මහනුවර හතරලියද්දේ අනවසරයෙන් මුදලට බින්දු චිත්‍රපටය පෙන්වමින් සිටි ස්ථානයක් හතරලියද්ද පොලීසිය විසින් වැටලිණි.
මෙම අනවසර සිනමාහල පොලීසිය වටලන අවස්ථාවේ කිසිදු අවසරයකින් තොරව සෝමරත්න දිසානායක මහතාගේ බින්දු චිත්‍රපටය ප්‍රදර්ශනය කරමින් තිබූ බවත් ඒ සඳහා යොදා ගත් ප්‍රොජෙක්ටරය ඩීවීඩී යන්ත්‍රය ශබ්ද විකාශන යන්ත්‍ර ඇතුළු උපකරණ රුපියල් සියය ගණනේ අලෙවි කිරමින් තිබූ ටිකට්පත් තොගයක්ද සමග සැකකරුවකුද අත් අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ දේපල සොරාකෑම වැනි දෙයක්. උපරිම දඬුවම් දිය යුතුය (නි)
ගාමිණි-සිරි, මේකේ ප්‍රශ්නය තියෙන්නේ ළමයින්ට නෙමෙයි. සිනමාකාරයටයි. සෝමරත්න බාලසුරිය මහත්තයාගේ බුද්ධිමය දේපල හොරකම් කිරීමයි. වැඩේ බරපතලයි. (නි)
මෙච්චර හොර වැඩ කරන රටේ පොලිසියේ අයට වැඩ නැතුවද දන්නේ නැහැ මේ වගේ ෆිල්ම් එකක් බලපු එක ඇල්ලුවේ? (නි)
අන්තර්ජාලයේ සිංහල චිත්‍රපටි දහස් ගානක් තිබෙනවා. ඕනෑම කෙනෙකුට ඒවා නොමිලේම බලන්න පුළුවන්. නමුත් ඒවා බලන්න පුළුවන් අන්තර්ජාල පහසුකම් ලබාගන්න තරම් ආදායමක් තියෙන අයට. අර අහිංසක ගම්වැසියෝ රුපියල් සීයක් දීලා බැලුවහම මොකද වෙන්නේ. (නි)
බින්දුට , බින්දුවද ? (නි)
සිනමාහල් ඇරෙන එක හොඳයිනේ. මේක ලියාපදිංචි කරලා නීත්‍යානුකුලව චිත්‍රපට පෙන්නන්න දෙන්න ඕනෑ. (නි)
රත්නපුරේට ඇවිත් බලන්න...හොරට චිත්‍රපටි විකුණන වීඩියෝ කඩ කීයක් තියෙනවද කියලා. ඒවායේ අසභ්‍ය සී.ඩී වැහි වහලා. පොලිස් උපාය දුතයෙක් යොදා බලන්න.(නදී)
තුම්පනේ ළමයින් කොලු කමට නරඹපු චිත්‍ර පටියක්නේ.. නිල් එකක් නොවන නිසා ගණන් ගන්න එපා ... රාළහාමි.. (නදී)
හතරලියැද්ද කියන්නේ තුම්පනේට මෙයා ගමේ නම තියන වැඩක් තමයි කරලා තියෙන්නේ. (නදී)
හතරලියද්ද, ගලගෙදෙර ප්‍රදේශවල සිනමාහල් නැති අඩුව තමා ඔය. සිනමාහල් තිබුනානම් ඔය මඩුවලට රිංගලා මිනිස්සු ෆිල්ම්ස් බලන්න යන්නේ නැහැනේ. (නදී)