වසරකුත් මාස තුනක තම සේවය හාමාරකිරීමට කාලය එලැඹ ඇතැයි ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බෙනට් කුරේ මහතා එසැණට පැවසීය. තානාපති සේවයේ දේශපාලන පත්වීම් ලැබුවන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නව රජය තීරණය කිරීමත් සමග තමා ලංකාවට කැඳවා ඇතැයි ඔහු කීවේය.
‘මම එනකොට ඉතාලියේ ශ්‍රී ලාංකිකයින් දේශපාලන වශයෙන් යම් තරමට බෙදිලයි හිටියේ. ඔවුන් අතරට දේශපාලනය නොගෙනිහින් ඔවුන්ව සමඟ කරන්න මට පුළුවන් වුණා. මම හැමෝටම ඇහුම්කම් දුන්නා‘.
ජංගම සේවය නැවතිලයි තිබුණෙ. නැවත පටන්ගත්තා. බ්‍රාහස්පතින්දා හවස් වරුවේ රෝමයේ ශ්‍රී ලාංකිකයනට නිවාඩු නිසා මම තානාපති කාර්යාලයේ සේවය ඔවුන් වෙනුවෙන් වෙන් කළා.ලංකාවේ සංස්කෘතිය, සංවර්ධනය, සංචාරක විව්‍යාපරය ගැන ලියවුණු පුවත්පතක් සිංහල ඉංග්‍රීසි ඉතාලි හා දෙමළ භාෂාවලින් මසකට වරක් නිකුත් කරන්න මට පුළුවන් වුණා. පසුගිය වසරේ ජිනීවා මානව හිමිකම් සැසිවාරය අතරතුර ජිනීවා මානව හිමිකම් ආසියානු කලාපය භාර අධ්‍යක්ෂක හමු වී සාකච්ඡාවක් පැවැත්තුවා. යුරෝපා ත්‍රස්ත විරෝධී සංවිධානයේ ප්‍රධානියා හමු වී යුරෝපයේ කොටි ත්‍රස්තවාදීන් පිළිබඳව දැනුවත් කළා. ඉතාලියේ ජිවත්වන ශ්‍රී ලාංකිකයින්ගේ පොදු උත්සව වලට පෞද්ගලික වියදම් කරමින් මමත් මගේ නෝනත් සහභාගී වුණා අවස්ථා අනන්තවත් තිබුණ. ඉතාලියේදී දේශපාලන කළේ නැහැ. මම සතුටින් නැවත මගේ රටට යනවා. ‘ජනතාවගේ කැමැත්ත අනුව සිදු වුණු ආණ්ඩු පෙරළිය දිහා සුභවාදීව බලනවා. මම සහභාගී වන අන්තිම ජංගම සේවය මේ මාසේ 14/15 මිලානෝ නුවරදී පැවැත්වෙනවා‘.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තානාපති කෙනෙකුගේ කාර්යභාරය සහ තානාපති කාර්යාලයේ කාර්යභාරය අතර වෙනසවත් සමහරු දන්නේ නැති බවයි මට නම් පෙනෙන්නේ. තානාපති කියන්නේ ලංකා රජයේ රාජ්‍ය නායකයා වෙනුවෙන් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා සිටින නියෝජිතයා මිස ජංගම සේවා කරන්නවත්, පුවත්පත් පරිවර්තනය කරන්නවත් පත්කළ කෙනෙක් නොවේ. ඒවා කළයුත්තේ තානාපති කාර්යාලය මිසක් තානාපතිතුමා නොවේ. ලංකාව වෙනුවෙන් කළ සාර්ථක රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් මොනවාහරි තියනවා නම් ඒවා ගැන කියා ආඩම්බර වුණාට කමක්නැහැ. (නි)
හේමන්ත වර්ණකුලසුරිය මහත්තයා අපිට අත්හිටුවා තිබුන රියදුරු බලපත්‍රය නැවත ලබාදුන්නා.ඒවගේ දැනෙන සේවයක් කුරේ මහත්තයා කළේ නැහැ.ඉතාලියේ සේවය කරන දහස් ගණනක පිරිසට දැනෙන සේවයක් කරන්න පුලුවන් දක්ෂ උගත් බුද්ධිමත් මහත්තයෙක් තානාපති වී පැමිණේවා! (නි)
ඉතාලියට ජංගම සේවය අනිවාර්ය කළයුතුයි. ගුවන් ගමන් බලපත්‍ර, ඉතාලියේ ඉපදුන දරුවන්ගෙ උපත් පිළිබඳ ලියකියවිලි සකසා ගැනීම,ලංකාවෙ දේපල ප්‍රශ්න වලට ඇටර්නි බලපත්‍ර සකස් කරගැනීමට හා වෙනත් කරුණු රාශියක් ජංගම සේවය හරහා සිදුවෙනවා. එවැනි ජංගම සේවයක් තිබූවිට දහස් ගාණක් ශ්‍රී ලාංකිකයෝ තානාපති සේවය ලබාගන්නවා.නැත්නම් වෙන්නේ කිලෝමීටර සියගණන් දුර ගෙවාගෙන රෝමයට යාමට සිදුවීමයි. (නි)
විදේශ සේවයට යන්න මොනතරම් ඉගෙනගන්න ඕනෑද? (නි)
අපි නොදන්නා ජංගම සේවය! (නි)
අපි කැමතියි ඔබට ඇති සුදුසුකම් දැනගන්න (නි)
මම විදෙස් සේවයට බැඳුනේ විභාගය සමත්වෙලා. තානාපති සේවය පිරිහුනේ දේශපාලනය නිසා. (නි)
මමත් කී දවසක් රස්තියාදු වුණාද? (නි)
ඉතාලි තානාපති ලෙස යන අලුත් කෙනා එතන වී තිබෙන හොරකම් හොයලා ඉන්න, පළමුව. යහපාලනය එතනිත් අරඹන්න. හොරු මුලින්ම ගෙදර එවලා ඉන්න. (නි)
තිලක්, ඕකට වැඩිය ඉගෙනගන්න ඕනෑ නැහැ (නි)
බෙනෙට් කුරේ මහත්තයෝ කරුණාකර ඔයා සමග ලියුම් අත්සන් කරන නෝනා වත් ලංකාවට අරන් යන්න. (නදී)
මිනිසුන්ගේ ඡන්ද වලින් ඇවිල්ලා මිනිසුන්ව මඟහරින්න නරකයි (නි)
ඇත්තෙන්ම ඔබ කළ ජංගම තනාපති සේවය අගය කලයුතුයි .(හේ)
මෙම සේවයේ හිටපු කිසිම දෙයක් නොදත් පුද්ගලයා ඔහුයි. (නදී)
ඔබ කළැයි කියන ඒවා අලුත් දේවල් නෙමෙයි. ඕවා ඉස්සරත් කළා (නදී)
සතුටින් නැතිව දුකෙන් ආවයි කියන්නද? දේශපාලන කුක්කන්ව විදේශ සේවයට ගන්න එපා. රටම කනවා (නදී)
මෙයා ඉස්සර වරායේ චන්ඩියෙක්. (නදී)
මේ දේවල් ගැන ඇත්ත නැත්ත ඉතින් ඉතාලියේ ඉන්න අපේම අයගෙන් තමයි අහන්න වෙන්නේ.(හේ)
එයා කරලා තියෙන සේවයට කට්ටිය හොදට ඇගයීම් දෙන්නේ (නදී)
අපි නොදන්නා ඉතාලියේ කරපු ජංගම තානාපති සේවය කොහෙද තිබුනේ ?(නදී)
මේ දක්වා ඇති අදහස් දකිද්දී නම් හිතෙන්නේ බෙනට් කුරේ සතුටින් ඒම කෙසේ වෙතත් බෙනට් කුරේ යනවට නම් බොහෝ දෙනා සතුටු බවයි. මම ඉතාලියේ නොවන නිසා ඔහු කල කී දෑ ගැන අවබෝධයක් නැහැ. (නදී)
පසුගිය කාලයේදී ද්විත්ව පුරවැසිභාවය හා රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍ර ලබාදුන් ආකාරය ගැන විශේෂ විමර්ශනයක් සිදුකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. පසුගිය කාලයේදී පුද්ගලයින් දෙදහස් දෙසීයකට ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇත. පුද්ගලයින් 1800කට රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍ර ලබාදී ඇත. මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ. (නදී)
එයා එන්නේ අඩ අඩා මුණ මල ගෙයක් වගේ (නදී)
ඔතන ඉන්න අනෙක් සුදුසුකම් නැති අයත් ඉවත්කරන්න (නි)
තානාපති කම ගැන කිසිම දෙයක් දන් නැති කෙනෙක් මෙයා (නදී)
තානාපති සේවයට උගතුන් සහ බුද්ධිමතුන් යොදවන්න. ඒ වගේම ජාතික ලැයිස්තුවටත් උගතුන් හා බුද්දිමතුන් යොදාගන්න. මම කියන්නේ අවම පශ්චාත් උපාදියක්වත් තියෙන අය. (නදී)
සෑම් මහතාගේ අදහස මමත් අනුමත කරනවා. ශ්‍රීලංකාව පිලිබදව ලෝකය දරන ආකල්ප වෙනස් කල හැකි නියම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් ඉතාලියට අවශ්‍යයි. පසුගිය රජය විදෙස් තානාපති සේවය කාල නැති කරලයි තිබුනේ (නදී)
විදේශ සේවයේ පරිනතයින් පමණක් විදේශ සේවයට යවන්න. පැරදුනු දේශපාලකයින් යවන්න එපා. (නදී)
ඔබට රාජ්‍ය තාන්ත්‍රික දැනුමක් තිබුනද ? (නදී)