නාවලගේ බෙනට් කුරේ මහතා ඉතාලියේ නව තානාපති වශයෙන් පත් කරමින් ශ්‍රී ලංකාව කළ දැනුම්දීම ඉතාලි ජනාධිපති ජොර්ජෝ නපොලිතානෝ බ්‍රහස්පතින්දා අනුමැතිය දුන් බව ඉතාලි රජය කියයි.
මේ බව ඉතාලි විදේශ අමාත්‍යංශය ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයට දන්වා ඇත.
පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වන කුරේ මහතා ඉතාලි තානාපති ලෙස පත්ව යනුයේ අසිත පෙරේරා මහතාගෙන් පුරප්පාඩු වූ තනතුර සඳහායි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තානාපති සේවය ගැන දැනුමක් , පලපුරුදක් නැති , දේශපාලකයන් තානාපතිවරුන් වශයෙන් පත්කර එවීමෙන් රජයට සහ රටට වන හානිය පිලිබඳ නොසිතනේ ඇයි?? (අ)
මේ කියන තානාපතිට හරිහමන් පාසැල් අධ්‍යාපනයක්වත් නෑ. මෙවැනි අය තානාපතිල විදියට පත් කිරීමෙන් හෑල්ලු වෙන්නෙ ලංකාවෙ නම. (අ)
දේශපාලකයින් නොවන උගත් වැදගත් රාජ්‍ය තාන්ත්‍රිකයින් ලංකාවේ ඇත්තෙම නැත්ද ?(නදී)
අනේ තිලක් මෝඩයෝ කට තියෙන පලියට කියවන්න එපා තමුසේ දන්නවද කුරේ කියන්නේ කොලොන්නාව ආසනයේ හිටිය නියම මිනිහෙක්.(නදී)
රටක තනාපතිකමක් දෙන්න ඕන රටට වැඩ කල රටට ගෞරවයක් දෙන චරීත වත් අයට මිසක් ගිය ගිය තැන කන අයට නොවෙයි. මේ වගේ අයත් අද තානාපති සේවයට පත්කර තිබෙනවා. සමහර දෙනෙකුට හරියට ඉංගිරිසි බස හසුරු වන්න බැහැ. මේ අයද අපේ රට නියෝජනය කරන්නේ කියලා හිතෙන කොට මාගේ දේශය පාලු කරන, කරපු අයට තමයි වැඩිපුර දැන් පත්වීම් දෙන්නේ. අනේ අපට වෙචච දෙයක්.(නදී)
එකක් වෙනවා දැන් බැන්නත් ගැහුවත් නොතේරෙන ගානට ඉන්න කෙනෙක් මේ තානාපති වෙලා යන්නේ. හැබයි උද්ගෝෂණ කලාට වැඩක් වෙන්නේ නැහැ. නිකම් අතින් කන වැඩක්. මොකද මෙයා හරිම සීතලයි.(නදී)
කව්ද මේ බෙනට් කුරේ? (නි)
නුසුදුසු දේශපාලු පත්වීම් නිසා අපේ විදේශ තානාපති සේවය බල්ලට ගිහිල්ල තියෙන්නේ. හැම රැකියවකටම සුදුසුකම් බලනවා. ඒත් මෙවැනි වැදගත් උසස් තනතුරු වලට කිසිම සුදුසුකමක් නැති, දේශපාලුවන්ට කඩේ ගිය, ඡන්ද වලට වියදම් කරපු කිසිම හැකියාවක් නැති අයයි, දේශපාලුවන්ගේ නෑදෑ හත්මුතු පරම්පරාවයි පත්කරනවා. ඒ අය අරක කලා මේක කලා කියලා මාධ්‍ය වලට මොනවහරි දාගෙන බොරුවක් කරලා ජනපතිවත් ගොනාට අන්දලා රටත්, රටේ නම්බුවත්, දුප්පත් මිනිස්සුන්ගේ බදු මුදලුත් උලා කනවා. අපි අනෙකුත් රටවල් වලට බැනල වැඩක් නැහැ. ගොන්නු පත්කලහම ගොන්කම් මිසක් වෙන මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේවට අපේ විදේශ අමාත්‍යංශයේ නිලධාරිනුත් වග කියන්න ඕනේ. ඒ අයගේ එකමුතුකමක් නැතිකම සහ උනන්දුවෙන් තමන්ට නියමිත රාජකාරිය නිසිලෙස ඉටු නොකිරීම දේශපාලන හොරුටික ප්‍රයෝජන ගන්නවා. හොඳට දන්නා නිසයි කියන්නේ. ලන්ඩන් වලත් බොරුවට පුම්බල තියෙන්නේ. උඩින් ඔපේ. යටින් මල ජරාව. සත්‍යයේ සටහන බුද්ධියෙන් විමසන අයට.(නදී)
මොනවද එතුමාගේ සුදුසුකම්? අපිටත් දැනගන්න ආසයි (දී)
කොලොන්නාව හිටපු ශ්‍රීලංකා නිදහස් පක්ෂ ආසන සංවීදායක හිටපු නියෝජ්‍ය අමාත්‍ය අහිංසක මිනිහා දුමින්දට කොලොන්නාව දීල ගිය මිනිහා , හොරකන් නොකරන මිනිහෙක්.(නදී)
මෙතුමා අවුරුදු තුනක් පිලිපීනයේ ඉන්නවා කියල අපි අහලවත් නැහැ. චන්දෙන් පැරදුන අය තානාපතිල කරන්නේ මොකෝ? (අ)
කුරේ මහත්තයාගේ කෙරුම් ඉතාලියේ කරලා බලමුකෝ. අපිත් ඉතාලි ඉන්න සුපර් බඩු?(නදී)
දේශපාලන පත්කිරීම් බොහොමයකින්ම සිදුවී ඇත්තේ තානාපති සේවය අපකීර්තියට පත්වීම.එයට හොදම නිදසුන අසිත පෙරේරා මහතා . ඔහු කොරියාවේ තානාපතිව සිටි කාලයේ සිදුකල අක්‍රමිකතා එමටය. මොවුන් ජනතා මුදල් වලින් ලක්ෂ ගණන් වැටුප් ලබමින් තමන්ගේ මඩිය තරකරගන්නවා වගේම වටේ සිටින්නන්ට උලා කෑමට ඉඩ සලසනවා මිස රටට හෝ විදෙස්ගත ශ්‍රමිකයන්ට කරන සෙතක් නැත.(අ)
බෙනට් කූරේ ගැන දැනගන්න කොලොන්නාවට එන්න. හොද මිනිහා ඉතාලියට නම් ගැලපෙන්නේ නෑ.(නදී)
මම ඔබගේ පත්වීමට 'සුබ නොපතමි'. අරාබිකරයේ රාජ්‍යයන් කීපයක් තම හිතවතුන් නෑදෑයන් තානාපතිවරුන් ලෙස පත් කලාට අනිත් රටවල් නම් කරන්නේ එම තනතුරට විදේශ සේවා වෘර්තිකයෙක් හෝ ප්‍රාචීන දැනුමක් යම් විෂයකින් හෝ ඇති කෙනෙක්ව පත් කිරීමයි. රෝමයේ සිටින විවිධ රටවල් වලින් පැමිණ සිටින උගත් පුද්ගලයන් සමග ඔබ පැහීමක් නැති වුනොත් එහි අගෟව්රවය අත් වන්නේ අපේම රටටය. උදාහරණයක් වශයෙන් එංගලන්තයේ අපේ මහ කොමිසුරු දොස්තර මහතා විද්වත් මඩුලු සොයා ගොස් ඔවුන්ගේ ලංකාව පිලිබඳ වැරදි ආකල්ප සහ අදහස් නිවැරදි කිරීම ප්‍රසිද්ධියේ මාධ්‍ය තුලින් කරන අපුරුව බලන්න.(නදී)
හොඳ අයෙක් (අ)
හිටපු කෙනා කොරියාවේ තානාපතිව සිටි කාලයේ නිතරම නාලා හිටියේ සොජු. (අ)
අපේ රටේ හොද පරිපාලන නිලදාරීන් ඉදිදිදී හොර දේහපාලුවෝ පත් කරන්නේ ඇයි.(නදී)
සකුණි, වටේ හිටපු අයට උලා කෑමට අසිත පෙරේරා ඉඩ දුන්නනම් අදටත් හසිත පෙරේරා ඉතාලියේ තානාපති.(නදී)
එතුමාගේත් වැඩ බලමුකෝ... (දී)