රෝමයේ නව ශි‍්‍ර ලංකා තානාපති නාවලගේ බෙනට් කුරේ මහතා පසුගිය දා රෝම ධර්මාශෝක විහාරස්ථානයට ගොස් තුනුරුවන්ගේ ආශිර්වාදය ලබාගත්තේය.
විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමියන්ගේ වහන්සේ නව තානාපතිතුමාට ආශිර්වාදය පළ කරමින් තානාපති කාර්යාලයෙහි පවතින අඩුපාඩු පෙන්වා දුන්නාය.
ඉදිරියට ශී‍්‍ර ලංකාව වෙනුවෙන් පෙනි සිටිමින් සාර්ථකව තානාපති ධූරයෙහි කටයුතු මෙහෙයවීම උදෙසා නව තානාපතිට අවවාද අනුශාසනා කළහ. එම උපදෙස් ඉතාම නිහතමානිව පිළිගත් කුරේ මහතා මහාසංඝරත්නයෙහි අවවාද අනුශාසනා ඉදිරියට ද බලාපොරොත්තු වන බව පැවසීය.
තානාපති කාර්යාලය සදහා නව ගොඩනැගිල්ලක් සොයා ගැනීම තමාගේ ප‍්‍රමුඛ කටයුක්තක් බව පැවසූ ඔහු එය ඉතාමත් ඉක්මනින් සිදු කරන බව පැවසීය. මෙම අවස්ථාවට විහාරවාසි කටුවන සිද්ධත්ථ හිමියන් සහ තානාපති බිරිද ද සහභාගි වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාටින් , පිටරටවල වල තිබෙන ලංකාවේ පන්සල් ඔහොම තමයි. (නි)
ඔබ තුමාට උණුසුම් සුබ පැතුම්. (ස)
අපිට සතුටුයි ඔබ තුමාගේ පැමිණීම .අපි ඔබව සාදරයෙන් පිලිගන්නවා. ඔබවගේ නිහතමානී කෙනෙක් රෝමයට අවංක සේවයක් ඔබගෙන් බලාපොරොත්තු වෙමි(දිල්)
තානාපතිතුමනී, තානාපති කාර්යාලය එක් සේසත් කරන්න.ඔතැන ඉන්න අවස්ථාවාදීන් එලවා දමන්න. (ස)
තානාපතිතුමනි, මිලානෝ අපගේ උණුසුම් සුබ පැතුම් !!! (ස)
සියලුම දෙනා වැඩට බහින්නේ නම් පිරිත් නූල් එහෙම බැඳගෙන තමා.... (ස)
මේක පන්සලක්ද? (ස)
සතුටුයි ඔබතුමාව දුටුවම (නි)
අපේ ගමේ කෙනෙක් තානාපතිතුමා වීම අපිට සතුටක්.මම ආඩම්බරයි ඔබතුමාගේ පැමිණීම ගැන.යහපතක්ම වේවා! ඔබට අපෙන් උපරිම සහය නිබදවම (නි)
තානාපතිතුමා අනිකුත් විහාර ස්ථාන වලට යනකොට මෙවැනි ප්‍රසිද්ධියක් නැත්තේ මන්ද. (ස)
මෙතුමා ගැන මම දන්නවා (නි)
යහපත් තැනකින් කටයුතු ආරම්භ කළ නිසා ඔබ තුමාට බොහෝ දුර ගමනක් යා හැකිය. අපේ සුභ පැතුම්!!!(නදී)
මම නම් කියන්නේ ඔහුට මෙහෙ ලංකාවේ පන්සලකින්ම වැඩ ආරම්භ කරලයි යන්න තිබුණේ (නි)
තමන්ගේ නුවණින්, තමන්ගේ හැකියාවෙන් සියල්ල තේරුම් ගනිමින් තම අවංක දෑ හිතැති අදහස් ක්‍රියාත්මක කරන්න. කේලාම් වලට නොරැවටෙන්න. හොදට පෙනෙන කෙනා හොද විය හැක, සමහර විට නරක විය හැක. නරකට පෙනෙන පෙන්නන කෙනා හොද විය හැක. නැත්නම් ඇත්තටම නරක විය හැක. අධ්‍යයනය කර තීරණ ගන්න (නි)