(නිමන්ති රණසිංහ සහ දිල්රුක්ෂි ග්‍රේරු)
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන්ත ධනසිංහ මහතා එම තනතුරින් ඉවත් කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි බන්ධනාගාර අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි.
පසුගිය වකවානුවේ සිදුවූ සිදුවීම් කිහිපයක් පාදක කරගෙන ධනසිංහ මහතා එම තනතුරින් ඉවත් කිරීමට යන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ධනසිංහ මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩුවන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තනතුරට පත් කරන්නේ කවුරුන්ද යන්න ගැන මෙතෙක් තීරණයක් ගෙන නැතැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා අධිකරණ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමාදවී හෝ ඉතාමත් කාලෝචිත හා නිවැරදි තීන්දුවක් ගැනීම පිලිබඳ අපගේ ප්‍රසාදය. කොමසාරිස් ජනරාල් පමණක් නොව බන්ධනාගාර තුල පවතින පාතාල / කුඩු ජාවාරම් පාලනය නොකර ඔවුන්ගෙන් යැපෙන සියලුම බන්ධනාගාර නිලධාරීන්ට එරෙහිව මෙම නියෝගය ක්‍රියාත්මක විය යුතුය.
ප්‍රමාද වී හෝ මෙම තීරණයට එලඹීම ගැන රටේ සියලුම ජනතාව වෙනුවෙන් ස්තුතිවන්ත වෙමි.