IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘බින්දු‘ පොලිසියේ

මහනුවර හතරලියද්දේ අනවසරයෙන් මුදලට බින්දු චිත්‍රපටය පෙන්වමින් සිටි ස්ථානයක් හතරලියද්ද පොලීසිය විසින් වැටලිණි.

මෙම අනවසර සිනමාහල පොලීසිය වටලන අවස්ථාවේ කිසිදු අවසරයකින් තොරව සෝමරත්න දිසානායක මහතාගේ බින්දු චිත්‍රපටය ප්‍රදර්ශනය කරමින් තිබූ බවත් ඒ සඳහා යොදා ගත් ප්‍රොජෙක්ටරය ඩීවීඩී යන්ත්‍රය ශබ්ද විකාශන යන්ත්‍ර ඇතුළු උපකරණ  රුපියල් සියය ගණනේ අලෙවි කිරමින් තිබූ ටිකට්පත් තොගයක්ද සමග සැකකරුවකුද අත් අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.



අදහස් (0)

‘බින්දු‘ පොලිසියේ

සේරම් Monday, 30 September 2013 11:10 PM

අනුන්ගේ දේපල සොරාකෑම වැනි දෙයක්. උපරිම දඬුවම් දිය යුතුය (නි)

:       0       0

උපාලි Tuesday, 01 October 2013 01:52 AM

ගාමිණි-සිරි, මේකේ ප්‍රශ්නය තියෙන්නේ ළමයින්ට නෙමෙයි. සිනමාකාරයටයි. සෝමරත්න බාලසුරිය මහත්තයාගේ බුද්ධිමය දේපල හොරකම් කිරීමයි. වැඩේ බරපතලයි. (නි)

:       0       0

මට්ට Tuesday, 01 October 2013 03:20 AM

මෙච්චර හොර වැඩ කරන රටේ පොලිසියේ අයට වැඩ නැතුවද දන්නේ නැහැ මේ වගේ ෆිල්ම් එකක් බලපු එක ඇල්ලුවේ? (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 01 October 2013 06:13 AM

අන්තර්ජාලයේ සිංහල චිත්‍රපටි දහස් ගානක් තිබෙනවා. ඕනෑම කෙනෙකුට ඒවා නොමිලේම බලන්න පුළුවන්. නමුත් ඒවා බලන්න පුළුවන් අන්තර්ජාල පහසුකම් ලබාගන්න තරම් ආදායමක් තියෙන අයට. අර අහිංසක ගම්වැසියෝ රුපියල් සීයක් දීලා බැලුවහම මොකද වෙන්නේ. (නි)

:       0       0

පුබුදු Monday, 30 September 2013 06:23 PM

බින්දුට , බින්දුවද ? (නි)

:       0       0

කුමාරිහාමි Tuesday, 01 October 2013 08:49 AM

සිනමාහල් ඇරෙන එක හොඳයිනේ. මේක ලියාපදිංචි කරලා නීත්‍යානුකුලව චිත්‍රපට පෙන්නන්න දෙන්න ඕනෑ. (නි)

:       0       0

සාදි Monday, 30 September 2013 07:04 PM

රත්නපුරේට ඇවිත් බලන්න...හොරට චිත්‍රපටි විකුණන වීඩියෝ කඩ කීයක් තියෙනවද කියලා. ඒවායේ අසභ්‍ය සී.ඩී වැහි වහලා. පොලිස් උපාය දුතයෙක් යොදා බලන්න.(නදී)

:       0       0

ගාමිණී - සිරි Monday, 30 September 2013 07:26 PM

තුම්පනේ ළමයින් කොලු කමට නරඹපු චිත්‍ර පටියක්නේ.. නිල් එකක් නොවන නිසා ගණන් ගන්න එපා ... රාළහාමි.. (නදී)

:       0       0

චන්ද්‍රරත්න Monday, 30 September 2013 07:45 PM

හතරලියැද්ද කියන්නේ තුම්පනේට මෙයා ගමේ නම තියන වැඩක් තමයි කරලා තියෙන්නේ. (නදී)

:       0       0

සමන් Monday, 30 September 2013 08:41 PM

හතරලියද්ද, ගලගෙදෙර ප්‍රදේශවල සිනමාහල් නැති අඩුව තමා ඔය. සිනමාහල් තිබුනානම් ඔය මඩුවලට රිංගලා මිනිස්සු ෆිල්ම්ස් බලන්න යන්නේ නැහැනේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 591 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site