රෝමයේ නව ශි‍්‍ර ලංකා තානාපති නාවලගේ බෙනට් කුරේ මහතා පසුගිය දා රෝම ධර්මාශෝක විහාරස්ථානයට ගොස් තුනුරුවන්ගේ ආශිර්වාදය ලබාගත්තේය.
විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමියන්ගේ වහන්සේ නව තානාපතිතුමාට ආශිර්වාදය පළ කරමින් තානාපති කාර්යාලයෙහි පවතින අඩුපාඩු පෙන්වා දුන්නාය.
ඉදිරියට ශී‍්‍ර ලංකාව වෙනුවෙන් පෙනි සිටිමින් සාර්ථකව තානාපති ධූරයෙහි කටයුතු මෙහෙයවීම උදෙසා නව තානාපතිට අවවාද අනුශාසනා කළහ. එම උපදෙස් ඉතාම නිහතමානිව පිළිගත් කුරේ මහතා මහාසංඝරත්නයෙහි අවවාද අනුශාසනා ඉදිරියට ද බලාපොරොත්තු වන බව පැවසීය.
තානාපති කාර්යාලය සදහා නව ගොඩනැගිල්ලක් සොයා ගැනීම තමාගේ ප‍්‍රමුඛ කටයුක්තක් බව පැවසූ ඔහු එය ඉතාමත් ඉක්මනින් සිදු කරන බව පැවසීය. මෙම අවස්ථාවට විහාරවාසි කටුවන සිද්ධත්ථ හිමියන් සහ තානාපති බිරිද ද සහභාගි වුහ.
2025 දෙසැම්බර් මස 18
604
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෙනට් කුරේ බුදුන් වැඳ වැඩ අරඹයි
චමත් Thursday, 17 October 2013 06:13 PM
මාටින් , පිටරටවල වල තිබෙන ලංකාවේ පන්සල් ඔහොම තමයි. (නි)
සිරිමෙවන් Thursday, 17 October 2013 01:15 PM
ඔබ තුමාට උණුසුම් සුබ පැතුම්. (ස)
සදමාල් Thursday, 17 October 2013 01:30 PM
අපිට සතුටුයි ඔබ තුමාගේ පැමිණීම .අපි ඔබව සාදරයෙන් පිලිගන්නවා. ඔබවගේ නිහතමානී කෙනෙක් රෝමයට අවංක සේවයක් ඔබගෙන් බලාපොරොත්තු වෙමි(දිල්)
සනත් ,වෙරෝනා Thursday, 17 October 2013 02:18 PM
තානාපතිතුමනී, තානාපති කාර්යාලය එක් සේසත් කරන්න.ඔතැන ඉන්න අවස්ථාවාදීන් එලවා දමන්න. (ස)
මිලානෝ දර්ශන Thursday, 17 October 2013 02:47 PM
තානාපතිතුමනි, මිලානෝ අපගේ උණුසුම් සුබ පැතුම් !!! (ස)
ලුම්බිණි Thursday, 17 October 2013 02:59 PM
සියලුම දෙනා වැඩට බහින්නේ නම් පිරිත් නූල් එහෙම බැඳගෙන තමා.... (ස)
මාටින් Thursday, 17 October 2013 03:17 PM
මේක පන්සලක්ද? (ස)
මානෙල්- හිඹුටාන Friday, 18 October 2013 12:21 AM
සතුටුයි ඔබතුමාව දුටුවම (නි)
සදමල් Friday, 18 October 2013 12:44 AM
අපේ ගමේ කෙනෙක් තානාපතිතුමා වීම අපිට සතුටක්.මම ආඩම්බරයි ඔබතුමාගේ පැමිණීම ගැන.යහපතක්ම වේවා! ඔබට අපෙන් උපරිම සහය නිබදවම (නි)
කුමාර Thursday, 17 October 2013 03:29 PM
තානාපතිතුමා අනිකුත් විහාර ස්ථාන වලට යනකොට මෙවැනි ප්‍රසිද්ධියක් නැත්තේ මන්ද. (ස)
කේ.එච්.ආර්.කේ.දිසානායක Friday, 18 October 2013 01:36 AM
මෙතුමා ගැන මම දන්නවා (නි)
රෝමා Thursday, 17 October 2013 04:05 PM
යහපත් තැනකින් කටයුතු ආරම්භ කළ නිසා ඔබ තුමාට බොහෝ දුර ගමනක් යා හැකිය. අපේ සුභ පැතුම්!!!(නදී)
මාටින් Friday, 18 October 2013 05:24 AM
මම නම් කියන්නේ ඔහුට මෙහෙ ලංකාවේ පන්සලකින්ම වැඩ ආරම්භ කරලයි යන්න තිබුණේ (නි)
කමල් Thursday, 17 October 2013 05:17 PM
තමන්ගේ නුවණින්, තමන්ගේ හැකියාවෙන් සියල්ල තේරුම් ගනිමින් තම අවංක දෑ හිතැති අදහස් ක්‍රියාත්මක කරන්න. කේලාම් වලට නොරැවටෙන්න. හොදට පෙනෙන කෙනා හොද විය හැක, සමහර විට නරක විය හැක. නරකට පෙනෙන පෙන්නන කෙනා හොද විය හැක. නැත්නම් ඇත්තටම නරක විය හැක. අධ්‍යයනය කර තීරණ ගන්න (නි)