සන්ධානයේ ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීම සඳහා හෝමාගම පැවති රැස්වීමකට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නොපැමිණීම කනගාටුවට කරුණක් බව අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා කීවේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ
‘‘හෝමාගම ආසනයේ දේශපාලන තත්ත්වය ගැන රජය නිරන්තරයෙන් ඇහැ ගහගෙන ඉන්නේ. ආසනයේ කැබිනට් ඇමති කෙනෙක් ඉන්නවා ජ්‍යෙෂ්ඨතම පළාත් සභා මන්ත්‍රී කෙනෙක් ඉන්නවා.පක්ෂ දෙන උපදෙස් අනුව මේ අය කටයුතු කළ යුතුයි. යමක් සිද්ධවුණාට පස්සේ එහෙම වුණා කියන එක නෙමෙයි අපි එහෙම නොවෙන්න සැලසුම් කළ යුතුයි.
අද බන්දුල ගුණවර්ධන ඇමතිතුමා මෙතනට ඇවිත් නැහැ. මම ඒ ගැන කනගාටුවෙනවා. මම කතා කළා එතුමා සාකච්ඡාවකට ලෑස්ති වෙනවා කිව්වා. මම කිව්වා සාකච්ඡාව නෙමෙයි මේකයි වැදගත් ඒක කල් දාලා මේකට එන්න කියා. එතුමා විනාඩි 5 කින් කියනවා දැන් සාකච්ඡාව පටන් ගත්තා එන්න වෙන්නේ නැහැ කියා.
පක්ෂයේ ප්‍රශ්න තියෙනවා, සංවිධායකයන් අතර ප්‍රශ්න තියෙනවා ඒ කිහිප දෙනෙක්ගේ ගැටුම් නිසා මේ මැතිවරණයක් තියෙන වෙලාවේ ජනාධිපතිට සහයෝගයක් නොලැබුණොත් ඒක ශෝචනීයයි‘‘.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙම්බෙක් ද දන්නේ නැහැ. (නදී)
යම්දෝ නොයම්දෝ කියලා සිතුනි මට .....(ස)
එන පොට හොඳ නැති බව ඉවෙන් දැනෙනවනේ!! (ස)
බන්දුල තුමා කියන්නේ උගතෙක් එතුමාට උපාධියකුත් තිබෙනවා එතුමාට වැටහෙන්න ඇති එතුමා අවොත් තිබෙන ඡන්ද ටිකත් නැතිවෙන බව ,එහෙම නැත්නම් එතුමා හෙට අනිද්දා විපක්ෂෙට පන්නින හිතන් ඉන්නවද දන්නේ නැහැ , කොහොම නමුත් මේ සිද්ධියට ප්‍රචාරයක් දීල ජෝන් වැඩේ ජෝන් බාස්ට යවල (ස).
මම මේ ගණන් හදනවා....අන්දරේ තාම නෑ.... මිස්ටෝර් අන්ද්‍ර්ව් ඉන්නවා. (ස)
කාලයක් පලු යන්න බැනපු උදවිය, පහල වුන අංක එකේ අධ්‍යාපන අැමති බන්දුල මහත්තයා කියලා අදහස් දාන කකුල් අල්ලලා වදින කාලයක් ඒ්වීද? (දී)
ඒක ඉතින් ඇමතුතිමාගේ කැමැත්තනේ! (නි)
ඔබතුමාගේ ෆයිල් නැද්ද (දී)
ගණන් ගන්න එපා හෝදගෙන යනවා (නදී)
ඉතින් බන්දුල ඇමති තුමා ට කලින් යොදා ගත් වැඩේ දාල එන්න බැරිව ඇති. අනෙක රැස්වීම් වල කාලය ගත කරනවාට වැඩිය වෙනත් වැදගත් වැඩ ඇති. (නදී)
මෙතනදී අඩුවෙලා තියෙන්නේ එක කථිකයෙක් පමණයිනේ. තව ඉදිරියට කථිකයින් සහ ප්‍රේක්ෂකයින් දෙකොට්ඨාශයම අඩුවෙලා රැස්වීමට වේදිකාවයි, සැරසිලි, බැනර් ටිකයි, ආරක්ෂාවට ආ පොලිසියේ කට්ටියයි විතරක් වෙන දවස වැඩි ඈතක නොවේ. (නි)
එතුමා කොහේ ගිහිල්ලද? (නි)
අපිට නම් ආරංචි වුණේ වෙන දෙයක්.අනේ මන්දා මේවා නම්... (නි)
තව ටික දවසකින් විපක්ෂයේ වේදිකාවේත් පෙනීසිටීද දන්නෙ නැහැ මෙහෙම බලද්දී. දැන් සිද්ධවෙන දේවල් දෙස බලද්දී එහෙම වුණත් පුදුම නැහැ අපිට (නි)
මෙතුමාට මොකක්ද දන්නෙ නැහැ තිබුණු මෙච්චර වැදගත් සාකච්ඡාව? (නි)
අනේ මන්දා මේ ආසනයට මොනවාද වෙන්නේ කියල. 88-89 කාලයේ ටී56 රජ කරා. දැන් ඉතින් ආර්ථික විද්‍යාව වෙන්න ඇති රජ කරන්නේ. මෙයාල නම් එහෙට මෙහෙට පනින ගමන් එයාලගේ ආර්ථිකය බේරගනීවි. අපිට තමයි උඩ බලන් හුලන් බොන්න වෙන්නේ මොකා ආවත්. (නදී)
තමන්ගේ ජානවල ශ්‍රී.ල.නි.ප. ය තබාගන උපන් සහ මුල සිටම පක්ෂය වෙනුවෙන් දස වද වින්ද අයට වඩා "පිටින් ආපු" අය පක්ෂ නායකත්වයට ලොකු වුනා. දැන් ඒකෙ විපාක විඳින්න වෙලා. (නදී)
ඇත්ත තමයි. එතුමාට යන්න තිබුණා (නි)
සෝචනීයයි කියන්නේ කියල වැඩක් නැහැ. හැබැයි ජනවාරි 8 වෙනිදායින් පස්සේ මේ ලෝකේ වැඩියෙන්ම සතුටු වෙන්නේ අපි. මොකද යහ පාලනයේ පළමු වෙඩි මුරය පත්තු වෙන්නේ එදාට නිසා (නදී)
ඒ වෙනුවට අර චන්ඩි නෝනව ගෙන්න ගත්තා නම් ඉවරයි. මිනිස්සු බයටම ඡන්දෙ දේවි. (නදී)
සාමාන්යෙන් ඔහුගේ ආසනයට එන්න ඉස්සෙල්ලා කතාකරගෙන ආවනම් නේද හොඳ? (ර)
තව දතත්ක්ද දන්නේ නැ.? (ර)
එතුමා ලංකාවේ නැහැ කිව්වේ.? (ර)
එතුමා නිවාඩුවකට පිටරට ගියයි කියලා තමයි කියන්නේ.(නදී)
මෙතුමාට විභාග ටික හරියට පිළිවෙලට තියාගන්න බැරි වෙලාත් මේ සඳුනි කියන කෙනා දක්ෂකම මනින්නේ පුදුම විදියට. (නදී)
අපොයි ඔව් සඳුනි සමහර තාත්තලා විභාග කටයුතු වලටත් පුතාලා රිය පදවන්නත් හරිම දක්ෂයි. (නදී)
සඳුනි නෝනා දක්ෂකම් ගැන කියන්නේ මෙතුමා රුපියල් දෙදාස්පන්සියෙන් ජීවත්වෙන ක්‍රමය සොයාගත් නිසා වෙන්න ඇති. (නි)
අනේ මන්දා මේවා! (නි)
ඔබතුමාත් පිලිගන්නවා එහෙනම් ප්‍රශ්න තියෙන බව. ඒත් මනුස්සයෙකුට ඇත්ත යුක්තියට කවදා හරි මුහුණ දෙන්න වෙනවා. මේක බුද්ධාගම පවතින රට. (ර)
බන්දුල ගුණවර්ධන ඇමතිතුමා කියන්නේ ආර්ටික විද්‍යාව හොඳට දන්නා කෙනෙක්. (ර)
බන්දුල ඇමතිතුමා දක්ෂයෙක්. හොරෙකුත් නෙමෙයි. ඒ වගේම සම්ප්‍රදායික ශ්‍රීලනිප ඇමතිවරුන්ට වඩා වැඩ කිරීමේ අවස්ථාවත් ලැබුනා. තව මොන ගැටළුද අප්පා. (නදී)
එයත් පනීවිද ? (නදී)
අන්තිම මීටින් එකේදී ආප්ප කන්න දුන්නේ නැහැ කියල ඔබතුමාට හොඳටම විශ්වාසද ? (බ)
ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් මහ ජනතාවට දකින්න පුළුවන් වේවි. (ර)
එයත් යන්නද දන්නේ නෑ සූදානම(දිල්)
ඒක නොවෙයි, කෝ මේ උසස් අධ්‍යාපන ඇමතිතුමා? (දී)
පනිනවන් අනේ දැන් ඉතින් යන තැනකට පනිමු රත්තරන් (බ)
සාකච්ඡාව විපක්ෂෙත් එක්කද දන්නේ නැහැ...(බ)
එයා පනින්නේ නැහැ. මේ වෙලාවේ කේවල් කරලා ආසනය ඇතුලේ තියෙන ප්‍රශ්න විසඳගන්න හදන්නේ. (දී)
පොඩ්ඩක්වත් විස්වාස කරන්න එපා (දී)
ඔබතුමා මොකද මේ රැස්වීම් මග හරින්නේ (දී)
මටනම් මෙතුමා ගැන විශ්වාස නැහැ (දී)
ආවත් ගණන් නම් එපා
මෙතුමා පැන්නා කියලා වැඩක් නැහැ. (දී)
අපිට නම් ආරංචියි බන්දුල ගුණවර්ධන මහතා පනින්නට පෙර සිතා බලනවා කියල. (බ)
ඔය රැස්වීම තියන වෙලාවේම හෝමාගම ශ්‍රීලංකා නිදහස් පක්ෂ කාර්යාලේ තිබුණා ගෝඨාභය රාජපක්ෂ ආව රැස්වීමක් බන්දුල හිටියේ එතන. (බ)
අරය ඇමක් දාලා වගෙයි (බ)
එතුමාගේ ආසනය නොවැ (දී)
තමන්ගේ වාසියට පිල් මාරුකරන කිසිම ප්‍රතිපත්තියක් නැති, දිව හැරෙන හැරෙන අතට කතාකරන කිසිවෙකුව විපක්ෂයට ගන්න හොඳ නැහැ. එහෙම අයව ගත්තොත් විපක්ෂයට තියෙන ජනතා ආකර්ෂණය නැතිවෙනවා. (බ)
සමීර, බොරු කියන්න එපා (නි)
කසුන්, අපි එතුමාව විපක්ෂයට ගන්නවාමයි. (නි)
ඔබතුමාට මොනවා කලත් යන්න තිබ්බා.... ඔබතුමාගේ ආසනේ නේද (දී)
මොකාක් හරි වැදගත් වැඩක් තියෙන්න ඇති (දී)
මේ වතාවේදී නම් හැමදේම හොදට සිදු වෙනවා වගේ (දිල්)
එතුම රුපියල් 2500 න් ජීවත් වෙන හැටි හිතනවා (බ)
අලුත් මුණු අලුත් මාවත් අපට තියෙනවා. අපි හැමදාම ඉන්නේ නෑ. ඉන්න ටිකේ ඉන්නේ හොඳ වැඩ කරන කෙනෙක් වෙන්න ඕනේ ඒ කෙනාව ළඟදීම ගේනවා බන්දුල මහත්තයත් එකට හවුල් වෙයි' නැත්නම් අපරාදේ (දිල්)
බන්දුල ගුණවර්ධන ඇමතිතුමා පරණ තැනට එන්න හදන්නේ එතුමා දේශපාලනයට පැමිණියේ එක්සත් ජාතික පක්ෂයෙන් දෙසැම්බර 8 වැනිදායින් පස්සේ තවත් අය එන්නයි ඉන්නේ (දිල්)
හෝමාගම ඡන්දෙ පොදු අපේක්ෂකට තමයි (දිල්)
එතුමා සටන බලනවා ඇති (නදී)
අනිත් පැත්තට යන අක ගැන සකච්ඡාවක්ද?(නදී)
මොන ඇමතිලා උනත් නමට ඇමතිලා. මොකටද අප්පා එහෙම ඇමතිකම්? (නදී)
සටනක් නැතිවම සටන ජයග්‍රහණය කරයි වගේ.(නදී)
එලි වෙන ජාමෙට හොද හොද සෙල්ලම් කියල කිව්වේ නිකම් නෙමෙයි.(නදී)
මොකද මේ ජෝන් අයිය අඬන්නේ...බන්දුල ලොක්ක පැදුරටත් නොකිය පනින්න හදන්නේ...තේරෙන්නේ නැද්ද..?(නදී)
බන්දුල ගුනවර්දන ගැන පොඩි පොඩි කටකතා වගයක් යනවා නේ , බලමු එතුමා රට ගැන තීරණයක් ගනී වත් ද ?(නදී)
දැන් හැමෝම ඉන්නේ වැට උඩ. රට කොට උඩ (නදී)
පැන්නෝ !(නදී)
ඉතින් මෙයා මොකද ඒ තිබෙනවයි කියන අභ්‍යන්තර ගැන හයියෙන් කියවන්නේ. අභ්‍යන්තර ගැටුමකුත් තියෙනවද බන්දුල ඇමැතිත් එක්ක? (නදී)
ඉදිරියේදී වෙන දේ බලමු. හෙට මෙහාට පනින කට්ටිය බලාගන්න පුළුවන් ඉදිරි සති දෙකේ. (නදී)
දැන් ඉතින් ලාහෙට ගෙම්බෝ ඇහිදිනවා වගේ ඇැහිදින්න වෙන්නේ (නදී)
එන පොට හරි නැහැ වගේ (නදී)
කෝකටත් හෝමාගමට නව සංවිධායකයෙක් සොයල තියා ගන්න එක සුභයි වගේ. (ර)