IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බූන්දල අලියා බෙලිඅත්ත ඉස්කෝලෙ යයි

බූන්දල සිට සඳුදා තංගල්ලේ නෙටොල්පිටිය දක්වා පැමිණ සිටි වල් අලියා දැන් බෙලිඅත්ත මහා විද්‍යාලය පිටුපස සිටින බව වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඩබිල්ව.ඒ.ධර්මකීර්ති මහතා පවසයි. මේ අලියා බුන්දල ජාතික වනෝද්‍යානයේ සිට දැනට කිලෝ මීටර 50ට වැඩි දුරක් ජනාකීර්ණ පෙදෙස් පසුකරමින් පැමිණ ඇත. කිසිවෙකුටත් හානි කර නැති අලියා ගමන් කරන්නේ දශක කිහිපයකට පෙර අලි මංකඩවල් ලෙස පැවති මාර්ග ඔස්සේ බව ද වෛද්‍ය ධර්මකීර්ති පවසයි. අලියා නිර්වින්දනය කැර අල්ලා වනයට ගෙනගොස් දැමීමට සුදුසු වේලාවක් එනතුරු වනජීවී නිලධාරීන් අලියා පසුපස හඹායමින් සිටියි. 

 



අදහස් (0)

බූන්දල අලියා බෙලිඅත්ත ඉස්කෝලෙ යයි

දිනිදු Tuesday, 03 June 2014 11:56 AM

අනේ අපේ ඉස්කෝලේ කඩලා දාන්න එපා අලියෝ ...........(නදී)

:       0       0

ඇන්ඩෝ Tuesday, 03 June 2014 12:19 PM

මම වටරැකගේ අදහස 100%ක් අනුමත කරමි. ඔය වගේ ගම්මාන විශාල ප්‍රමාණයක් තියෙනවා. යම් තැනකින් පටන් අරගෙන ක්‍රමයෙන් ඉවත් කරන්න පුලුවන් නම් හොඳයි. නැත්නම් මේ යන විදියට වනාන්තර මොකවත් ඉතුරු වෙන්නේ නැහැ. (ස)

:       0       0

කුමාර Tuesday, 03 June 2014 01:24 PM

මේ අලියා ගුරුවරුන්ට උගන්වන්න එනවද දන්නේ නෑ (නදී)

:       0       0

සේන Tuesday, 03 June 2014 02:12 PM

අලින්ගේ නිජභූමි ජනතාව අයිති කරගෙන. ඉතින් උන් කොහේ යන්නද? (නි)

:       0       0

දිලුපා Tuesday, 03 June 2014 09:19 AM

මිනිස්සුයි සතුන්ට හිරිහැර කරන්නේ. සතුන් ඉන්නේ උන්ගේ පාඩුවේ. බොහෝ මිනිස්සු තිරිසන් වෙලා. ලබන ආත්මෙට දැන්මම සුදානම් වෙනවා. (නදී)

:       0       0

ලුම්බිණි Tuesday, 03 June 2014 09:23 AM

මේ සතාට කරදරයක් නොවේව කියලයි මගේ පැතුම. මොකද අද කාලේ වන සතෙකුට වත් නිදහසේ ඉන්න තිබෙන ඉඩ කඩ අඩුයි. (නදී)

:       0       0

මානගේ Tuesday, 03 June 2014 04:30 PM

පවු අසරණ සතුන්! (නි)

:       0       0

මහේෂ් Tuesday, 03 June 2014 04:30 PM

තංගල්ලෙ සෙල්ලම් පිස්තෝල කට්ටියට කිව්වා නම් ආපහු යවයි. (නි)

:       0       0

කුමාරි Tuesday, 03 June 2014 10:59 AM

ඔන්න ඔහේ පාසලේ පන්තියකට ඇතුල් කරල, අපි අලියට උගන්වමු මිනිසුන්ට හිරිහැරයක් නොවෙන විදියට අපට ඕන විදියට ජිවත් වෙන හැටි. මොකද සතුන්ට,පරිසරයට වින කරන්න එපා කීවට මිනිස්සු අහන නැති එකේ බලමු අලියටවත් එක උගන්වල. (ස)

:       0       0

වටරැක Tuesday, 03 June 2014 11:15 AM

කැලෑ ප්‍රදේශ වල තියෙන ගම්මාන නගර ආශ්‍රිතව නැවත ස්තාපිත කරමු. බුන්දල කියන්නෙත් එවැනි ගම්මානයක්. ඒවායින් ජනතාව මාතර පැත්තට හෝ හම්බන්තොට නව නගරයට ගෙනියමු.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site