනෙකුගේ අවමගුලකට, තමුන්ගේ සේවා ස්ථානයෙන් ලබා දෙන ඔවුන්ගේ ශෝක ප්‍රකාශය ප්‍රසිද්දියේ තියෙන අතර, පළාත් වෛද්‍ය අදිකාරී පැමිණ එය ඉවත් කලොත්, ඔබට ඇතිවෙන හැඟීම කොපමණද මහත්තයෝ ? (නදී)
ෙවද මහත්තුරුන්ට සමාජ අද්‍යනය පිලිබඳ අවබෝදයක් දෙන්න ඕනේ. අවමගුලක් ඇති උණු ගෙදරක ඇතිවන් දුක්කිත පරිසරය මේය අයට අවබෝද කරලා දෙන්න ඕනේ.(නදී)