බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් හා නර්තනයෙන්, තිර රචනය හා පිටපත අධ්‍යක්ෂණය මහින්ද රාජපක්ෂ මහතා අතින් කරන අවස්ථාවේ දී රඟපෑම සඳහා කිහිප දෙනකු සම්බන්ධ කරගනිමින් විමල් වීරවංශ වැනි හාස්‍ය උත්පාදකයින් රැස් කරගනිමින් ‘හමුදාව දඩයම් කරන්නට ආණ්ඩුවේ අලුත් උත්සාහයක්‘ නමින් ඉතා ලස්සන සිනමාපටයක් නිෂ්පාදනය කිරීමට සැරසෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (21) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.
හමුදා නිලධරයකුගේ නඩුවකට ඇප මුදල් සඳහා මුදල් එකතු කරමින් බොරදියේ මාළු බෑමක් සිදුකරන බවද ඇමැතිවරයා කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම බයක්නේ පැරදුන මහින්දට තියෙන්නේ. (බ)
ඩිජිටල්.... නිකන් තප්පුලන්නේ නැතිව වැඩක් කරන්න (බ)
ඇයි එතකොට ඔබතුමා පාර්ලිමේන්තුවෙ කුණු හරුප කියන ඒවා ලිව්වෙ අගමැති තුමාද ජනාධිපති තුමාද වෙන කවුරුවත්ද? (බ)
බන්දුල නටනවා, මහින්ද ලියනවා, විමල් රඟනවා, හරීන් බනිනවා, අසරණ අපි අහනවා (බ)
වැඩියේ කතා ඕනේ නැහැ. ඡන්දයක් තියන්නකෝ අපි චිත්‍රපටිය පෙන්වන්න. (බ)
ඔය කට්ටියට පිරිසිදු දියේ ඉන්න බැහැ, පැවැත්මක් නැහැ ඒ නිසා ඒ ගොල්ලන්ගේ කාලෙත් වැඩ කලේ දිය හිතලම බොර කර ගනිමිනුයි.(අ)
ඔබතුමාත් හොඳට රඟපානවනේ. බලමු කාටද සම්මානේ හම්බවෙන්නේ කියලා. (අ)
හසල,ඔතන තමයි අපි වරද්දගත්ත තැන (අ)
ඔය කව්රු කව්රුත් නළුවන්තමයි .රගපාන ඒවා හොදටම පේනවා දෙන්න. ඡන්දයක් තියන්නකෝ අපි රඟපාල පෙන්නන්න (අ)
කට පමණයි වැඩ නැත .ඡන්දෙයක් තියන්නකෝ (අ)
තියන්න කෝ රඟපාන හැටි පෙන්නන්න (අ)
ඔබතුමල්ලා ගහන්නේ වැරදි පද.හරි පදය ගහන්න . එවිට ඔය නැටුම් සියල්ල අවසන්. (අ)
බොරු කයිවාරු ගහන්නේ නැතුව පසුගිය ඡන්දයේදී දුන් පොරොන්දු ඉටුකෙරුවොත් හොදයි නේද
මෙතන බැනල ප්‍රතිචාර දමන අයකිසිම චාරයක් නැති මඩේ හිටවපු ඉනි වගේ හැම අතටම වැනෙනවා නැත්නම් කැපුවත් මහින්ද වාදියෙක් වීඩියෝව බලල ප්‍රතිචාර දමන්න මධ්‍යස්තවිය යුතුයි ලංකාවේ හැමෝටම ඕන ක්ෂණික දියුණුවක් ඉවසීම ගෑවිලවත් නැහැ. හැමෝටම බන්නින්න ඇත්නම් වෙන වැඩක් නැහැ. ඊළඟ ඡන්දෙන් මහින්ද ආවත් අවුරුද්දෙන් මිනිහ ඉවරයි (අ)
තමන් අනුන්ගේ කුණු හොයනවා. චිත්තරයි පටියට ආපුවම බලන්න පුළුවන් මොකද වෙලා තියෙන්නේ කියල. රට බේරාගත් වීරයින් රැකීම ජනතා යුතුකමක්. ඔබත් සහභාගී වන්න.(අ)
අනේ මහත්තයෝ ඒයාල තිර රචනය කරල නටනවා කියමුකො. ඔබ තුමා නිකම්ම උඩ පනිනව නේ. ඔය උඩ පැනිල්ල කරන ගමන් ඡන්දයක් තියන්නකො කොහොමද කියල අඩව්ව බලා ගන්න. අපි ඔබ තුමලගෙ උඩ පැනිල්ලට පිලිතුරු දෙන්න උඩ පැන පැන බලා ගෙන ඉන්නෙ (අ)
විසිල් විතරයි බල්ටි නෑ (අ)
තිර රචනයක්, පිටපතක්, අධ්‍යක්‍ෂණයක් කිසිවක් නැතිව අයාලේ රඟන ඩිජිටල් ඇමතිතුමාගේ කතා ඊට දෙවැනි නෑ. රටේ සිද්ධ වෙනදේ අපට පේනවා. (අ)
අනේ මෙහෙම මෝඩ මිනිස්සු. මම මේ කියන්නේ ප්‍රතිචාර දක්වන අයෙ ගැන. ඔය හැමෝම තරංග කරන කොට එක්සත් ජාතික පක්ෂයට 40% ඇති මුළු රටම දිනන්න. හොරු සමග හෙළුවෙන් එදාට වලපල්ලේ (අ)
මේගොල්ලෝ ඒ දවස්වල හැදුව 'විදුලි පුටුව' කියලා චිත්‍රපටයකුත්. (අ)
මහින්දට. වුණ දෙයින්. කාටත් පාඩම්. ඉගෙන ගන්න පුළුවන්. කකුල් ගෙවෙනකම් ලංකාව වටේ පයින්ගියා දැන් හිගාකන්න පටන් අරන්. බොරුවට හිගකලා පෙන්වනවා ඇති පදමට. හොරකන් කරලා ඉන්නේ කට්ටිය. ඔය මුදල්. වලිනුත් මාටියා ගහන කට්ටිය සුනාමි මුදල් වලට. මොකද වුනේ. ඒ. ටිකම තමයි වෙන්නේ. (අ)
බන්දුල ගුණවර්ධන බොරදියේ මාළු බෑමට දක්ෂ වගේම විරවංශ වතුර බොර කර මාළු බෑමට අතී දක්ෂ බව අපි දනිමු. කව්රුත් මාළු බාන්නේ බඩ ගොස්තරය නිවා ගැනීමට බවද අපි දනිමු. අවුරුදු 68 ක් ඔය කාගේත් විකට" චිත්තරපටි" වලට විසිල් ගහලා අපිට දැන් එපා වෙලා තියෙන්නේ. වෙන රටක වහල් කමට නොගියොත් පීඩිත පංතියට ජිවිතයක් නොමැති තරමට අපේ රටේ දේශපාලකයන්ගේ දක්ෂතාවය පෙනෙන්නට ඇත. (අ)
බන්දුල නටනවා, මහින්ද ලියනවා, විමල් රඟනවා. රට ගැන හිතලා සෙල්ෆි ගහ ගහා ඉන්න වෙලාවක් නැහැ ඒ උදවියට (නි)
කවුරුත් බලයේ ඉන්නකම් අනිත් අයට හිනාවෙන්නේ ඔහොම තමයි. බලය නැති දවසට තමාටත් එහෙම තමයි.(අ)
නටන, ලියන, රඟන තුන්දෙනාම තමයි, පිනෝකියෝ චරිතයට පනදෙමින් එහි රූකඩයෝ හැටියට රඟපාන්නෙත් ! (අ)
මෙයාට නටන්නත් බැහැ.ලියන්නත් බැහැ.රගපාන්නත් බැහැ.කටින් බතල කොළ හිටවනවා. (අ)
ඔයගොල්ලෝ බලයට එන හැටි කතාකරන්නේ නැතුව, රටේ ප්‍රශ්න විසඳන හැටි කතාකරන්න. ඒකාබද්ධ විපක්ෂයටත් එක්කයි කියන්නේ (නි)
ඔය කරන්නකෝ සිනමා පටයක් "මැති සබේදී අම්ම මතක් වීම" කියල.(අ)
තවමත් මෙයාලට මහින්ද ගාව ගන්න නැතුව මුකුත්ම මාතෘකාවක් නැහැ . තවම හරියට බලුමක්වත් උඩ යවාගන්න බැරි වුණානේ (අ)
හොරු ටික බලයට ගෙන්න ඕනද ? (අ)
මානසික ආබාධ තියෙන අය විකාර කතා කරනවා (අ)
අයියෝ මෙයාද කියන්නේ (අ)
අනුරාධ වරද්ද නොගත්ත තැන කොතනද (අ)
ඔන්න චතුරි කරලියට බැහැලා. මම එ්ත් බැලුවා මෙයා මේ දවස් වල සද්දයක් නැත්තේ යහපාලන කට්ටියත් එක්ක ඇමෙරිකා ගියාද කියලා. චතුරි, අර ගූගල් බැලුම කොහොමද දැන්? (නි)
කවි මෙල්බන් වෙත, ඔයා මෙල්බන් කියලා කියන්න ඕනෑ නැහැනේ
බන්දුල නටනවා, මහින්ද ලියනවා, විමල් රඟනවා, ඔයාලා ගූගල් බැලුන් අරිනවා (නි)
නියම කතාව. මට නම් හිනාත් යනවා (නි)
බන්දුල නම් ඉතින් කළොත් ඔහොම වැඩක් තමයි (නි)
එදා ඒගොල්ලෝ හරියට කළා නම් අද මෙහෙම වෙන්නේ නැහැ. බලයට පෙරේත කවරුත් කරන්නේ රඟපෑම් තමයි. නමුත් ඔය කව්රු කව්රුත් එදා කොටින්ට බයේ ඉන්නකොට මරණය අතේ තියාගෙන ඉදිරියට ගියේ අද ඔය නොයෙකුත් චෝදනාවන්ට ලක්වෙන දඬුවම් විදින රණවිරුවන් තමා. කෙළෙහිගුණ නොදත්තවුන් ඔවුන් අමතක කළාට මේ රටේ නියම සිංහලයන් රණවිරුවන් අමතක කරන්නේ නැත. මේතරම් මහා ජනතාව රැවටු පාලනයක් තවත් නැත. (නි)
අරෙහේ ජනතාවට වතුර නැහැ. මුලින්ම ගිහිල්ලා ඒ ප්‍රශ්න විසඳලා ඉන්න (නි)
එයාල රගපානවා මෙයාලා රට කනවා .. (ම)
දැන් දැන් විකටයො ගණන වැඩිවෙනවා වගේ (නි)
ඇසළ, තිබ්බ ඡන්දෙ දෙකෙන් මොකක්ද වුණේ? කට තිබුණ පළියට දොඩවන්න එපා (නි)