බූන්දල සිට සඳුදා තංගල්ලේ නෙටොල්පිටිය දක්වා පැමිණ සිටි වල් අලියා දැන් බෙලිඅත්ත මහා විද්‍යාලය පිටුපස සිටින බව වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඩබිල්ව.ඒ.ධර්මකීර්ති මහතා පවසයි. මේ අලියා බුන්දල ජාතික වනෝද්‍යානයේ සිට දැනට කිලෝ මීටර 50ට වැඩි දුරක් ජනාකීර්ණ පෙදෙස් පසුකරමින් පැමිණ ඇත. කිසිවෙකුටත් හානි කර නැති අලියා ගමන් කරන්නේ දශක කිහිපයකට පෙර අලි මංකඩවල් ලෙස පැවති මාර්ග ඔස්සේ බව ද වෛද්‍ය ධර්මකීර්ති පවසයි. අලියා නිර්වින්දනය කැර අල්ලා වනයට ගෙනගොස් දැමීමට සුදුසු වේලාවක් එනතුරු වනජීවී නිලධාරීන් අලියා පසුපස හඹායමින් සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ ඉස්කෝලේ කඩලා දාන්න එපා අලියෝ ...........(නදී)
මම වටරැකගේ අදහස 100%ක් අනුමත කරමි. ඔය වගේ ගම්මාන විශාල ප්‍රමාණයක් තියෙනවා. යම් තැනකින් පටන් අරගෙන ක්‍රමයෙන් ඉවත් කරන්න පුලුවන් නම් හොඳයි. නැත්නම් මේ යන විදියට වනාන්තර මොකවත් ඉතුරු වෙන්නේ නැහැ. (ස)
මේ අලියා ගුරුවරුන්ට උගන්වන්න එනවද දන්නේ නෑ (නදී)
අලින්ගේ නිජභූමි ජනතාව අයිති කරගෙන. ඉතින් උන් කොහේ යන්නද? (නි)
මිනිස්සුයි සතුන්ට හිරිහැර කරන්නේ. සතුන් ඉන්නේ උන්ගේ පාඩුවේ. බොහෝ මිනිස්සු තිරිසන් වෙලා. ලබන ආත්මෙට දැන්මම සුදානම් වෙනවා. (නදී)
මේ සතාට කරදරයක් නොවේව කියලයි මගේ පැතුම. මොකද අද කාලේ වන සතෙකුට වත් නිදහසේ ඉන්න තිබෙන ඉඩ කඩ අඩුයි. (නදී)
පවු අසරණ සතුන්! (නි)
තංගල්ලෙ සෙල්ලම් පිස්තෝල කට්ටියට කිව්වා නම් ආපහු යවයි. (නි)
ඔන්න ඔහේ පාසලේ පන්තියකට ඇතුල් කරල, අපි අලියට උගන්වමු මිනිසුන්ට හිරිහැරයක් නොවෙන විදියට අපට ඕන විදියට ජිවත් වෙන හැටි. මොකද සතුන්ට,පරිසරයට වින කරන්න එපා කීවට මිනිස්සු අහන නැති එකේ බලමු අලියටවත් එක උගන්වල. (ස)
කැලෑ ප්‍රදේශ වල තියෙන ගම්මාන නගර ආශ්‍රිතව නැවත ස්තාපිත කරමු. බුන්දල කියන්නෙත් එවැනි ගම්මානයක්. ඒවායින් ජනතාව මාතර පැත්තට හෝ හම්බන්තොට නව නගරයට ගෙනියමු.(නදී)